Counterpart (2018) [S01 : E01] Sinhala Subtitle
සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න එහෙනම් තවත් අලුත්ම අලුත් සුපිරි ටෙලි කතාවක් අරන් ඔයාලව හමුවට ආවා.මේක මම කරන (සම්පූර්ණ) තුන්වෙනි ටෙලි කතා මාලාව.මේ සීරිස් එකේ නම Counterpart. විකාශනය ආරම්භවුනේ මේ මස 21 වෙනිදා STARZ නාලිකාවේ.මේ වෙනකොට එක් කොටසක් පමණක් විකාශනය කරලා තියෙන මේ ටීවි සීරිස් එක මේ වන විට IMDB අගය 8.5 වගේ ඉහලම අගයක් අරන් තියෙනවා.ඒ වගේම කුණු තක්කාලි අගය 100% ගන්න මේ සීරිස් එක වෙනස් ම මාතෘකාවකින් නිර්මාණය වුන එකක්.මේ සීරිස් එක සඳහා සම්මානලාභී නළු J.K Simmons ප්‍රධාන චරිතය නැත්තම් ද්විත්ව චරිත නිරූපණයක් කරනවා.
එහෙනම් කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්,
Counterpart.S01.E01 එකම කෙනෙක් ලෝක දෙකක්…
හෙතෙම හොවාර්ඩ් සිල්ක් නම් එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවකයෙක්.ඔහු අවුරුදු 30 ක් පුරාවට මෙම ආයතනයේ සේවය කලද,මෙතෙක් නොදැන සිටි රහසක් පිලිබඳව දැනගන්නවා…ඒ මීට වසර 30 කට පෙර කරන ලද එක්තරා පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස විවර වූ අන්තර්මාන දොරටුවක් නැතහොත් වෙනත් ලෝකෙකට යා හැකි දොරටුවක් ගැන.ඒ ලෝකයේ ඇති විශේෂත්වය නම් මෙලොව සිටින සෑම කෙනෙකුගේම පිටපතක් වැනි අයෙක් එම ලෝකයේ ජීවත්වීමයි.නමුත් වෙනස් වූ හැසිරීම් හා සිතුවිලි එක්ක.මේ අතරේ නඟරයෙ මිනී මැරීම් වගයක් සිදුවෙනවා.ඒ බෝල්ඩ්වින් නම් පෙර කී අනෙක් ලෝකයෙන් පැමිණි මිනීමරු කාන්තාවක් විසින්.මේ ගැන හොවාර්ඩ් සේවය කරන ආයතනට කියන්න අනෙක් ලෝකයෙන් කෙනෙක් පැමිණෙනවා.ඒ හොවාර්ඩ්ගේ ප්‍රතිමූර්තය නැත්නම් අනෙක් කෙනා.ඒ සමඟ ම බෝල්ඩ්වින් මිනීමරු ලැයිස්තුවක් අනුව මෙම ඝාතන කරන බව ඔවුන් දැනගන්නවා.ඉතින් ඒ ලැයිස්තුව කුමක් වේවිද…මේ සිදුවීම එක්ක හොවාර්ඩ් ගේ ජීවිතයට කුමක් වේවිද…දිගටම රැඳී සිටින්න Counterpart සමඟ.
දී ඇති පිටපත සඳහා ලබා දී ඇති උපසිරැසි ගැලපේ
Thanks sub ekata.
බොහොම ස්තුතියි සමීර.
Thanks machan sub ekata
ම්ං මේක තාම බලන්න ගත්තෙ නෑ ……. මචං උඔල සමහර වෙලාවට sub දෙන එක නතර කරනව …….. එහෙම කරන්න එපා ……