Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් කතා මාලාවේ දෙවෙනි චිත්‍රපටයේ උපසිරැසියත් අරගෙන ආවා. පළවෙනි එක හැමෝම බලන්න ඇති කියලා හිතනවා. එහෙමනම් වෙනදා වගේම චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.
2002 නොවැම්බර් මස 15වෙනි දින තිරගත වුණ, හැරී පොටර් දෙවෙනි චිත්‍රපටය නම් කරලා තියෙන්නේ – Harry Potter and the Chamber of Secrets – නමිනි. IMDb ශ්‍රේණි දර්ශකයේ 7.4ක අගය ලබාගෙන තිබෙන මෙම චිත්‍රපටයේ ධාවන කාලය පැය 2යි විනාඩි 54ක්. (Extended)
චිත්‍රපටයේ කතාව ගැන කියනවනම්, පුරාවෘත්තයකට අනුව හොග්වෝර්ට්ස් බලකොටුව ඇතුලේ රහස් කුටීරයක් තියෙනවා කියලා හැමෝටම දැනගන්න ලැබෙනවා. හැබැයි මේ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ හැරී, රොනුයි ඒවගේම හර්මයිනියි. ස්ලිදරින්වල උරුමක්කාරයා විතරයි හරියටම දන්නේ ඒක විවෘත කරන්නේ කොහොමද කියලා. නමුත් කවුරුවත්ම දන්නේ නෑ ස්ලිදරින්වල නියම උරුමක්කාරයා කවුද කියලා. කොහොමෙන් හරි ඒ රහස් කුටීරය වතාවල් කිහිපයකදි විවෘත වෙනවා. ඉතින් විවෘත වන හැම සැරයකම නපුරක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පාසලේ ඉන්න ළමයි ගල් ගැහෙනවා. ඉතින් මේ ඉරණමට ළමයි කිහිප දෙනෙක්ටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අතර හර්මයිනිත් ඉන්නවා. ඉතින් මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා දැනගන්න ඕනේ නම් කතාව බලන්න වෙනවා. එහෙනම් ඉතින් දැනට මං සමුගන්නවා.
ඔබ සැමට බුදුසරණයි!
ලබා දී ඇති උපසිරැසි අදාළ පිටපත සඳහා පමණක් ගැලපේ. (Extended Version)
sub ekata thanks saho
හැරී පොටර් කථා මාලාව කියන්නේ පොඩි කාලේ ගොඩාක් ආසාවෙන් බලපු ෆිල්ම් සෙට් එකක් . ෆිල්ම් මාලාවටම සබ් කරන්න අනිවාර්යයෙන්ම බලනවා . බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
එලම සහෝ දිගටම මේ කතා ටිකටම sub එක දෙන්න.ඒ වගේම උපසිරසියට ස්තුතියි සහෝදරයා.
මුලින්ම බොහොම ස්තූතී දෙවන කොටසෙ Extended එකටත් sub ලබාදුන්නට..
අනික් ෆිල්ම් වලට අනෙක් වෙබ් අඩවි වලින් ගැලපෙන උපසිරැසි ලබාදී ඇති නිසා.. මීළඟට
Lord of the Ring trilogy එකේ Extended වලට උපසිරැසි ලබාදෙන්න පුලුවන් නම් ගොඩක්ම ස්තූතිවන්ත වෙනව..
මොකද ඒ උපසිරැසි ලබාදෙනකන් හුඟක් දෙනා මඟබලන් ඉන්නෙ
Good Luck Bro 💪😊..
thank you sub 1kata
ස්තුතියි සහෝ..
Mcn avasana film dekata sub diyannko plz
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Thanks ban.anith extended tikath diyan
Niyamai. digatama subz one. Thanks sub ekata.
බොහොම ස්තූතියි සහෝදරයා…❤️🎉🎊 ඉක්මනටම ඉතිරි ටිකටත් උපසිරැසි දෙන්න….ජය වේවා.. තෙරුවන් සරණයි…!!!!
ටීවී එකේ බලලා තිබුනට පිළිවෙළකට බලලා තිබුනෙ නෑ. ස්තුතියි උපසිරැසියට.
ජයවේවා..
තෙරුවන් සරණයි…!