Haunters (2010) Sinhala Subtitle
ඉතින් කොහොමද මුලින්ම සුබම සුබ අලුත් අවුරුද්දක් පතන අතර මේ දැන් රටේ ඇති වෙලා තියෙන අවාසනාවන්ත සිදුවීම ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. වගේම කට්ටියම පාරේ යනකොට පරිස්සම් වෙන්න හොදද…පොස්ට් ලියන එක තමයි මට බැරිම 50 වෙනි සබ් එක වුනත් මට විශේෂ දෙයක් ලියන්න තේරෙන්නේ නැහැ. මං කියුව විස්තර වල අවුල් තියේ නම් සමාවෙන්න ඕන. මුලින්ම කියන්න ඕනේ අහම්බෙන් subz.lk පවුලට ඇවිත් මෙච්චර දුර ආවා මන් 50 වෙනි සබ් එක වෙනකන්ම. මුලින්ම මං සබ් එක දුන්නේ scholer who walks in the night කොරියන් drama එකේ අන්තිම ep 5 ට ඒකට සබ් දාන්න ගන්නකොට නම් මං මෙච්චර දුර එන්න හීනෙකින් වත් හිතුවේ නැහැ. නමුත් නොදැනුවත්වම ආවා.මං දැන් තවම සබ් දෙන කොරියන් drama දෙකේම අන්තිම හරිය යන්නේ ඒ දෙකත් ඉක්මනට ඉවර කරනවා කියන්න ඕන. subz.lk පවුලට මාව එකතුකර ගත්ත subz.lk පවුලේ admin වරුන්ටද උපසිරැසිකරුවන්ටද ගොඩක් ගොඩක් ස්තූති කරන අතර 50 වෙනකන් මාත් එක්ක එකට හිටිය රසිකයන්ටද ගොඩාක් ගොඩාක් ස්තුති කරනවා.හැමදේටම වඩා සබ් එක එනකන් ඉවසන් ඉන්නවට ගොඩක් ස්තුතියි.තව මට හිත රිදෙන එකම එක comment එකක් ආවාම මගේ පැත්තට කතා කල සහෝදරවරුන්ටද ගොඩක් ගොඩක් ස්තුතියි.වගේම මගේ සබ් වලට comment දාන මාත් එක්ක මෙතෙක් කල් හිටිය සැමටම ගොඩක් ස්තුතියි.

Psychic(2010) මානසික
මේ කලබල අස්සේ මං 50 වෙනි සබ් එක දෙන්න හේතුවේ ඇඩ්මින්තුමා මට කියුවා 50 වෙනි එකට හොද ෆිල්ම් එකකට සබ් දෙන්න කියලා.මට එක කියලා නම් ටිකක් කල් වෙනවා.මං අලුත් අවුරුද්දත් එක්ක කාර්යබහුල වුනු නිසා පරක්කු වුනා.දෙන්න හැදුවේ romance කතාව කට නමුත් මං ඒක දෙන්නේ නැතුව crime thiller ගනයට අයිති මේ කතාව දෙනවා.මේ කතාව මං සබ් දාන්න පටන් ගත්ත මුල් දවස් වල සබ් දාපු කතාවක්.
මේ කතාව ගැන කියුවොත් නම් huanted කියලත් Psychic කියලත් කියනවා ඉංග්‍රීසි වලින් හන්ගුල් නම එනම් කොරියන් නම 초능력자 (Cho-neung-ryeok-ja) වෙන්නේ. මේක 2010 අවුරුද්දේ තිර ගත වුනු ෆිල්ම් එකක් ප්‍රධාන නළුවන් දෙදෙනෙක් ඉන්නවා.ඒ දෙන්නා වටා කතාව ගෙතෙන්නේ.ගන්ග් ඩොන්ග් වොන් (gang dong won)කියුවම අහලා තියෙනවද දන්නේ නැහැ .
මෙයා තමයි Illang: The Wolf Brigade කියන ලගදී තිරගත වුනු ෆිල්ම් එකේ ඉන්න ප්‍රධාන චරිතයක් ඒ ෆිල්ම් එක අපේ subz පවුලේ සාමාජිකයෙක් සිංහල සබ් දාලා තිබ්බා.මෙයා කතාවේ චෝ ඉන් නමින් හිටියත් කතාවේ එකම තැනකවත් මෙයාගේ නම කියවෙන්නේ නැහැ.මොහුට පුළුවන් මොහුගේ මනසින් මිනිසුන්ව පාලනය කරන්න.
අනිත් කෙනා තමයි ගෝ සූ (go soo) මොහුත් කොරියාවේ දක්ෂ ප්‍රසිද්ද නළුවෙක්. මොහු මේ කතාවේ ඉම් ග්යෝ නම් විදියට ඉන්නේ. මෙයාට එයාම නොදන්නා super natural බලයක් පිහිටලා තියෙනවා.කතාව ගැන කියුවොත් super natural බල තියෙනවා නේද ඒ වගේ බලයක් තියෙනවා.දෙන්නගෙන් කෙනෙක්ට.super natural කතා කියුවම ඔයාලා ගොඩක් කතා විවිධ ඒවා බලලා ඇති ඒ බල වලින් මිනිස්සුන්ට උදව් කරන ඒවා.ඒ බල නිසාම මිනිස්සුන්ට කරදර වෙන දේවල්. මේ කතාවේ ගොඩක් වෙනස් සිදු වීමක් ගැන කියන්නේ.මං කතාවේ මුකුත්ම කියන්නේ නැහැ ඔයලා බලලාම කියන්නකෝ කතාව හොදද කියලා.
“ඇයි මගේම දෙමාපියන් පවා මාව මරන්න හදන්නේ.”
“මෙහෙම ඉපදුනු එක.”
“ඒක මගේ වරදක් නෙමේ”
“අනිත් අයට වඩා වෙනස් කියන එක. ”
“ඔයාලා කාටවත් කවදාවත් තේරුම් ගන්න බැරි වෙයි.”
“ඒවගේම මමත් ඔයාලා එක්ක එකට ජිවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැ”
“ඔයාලා මට රාක්ෂයෙක් කියලා කතා කලත්”
“අන්තිමට මං විශ්වාස කරන එකම දේ”
“මාව රාක්ෂයෙක් කරපු”
“ඒ බලය විතරයි.”
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනව සහෝ! අපේ අඩවියෙ තවත් ධෛර්යවන්ත උපසිරැසිකරුවෙක් වැදගත් කඩයිමක් පසු කරලා තියෙනවා..කව්රු මොනා කියුවත් අපි දන්නවා මෙච්චර දුර ගමනක් එන එක ලේසී නෑ කියලා.පෞද්ගලික වැඩ පසෙකලා කොහොම හරි වෙලාවක් හොයාගෙන සබ් එක කරනවා.ඉතිං මෙතනින් නොනැවතී තව කඩයිම් කරා යමු. 100, 150, 200 වගේ කඩයිම් වලටත් යන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම ඉදිරි කටයුතු සියල්ලම ඉතාමත් හොඳින් සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා!!! සබ් එකටත් බොහොම ස්තූතියි!
බොහොම ස්තුතියි.
elama sissss thawa sub onee…
තව දෙන්නම්.මුලින් drama දෙක ඉවර කරලා.
හම්මෝ ඇති යන්තම්…මේක දෙන්නේ කවදද කියලා බලා ගෙන හිටියේ(50 වෙනි sub එක).පහු ගිය ටිකේ රටේ සෑහෙන කලබල තියෙන වේලේ මේ විදිහට sub දෙන එක අමාරුයි වගේම ඒකට හිත යොද වන්නත් හරිම අමාරුයි.අහ්හ් ඒ වගේම අර love film එකටත් sub දෙන්න හොඳේ.ඒ වගේම හද වතින්ම සුබ පතනවා මේ 50 වෙනි උපසිරසි නිර්මාණය නැත්නම් ඔයාගේ පලවෙනි කඩයිමට.ඒ වගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථක ලෙස කර ගෙන තවත් ඉදිරි කඩයිම් සඳහා යාමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.ඒ වගේම කියන්න කැමතියි site එකේ දැනට ඉන්න එකම කාන්තා නියෝජිත උපසිරසි කරුවා 50 කඩයිම පහු කිරීම ගැන සෑහෙන්න සතුටක් දැනෙනවා.ඉතින් සහෝදරිය ඔයාගේ වැඩ කටයුතු තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම පතනවා………………!!!!!!!(memories of the alhambra කතාව ඕනේ හොඳේ.ඇත්තටම ටිකක් මේක නැහැ කියලා දුකෙන් හිටියේ.)
බොහොම ස්තුතියි.දෙන්නම් දෙන්නම්.ඉක්මනටම දැනට තව ටිකක් ඉවසන් ඉන්න.හොදේ.memories of the alhambra පරක්කු වුනු එකටනම් ගොඩක් සමාවෙන්න.
අම්බෝ නියමයි!ඇත්තට සතුටුයි.ඔයා දෙන කොරියන් කතා ආසාවෙන් බලනවා.ඔයා දෙන kings love කතාව අපේ ගෙදර හැමෝම බලනවා..ගොඩක් ස්තුතියි මේ සේවයට!!e wagema 50 sub ekta suba pathanawa.igenime katayuthu sarthaka wenna parthana krnwa …
බොහොම ස්තුතියි.අහන්න සතුටුයි මුළු පවුලම බලනවා කියන එක ඒ කතාව දැන් අන්තිම ටික ඉක්මනට සබ් දෙනවා හොදද.
Thank you sis sub ekata…
Jaya wewa!
බොහොම ස්තුතියි.
අපේ වෙබ් අඩවියේ පළමු කාන්තා නියෝජනය, අද දවසෙදි උපසිරැසි ගමනේ පළමු කඩයිම් කණුව පසු කරලා😍 ඇත්තටම ගොඩක් සතුටුයි වෙබ් අඩවියේ ප්‍රමුඛතම උපසිරැසිකරුවන් ගොන්නට ඔබත් එකතු වීම ගැන. උපසිරැසි 50 ආරම්භයක් කරගෙන තව දිගු ගමනක් යන්නට සුබ පතනවා හදවතින්ම! ශ්‍රී ලංකාවේ අතිමහත් වූ කොරියානු කතාමාලා චිත්‍රපට රසික රසිකාවියන් වෙනුවෙන් කරන්නා වූ මෙහෙයට බෙහෙවින් ස්තූතියි!
තව තවත් උපසිරැසි කරණයේ යෙදෙන්නට සහ තමන්ගෙ පෞද්ගලික ජීවිතේ අරමුණු බලාපොරොත්තු ඉටු කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
බොහොම ස්තුතියි.
50වෙනි උපසිරැසිය වෙනුවෙන් හදවතින්ම සුභ්a පතනෝ!ඔහොමම century එකත් ගහන්න ශක්තිය දෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!සබ් එකට බොහොම ස්තූතියි.
බොහොම ස්තුතියි.
Thanks. Niyama film ekak.
So congratulations.
බොහොම ස්තුතියි.
ඉෂි ට වැඩියෙන්ම thank you කියන්න ඕන කෙනා මම ..වැඩ හින්දා මාගේ අතින් නැවතුන scholer who walks in the night කතාවේ ඉතුරු කොටස් දීම සම්බන්දයෙන් මම නැවත වතාවක් ස්තුතිය පල කරනවා ..
ඔබටත් ගොඩක් ස්තුති කරන්න ඕන. ඒ සබ් එක දාන්න ගත්ත නිසානේ මේ තරම් දුර ආවේ .ඒ කට බොහොම ස්තුතියි.
50 වන උපසිරසියට සුබ පැතුම් සහොදරි තව තවත් උපසිරසි නිර්මාණය කිරිමට ශක්තිය ලැබේවා..
බොහොම ස්තුතියි.
50 weni sub ekata Suba pethum thawath idiriyata yanna shakthiya dahiriya labewa suda pathum
බොහොම ස්තුතියි.
සුබ පැතුම් ඉෂි….
බොහොම ස්තුතියි.