මේක මගේ පළමු උපසිරැසිය. නිකන් ඉන්න ගමන් ආසාවට උපසිරැසියක් කරන්න ඕන කියලා පටන් ගත්තට ඒකේ තියෙන අමාරුව තේරුනේ වැඩේ පටන් ගත්තට පස්සේ. කොහොමහරි දවස් 2ක් ගියා වැඩේ ඉවර කරන්න.
චිත්‍රපටය ගැන කිව්වොත් Magical, Romantic කාණ්ඩයට අයිති වෙන Japan Anime නිර්මාණයක්. නසුනා කියන ගැහැණු ළමයත් නොරිමිචි කුන් කියන පිරිමි ළමයත් අතර ගලා යන ටිකක් වෙනස් විදියෙ ආදර කතාවක්. චිත්‍රපටය පුරාම ලොකු ප්‍රශ්නයක් හැමෝටම තියෙනවා. ඒ මල්වෙඩි පත්තු වෙනකොට පේන්නෙ රවුමටද නැත්තන් පැතලි හැඩේටද? ඒක දැනගන්නනං Film එක ඉවර වෙනකන් බලන්න වෙනවා.
මෙම චිත්‍රපටය පිලිබද වැඩි විස්තරක් කිව්වොත්,
IMDb 5.5/10 ක අගයක් ගන්නත් google පරිශීලකයන්ගේ 90% ක මනාපය ලබාගන්නත්, Fireworks (Uchige Hanabi, Shita Kara Miru ka? Yoko Kara Miru ka?) නිර්මණය 2017 අගෝස්තු මාසයේ තිරගත වීම අරඹා ලොව පුරා මිලියන 26ක ආදායමක් උපයා ගන්නත්, 2017 වාසරේ හොදම ආදායම් ලැබූ Anime චිත්‍රපට කාණ්ඩයේ 7 වෙනි ස්ථානය ලබා ගන්නත් සමත් වෙනවා.
මම වෙන මොකුත් නොකියා මෙතනින් නවතිනවා. මගේ පළමු උපසිරැසිය නිසා අඩුපාඩු ගොඩක් ඇති. ඒවටත් සමාව ඉල්ලන ගමන් කතාව රසවිදින්න කියලා ආරාධනා කරනවා. හැමෝටම ජය වේවා!





Windows 10Chrome 72
පලමු උපසිරැසි ගැන්වීමට සුබ පැතුම් සහෝ!
ජය වේවා!
Windows 10Chrome 72
පලවෙනි උපසිරසියට හදවතින්ම සුබ පතනවා සහෝ,දිගටම මේ වගේ උපසිරසි නිර්මාණ ලබා දෙන්න.දිගටම Subz.lk එකත් එක්ක ඉන්න.😜😜😜
Windows 10Chrome 72
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Windows 10Opera 58
උපසිරැසියට ස්තූතියි සහෝ.ඉදිරියටත් anime වලට සබ් දෙන්න.ජය වේවා!
Android 5.1Samsung Browser 3.3
පලමුවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ…
Android 4.2Chrome 66
Supiri bro..
Windows 7Opera 58
thank u..*