...::::COUNTERPART පලමු කතා සමය 3 වන කොටස::::...
(එමලි)සුබ දවසක් වේවා අපේ subzlk වාසීන්ට...හරි හරි මම දන්නවා මාව මරන්න තරම් කේන්ති ඇති තමයි.ඒත් ඉතින් මොනා කරන්නද?ගොඩක් වැඩ තිබුණු කාලයක් තමයි යන්තම් ඉවරවෙලා ගියේ.කොහොමහරි ඉතුරු කොටස් ටිකත් බොහොම ඉක්මනට ඔයාලා හමුවට අරන් එන්න බලාපොරොත්තු වෙනවා.
එහෙනම් අපි හැමෝටම මතක් වෙන්නත් එක්ක කලින් කොටස මතක් කරගමු.මතක ඇතිනේ අර බෝල්ඩ්වින් වගේ මේ ලෝකේ හිටිය ගෑනු ළමයා.ඔල්ඩ්‍රිච් ගේ මිනිස්සු අතින් ඇයව ඝාතනය වෙනවා.ඊට පස්සේ බෝල්ඩ්වින්ව පොලිස් අත්අඩංගුවට ගන්නවා.මේ සිදුවීම ගැන ආරංචි වෙලා එහා ලෝකේ අය මෙහෙට එන්නයි හදන්නේ.ඒ බෝල්ඩ්වින්ව ආපහු තමන්ගේ ලෝකෙට අරන් යන්න.....
...එහා ලෝකෙන් මේ සිදුවීම ගැන විමර්ශනයකට එනවා නියෝජිතයෝ දෙන්නෙක්.ඒ වෙනකවුරුත් නෙවෙයි එහා ලෝකේ ඉයන් සහ එමිලි.හොවාර්ඩ්,පීටර් ඇතුලු කණ්ඩායමට ඕනි වෙලා තියෙන්නේ බෝල්ඩ්වින්ව ආපහු එහා ලෝකෙට අරන් යන එක නවත්තන්න.ඉතින් ඒගොල්ලෝ මොනවා කරයිද මේක නවත්තන්න...මේ කතාව බලන අයට ඇති වෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එහා ලෝකේ හොවාර්ඩ් හදිස්සියේම මේ ලෝකෙට ආවේ ඇයි සහ හොවාර්ඩ්ට මේ ලෝකේ තොරතුරු එහා ලොකෙට දුන්නේ,නැත්තම් හොවාර්ඩ්ට උදව් කලේ කවුද කියන එක,ඔන්න එහෙනම් අද කොටසින් මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි.අද කොටස මම නම් කරන්නේ "එමිලි" කියන නමින්.ඒකට හේතුව කතාවේ අවසාන හරියෙදි තේරෙයි.මේ කොටස විකාශය වුනේ පසුගිය පෙබරවාරි 4 දින.මේ කොටසට හිමි වෙලා තියෙන IMDB අගය 8.5 ක්.
එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.තෙරුවන් සරණයි.ඔබට ජය!!!





Android 6Chrome 65
බොහොම ස්තූතියි සහො උපසිරැසියට 🙂 ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු 🙂😍
Windows 10Chrome 65
සිංහල උපසිරැසියට ස්තූතියි “The thin blue line” tv series eka subtitle karala denna. Rowan Atkinson main role eka play karanne.
Windows 8.1Firefox 59
thanks saho sub ekata. jaya wewa!! anik tikath ikmanata demu.
Windows 7Firefox 59
elas brooo
Android 8Chrome 69
Thanks machan sub ekata