Julia’s Eyes (2010) Sinhala Subtitle
එක ලඟ ඉංග්‍රීසි චිත්‍රපට දෙකකට සබ් දීපු හින්ද හිතුණ ස්පාඤ්ඤ චිත්‍රපටයකට සබ් දෙන්න.ඇත්තටම කිව්වොත් මේක කරන්න පටන්ගත්තෙ ඩොක්ට ස්ට්‍රේන්ජ් එකට කලින් වුණත් ඩොක්ට ස්ට්‍රේන්ජ් එකේ හොඳ ප්‍රින්ට් එකක් ආපු නිසා මේක ටිකකට නවත්තල ඩොක්ට ස්ට්‍රේන්ජ් එකට සබ් දුන්නා.ඒ වගේම මතක් කරන්න ඕනෙ Subz LK අඩවියෙ හැමදෙනාවමත්,දෙපාරක් නොහිතා මාව මේ අඩවියට සම්බන්ධ කරගත්ත දමිත් ප්‍රියංකරව සහ වැඩිපුරම මාත් එක්ක ගණුදෙනු කරන කවීෂ සහෝදරයව.ඒ වගේම කමෙන්ට් එකකින් අපිව දිරිමත් කරන අයවත්.ඒගොල්ල හින්දයි මං Subz LK එක්ක මේ තරම් දුරක් ආවෙ වගේම ඉදිරියටත් හැමදාමත් Subz LK එක්කම ඉන්නයි මගේ බලාපොරොත්තුව…
දැන් යමු චිත්‍රපටය පැත්තට මේක 2010 වසරේ නිකුත් වුණ ස්පාඤ්ඤ චිත්‍රපටයක්.ස්පාඤ්ඤ ෆිල්ම් බලන අය දන්නවනෙ මේවට ඉංග්‍රීසි ෆිල්ම් පරාදයි කියල මේකත් ඒ වගේ එකක් තමයි. මේකෙ නියම නම Los ojos de Julia, ඉංග්‍රීසි නම තමයි Juliya’s eyes .
හොරර්, මිස්ට්‍රි, ත්‍රිලර් ඝණයට අයිති වෙන මේ චිත්‍රපටයෙ Imdb අගය සටහන් වෙන්නෙ 6.7 කියල වුණත් මගේ අදහසනම් මේකට අඩුමගාණෙ 7.2ක්වත් හම්බවෙන්න ඕනෙ. හැබැයි Rotten Tomatosල නම් මේකට ලැබිය යුතු විදියට 91%ක දැවැන්ත අගයක් ලබාදීල තියනවා.
ෆිල්ම් එක පටන්ගන්නෙ කාන්තාවක් සියදිවි නසාගන්න දර්ශනේකින්. ඇය නමින් සාරා ඒ වගේම ඇය අන්ධ කාන්තාවක් ජීවත් වෙන්නෙ තනියම. සාරාගෙ නිවුන් සහෝදරිය තමයි මේ කතාවෙ ප්‍රධාන චරිතය ඇයගෙ නම ජූලියා. ඇය ජීවත් වෙන්නෙ වෙනම ඒ කියන්නෙ තමන්ගෙ සැමියාවන අයිසැක් සමග ජූලියාටත් සාරගෙ අසනීපයම තියනවා ඒ කියන්නෙ ක්‍රම ක්‍රමයෙන් පෙනීම නැතිවේගන යනවා.ඉතිං කාලෙකින් තමන්ගෙ සහෝදරියව වන සාරාව බලන්න ගියෙත් නැති නිසා ජූලියා සහ අයිසැක් දෙන්නා යනවා සාරව බලන්න. ගියාම තමයි දැනගන්නෙ සාරා දිවිනසාගෙන කියල. සැකකටයුතු දෙයක් නැතිවුණත් ජූලියාට මේ මරණය සැක සහිතයි. ඇය හිතන්නෙම සාරගෙ මරණය සියදිවි නසාගැනීමක් නෙමෙයි මිණීමැරුමක් කියල. සාක්ෂි මුකුත් නැති නිසා කවුරුවත් ජූලියාව විශ්වාස කරන්නෙත් නෑ. ඉතිං ඇය තනියම මේ ගැන හොයන්න පටන්ගන්නවා. හොයද්දි ඇයට දැනගන්න ලැබෙනවා සාරාට පෙම්වතෙක් හිටිය බව. හැබැයි මේ පෙම්වතා කාටවත් පේන්නෙ නෑ, දැකපු කෙනෙක්ට මතකත් නෑ. සාක්ෂියක් කියල මොනවමහරි හම්බවෙනකොට ඒකත් අතුරුදහන් වෙලා යනවා. කෙටියෙන් කිව්වොත් ජුලියා පැටලෙන්නෙ පඹ ගාලක ඒ හිතේ කරදර හින්ද ඇගේ පෙනීමත් වේගයෙන් අඩුවෙනවා. නමුත් වාසනාවට ඇයට ශල්‍යකර්මයක් මගින් නැවතත් පෙනීම ලබාගන්න අවස්ථාවක් ලැබෙනවා.
හැබැයි එතනින් තමයි මේ සේරම කතාව පටන්ගන්නෙ මං මෙතනින් නවත්තන්නම් මොකද කතාවෙන් භාගයක් විතර මෙතන ලිව්වම බලන්න දෙයක් නැතිවෙනවා.. නරඹලම බලන්න සාරාගෙ මරණය ඇත්තටම මිනීමැරුමක්ද නැත්තං ජූලියාගෙ හිතේ මැවෙන දෙයක් විතරද? කවුද මේ නොපෙනෙන පුද්ගලයා? ඔහු ඇත්තටම සාරගෙ පෙම්වතාද? මෙකී නොකී ප්‍රශ්ණ සේරටම උත්තර ලැබේවි චිත්‍රපටය බැලුවම. හොඳ අවධානයෙන් බලන්න. ඇත්තටම බලන්න වටින චිත්‍රපටයක් මේක. අවසානය වෙනකම්ම අපිව කුතුහලයෙන් තියන්නත් මේ චිත්‍රපටය සමත්.
විශේෂයෙන් කියන්න තියෙන්නෙ මේක තියන දර්ශන කීපයක් නිසා වැඩිහිටි කට්ටිය විතරක් බැලුවොත් තමයි හොඳ…
නියමයි මචෝ..
වෙනස් විදිහක ෆිලුමක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය….
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Adee maru filumak wagee.. thanks macho
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා..!!
Thanks guys
බොහොම ස්තුතියි සහෝ…
ස්තූතියි සහෝ
elama saho thanks
Thx bro makat balanna one save kara stuthi
Thanks bro