Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy Young Sheldon (2017) [S01 : E14] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E13] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E12] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E11] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E10] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E09] Sinhala Subtitle Action Spectral (2016) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E08] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E07] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E06] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E14] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E13] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E12] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E11] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E10] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E09] Sinhala Subtitle Action Spectral (2016) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E08] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E07] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E06] Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. Housefull 4 (2019) Sinhala Subtitle

Housefull 4 (2019) Sinhala Subtitle

December 22, 2019 Thamod Godakanda | Expert Subtitler
IMDB RATING 3.3
GENRES
ActionComedyfantasyGenresHindi MoviesMovies
CAST

Akshay Kumar, Riteish Deshmukh, Bobby Deol, Kriti Sanon

ආයුබෝවන් හැමෝටම.ඉතින් අද මන් හින්දි චිත්‍රපටයක සබ් අරගෙන ආවා.අපේ සයිට් එකේ හින්දි, දමිළ චිත්‍රපට කැටගරිය හැමදාම වේලි වේලි තියන්න හරි නැති නිසාම තමා හින්දි චිත්‍රපටයක උපසිරැසි කරන්න හිතුවේ.ඉතින් අපි ඉස්සරහට නිකුත් වෙන්න තියෙන සුපිරිම ඝණයෙ හින්දි, දමිල, තෙලුගු චිත්‍රපට වලට උපසිරැසි අරගෙන එන්න තීරණය කරලා තියෙන්නේ.මන් ෆිල්ම් එක ඊයේ බාගත්තත් බලන්න පුළුවන් වුණේ රෑ හතත් පහු වෙලා.ඉතින් අද උදේ හයයි ගාණට නැගිටිලා හෙට දවස ඇතුළත දෙන්න ඕන කියලා හිතන් හිටියත් ඉක්මණින්ම සබ් ඉවර කරගන්න පුළුවන් වුණා.ඉතින් වැඩි කතාවක් නැතුව ෆිල්ම් එක ගැන පොඩි හැදින්වීමක් කරලා ඉන්නම්.

ඉතින් ඔයාලා දන්න ආකාරයට මේ චිත්‍රපටය Housefull 4 චිත්‍රපටයයි.ඉතින් මීට කලින් ආපු කතා තුන ගැන ඔයාලා දන්නවා ඇති.අනිත් එක චිත්‍රපට රසිකයෙක් housefull කතාව නම් කොහොමත් මගහැරගන්න බෑ.ඉතින් පැය දෙකක් සහ මිනිත්තු තිහක් පුරාවට දිවයන මේ චිත්‍රපටය Drama සහ Fantasy කාණ්ඩ වලට අයත් කතාවක්.නමුත් මනාප දිහා බලද්දී නම් ඒ තරම් සතුටුදායක නම් නෑ.IMDb අගය 3.3/10 වැනි කුඩා අගයක් වගේම කුණු තක්කාලි 40%ක් පමණක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙන්නේ.නමුත් ගූගල් පරිශීලකයින්ගෙන් 84%ක මනාපයක් දිනාගන්න චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.මේ අවුරුද්දේ ඔක්තෝබර් මස 25වන දින නිකුත් වූ මෙම චිත්‍රපටයට බොක්ස් ඔෆිස් ආදායමින් ඉන්දියානු රුපියල් කෝටි 279ක් ලබාගෙන ඇත.චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ Farhad Samji වන අතර රංගනයෙන් Akshay Kumar, Kriti Sanon, Riteish Deshmukh, Kriti Kharbanda, Pooja Hedje වැනි නළු නිළියන් දායක වී ඇත.

කතාව පුනරුත්පත්තියක් මූලික කරගෙන නිර්මාණය වී තියෙන්නේ.ඉතින් මන් කතාව ගැන මුකුත් නොකියා ඉන්නම්.මොකද හිනාවෙලා බලන්න තියන චිත්‍රපටයක කතාව කියලා කතාවේ තියෙන ආතල් එක විනාස කරන්න ඕන නෑ නේ.ඉතින් හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
SubzLK වෙනුවෙන් Thamod Godakanda කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
14973 වාරයක්
Discussion (23)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79
    2019-12-22

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    Reply
  • Thisara Darshana Unregistered
    Android 6 Chrome 69
    2019-12-22

    සූම් එකේ සබ් එක එහෙම්පිටින්ම දාලා නොදකිංවත්… 🖕

    Reply
    • Thamod Godakanda Expert Subtitler
      Windows 7 Firefox 71
      2019-12-22

      තමුන් ඔය කියන අහවල් සයිට් එකේ උපසිරැසි කරුවෙක්ද, නෙවේද කියන එක ගැන මන් දන්නේ නෑ.නමුත් මේතාක් දුර මන් මේ අඩවියේ ආපු එකේ මට ඔය එක එකාගේ උපසිරැසි උස්සලා මගේ නමින් මේ අඩවියේ පළ කරන්න තරම් අඩු මානසිකත්වයක් නෑ.තමුන් පිරිමියෙක්ද ගැහැණියෙක්ද නැත්නම් ඒ දෙකම තියෙන කෙනෙක්ද කියලා කියන්න තරම් තමුන්ගේ ජාතකය ගැන මන් හසරක් දන්නේ නෑ. නමුත් තමුන්ගේ පහත් වැඩේ දිහා බලද්දී තමුන් දෙකම තියෙන කෙනෙක් කියලා හොදින් පැහැදිලි වෙනවා.මොකද අපිට මේ ළගකදී ඉදන් අහවල් අඩවියකින් මඩ පහරවල් වදින්න අරන් තිබුණා.ඒවට සැළුණා නම් අද අපිට මේතාක් දුර එන්න ලැබෙන්නෙත් නෑ.අනිත් එක මන් ඔය කියන අඩවියේ උපසිරැසිය මගේ නමින් මේ අඩවියේ පළ කළා නම් අපේ ඇඩ්මින් වරු මෙලහකටත් මේ උපසිරැසිය අඩවියෙන් ඉවත් කරලා මාවත් අඩවියෙන් ඉවත් කරන්න තිබුණා.අනිත් එක මන් ඔය වගේ පහත් වැඩක් කළා නම් මට මේ උපසිරැසි රසාවෙන් ඉවත් වෙලා ඉන්න තිබුණා.මොකද මේකෙන් ලැබෙන ලාභයක් නැති නිසා.ඔය අහවල් අඩවි වලින් උපසිරැසිකරුවන් ගෙන්න ගන්න, නොයෙකුත් උපක්‍රම යොදවලා තියෙන් හැටි හොදටම දැකලා තියෙනවා.(උදා- මාසේ හොදම උපසිරැසි කරුවෙක් තෝරා ඔහුට/ඇයට ත්‍යාගයක් ලබා දීම)නමුත් අපේ අඩවියේ ඉන්න අපේ උපසිරැසිකරුවන් හදවතින් පිරිසිදු අය නිසා එවන් ලාභ අපේක්ෂාවන් තවමත් කර නැත.ඔය අහවල් අඩවියෙන් කියනවා වගේ, ඉන්න බැරි නම් මේ පැත්ත පළාතේ එන්න අවශ්‍ය නැත.

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 71
      2019-12-22

      තමෝද් හරියටම කියල තියනවා, මම උඩ කමෙන්ට් එක දැක්කා දැන් ටිකකට කලින්. උත්තරයක් දෙන්න හදලත්, උපසිරැසිය කරපු කෙනා උත්තරයක් දෙනකං ඉඳලම දෙනවා කියල හිතාගෙන අදහස අතෑරියා මම. අනික සූම් එකේ සබ් එකයි තමෝද්ගෙ සබ් එකයි දෙකම මම අරන් බැලුවා මේ චෝදනාව නිසා (ගිය පැය භාගෙම කලේ ඒක මම). එහෙම කිසි සමානකමක් මමනං දැක්කෙ නෑ. Thisara Darshana ට අභියෝගයක් කරනවා පුළුවන්නං සමානකමක් හොයල පෙන්නන්න කියලත්. මට තව මුකුත් කියන්න දෙයක් නෑ තමෝද් මල්ලි හරියටම කියන්න ඕනෙ ටික කියල තියන හින්ද. තමුන්නාන්සේ වගේ අනුන්ට ණයට කහින අයට කියන්න තියෙන්නෙ අපි සබ්ස් එල් කේ විදියට යම් නමක් හදාගෙන ඉන්නෙ අනුන්ගෙ ඒවා මේකෙ පළ කරල නෙමෙයි. එහෙම කරන- කරල අනුන්ගෙ ඇදත් හොය හොය යන- මන්ද බුද්ධිකයන් ඉන්නවා දැකල ඇතිනෙ ඕනෙතරම්. හැබැයි මේකෙ ඇඩ්මින්වරු කීයටවත් ඒකට ඉඩක් දෙන්නෙ නෑ. මේ අඩවියට උපසිරැසි කරන හැමකෙනෙක්ම තමන් යතුරු ලියනය කරන හැම අකුරක් වෙනුවෙන්ම අවංකවම මහන්සි වෙනවා, ඒක මම හොඳාකාරවම දන්නවා. ඒ වෙහෙසට වටිනාකමක් දෙන්න දන්න වැදගත් ප්‍රේක්ෂක බහුතරයක් අතරෙ ඔබ වගේ අමනෝඥ මන්ධ බුද්ධිකයන් සුළු වශයෙන් දකින්නට ලැබීම ලෝක ස්වභාවය බව දන්නා නිසා ඔබට අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්නට යමක් අපට නැත.

    • lasith Unregistered
      Android 5.1 Chrome 76
      2019-12-23

      මොකක්ද බං හැමදාම මොකක් හරි සීන් එකක් ඇදෙනවනෙ

    • රයන් Unregistered
      Windows 10 Chrome 79
      2019-12-23

      ඇයි බන් උඹල ඔහොම හැසිරෙන්නෙ? යකෝ දොස්තරල ඉංජිනේරුවො වත් තොපි වගේ ඔහොම ලොකු සීන් නෑ.. උඹල කරන්නෙත් වෙන කවුරුහරි හදපු ඉංග්‍රීසි සබ් එකක් අරං සිංහලට හරවන එකනෙ.. ට්‍රාන්ස්ලේට් කරන එක කරල මහ ලොකු පොරවල් කියල හිතාගෙන ඉන්නෙ.. යකෝ මම කවදාවත් ඉංග්‍රීසි සබ් දෙන සයිට් එකක මේ වගේ දෙයක් දැකල නෑ.. උන් සබ් එක විතරක් දාල නිකන් ඉන්නව උන්ගෙ නමක් ගමක්වත් නෑ.. ඒකට ලංකාවෙ ගොං හැතිකරේ තොපි.. උදේට කාපු වෙලාවයි රීපු වෙලාවයි සේරම ලියනව.. සිකේ,

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 71
      2019-12-23

      ඔබතුමාට කියන්න තියෙන්නෙත් ණයට කහිනවා කියල තමයි. නැත්තං Thisara Darshanaගෙ අභූත චෝදනාවට ඒ භාෂාවෙන්ම උත්තර දුන්නම අහක ඉන්න ඔබතුමාට කේන්තියන්න හේතුවක් නෑනෙ. මට තියන පුදුම මේ වගේ කමෙන්ට් එකක් වැටෙනකොට එකවුන්ට් අමුතුවෙන් හදාගෙන අහසින් කීපදෙනෙක් වැටෙනව ඒක කන්ෆර්ම් කරන්න. අපි කවුරුත් දොස්තරල ඉංජිනේරුවො නොවෙන බව ඇත්ත. හැබැයි අවම වශයෙන් අපේ මව් දෙමව්පියන් අපිට තැනක කතාකරන විදියවත් උගන්නල තියනව හරියට. ඔබතුමාගෙ තත්වෙ පේනව කමෙන්ට් එකේ වචනවලින්. ඊලඟට නම ගම හේතුව. සබ් එක හදන කෙනා නම ගම නෙමෙයි රැකියාවත් ඒ කෙනාට ඕනෙනං ඇතුල් කලාට කමක් නෑ කියන එකයි මගෙ මතය.

    • Sachintha Kalhara Unregistered
      Windows Phone Internet Explorer Mobile 11
      2020-01-02

      ගොන් කතා කියන්ඩ එපා බන්. උන හිතන්නෙ සබ් එක හදන්න යන්නෙ උබට ලැට් යන වෙලාවට සමාන ව්ව්ලාවක් කියලද? එක ලයින් එක්කට තප්පර 15ක් ගියොත් හිතපන් ඒ වගේ ලයින් 100ක් 2000ක් කරන්ඩ කොච්චර වෙලා යටිද කියලා. උබ ලට ඉතින් බාල බලන්ඩනම් යන්නේ පැය කීපයයි. හදන්ට යන වෙලාවෙන් බාගයක්වත් යනවද උබලට? ඒ මහන්සියට සල්ලු ගන්නෙ නැත්නම්, ඒකට හදන ඒකාගෙ පරම්පරාවෙම නම දැම්මත් මොකද?

    • Sachintha Kalhara Unregistered
      Windows Phone Internet Explorer Mobile 11
      2020-01-02

      උබ අර අහවල් සයිට් එක කියපු එකේ සබ් කරන එකෙක් මම. ඒත් මම හැමදාම වගෙ අනිත් සින්හල සබ් සයිට් වලට යනවා, මොකද ඒ විදිහට තමා මම පට්ට ෆිල්ම්, සීරීස් හොයා ගන්නේ. සබ් කරන එකේ අමාරු කම් දන්නේ ඒක කරන එකාම තමා බ්‍රෝ. උබලගෙ සයිට් එකේ වගේම තමා අනිත් හොද සින්හල සයිට් වලත් හුගක් මහන්සි වෙලා සබ් කරන්නේ. උනුත් කවදාවතනිත් අනිත් සයිට් වල සබ් උස්සන්නෙ නැ, උන්ට අපහස කරන්ඩ යන්නෙත් නැ, අනේ මන්ද ඇයි කියල උබ අහවල් සයිට් එක කිය කිය ගහල තියෙන්නෙ කියල. හැම මාසෙකම ඒ සයිට් වලින් තැගි දෙන්නෙ වෙන උන් ගෙන්න ගන්ඩ නෙවෙයි, බන්. ඒ උන් කරන වැඩේට පොඩි ආකරෙකින් හෝ උපසිරැසි කරුවන්ට වටිනාකමක් හා දයිරියක් ලබා දීමට. ඒක උන් කරන්නෙ උන් ගෙම සල්ලි වලින් මිසක් උබලගෙන් ඉල්ලල නෙවෙයිනේ බන්. ඒ නිසා අනිත් සයිට් වල උන්ත අපහස කරන්ඩ එපා මචන්. උබ සබ් එක කොපි කරන්ඩ නැතුව ඇති, ඒක දන්නෙ උබෙ හ්‍රද සාක්ෂිය. අර උඩ එකත් මහ ආත්මාර්තකාමී එකෙක් වෙන්ඩ ඇති. ඒ වගේ උන් හැමතැනකම ඉන්නවා.

  • Rajitha Unregistered
    Android 9 Chrome 78
    2019-12-23

    Thanks machan……. Jayawewa…..!

    Reply
  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 UC Browser 7
    2019-12-23

    තෑන්ක්ස් යාළුවා සබ් එක ගෙනාවට.

    Reply
  • tharindueranda37 Unregistered
    Android 5.1 Chrome 78
    2019-12-23

    Thanks for sub bro

    Reply
  • tharindu_8 Unregistered
    Android 5.1 Chrome 78
    2019-12-23

    Thanks for sub

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 79
    2019-12-23

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • lasith Unregistered
    Android 5.1 Chrome 76
    2019-12-24

    මේ අංචි අදින්නෙ අනුන්ගෙ සබ් දාන හොර සයිට් වල උන් මටත් සයිට් එකක් තියෙනව මගෙ උපසිරසි හදන දෙන්නෙක්ම නතරකලා මුන්ගෙ වැඩ හින්ද. මේවගෙන් වෙන්නෙ උපසිරසි උන්ගෙන් බාන්නත් හදන්න උන් නැති වෙන එක

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 71
      2019-12-24

      👍 මුලින්ම ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, ලසිත් 👍. අපි ඒවට සැලෙන්නෙ නෑ. මේ සේවය අදටත් ඉදිරියටත් ලබාදෙනවා පෙරටත් වඩා හොඳින්.

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2019-12-24

    සිංහල උපසිරසි දෙන සයිට් අතර ගැටුමක් ඇතිවෙන්න වගේ මේ අරඅදින්නෙ මං කීප තැනකම එහෙම පෝස්ට් දැක්ක සමහර අය කැමති නෑ සිංහල උපසිරසි ලබා දෙන තව සයිට් තියනවට, සමහර අය අනිත් සයිට් හෑල්ලු කරල දෙකේ කොලේට දාල කතාකරනව 😞😞😞..
    මේව මෙහෙමම යට යන්න දීල දැනට සිංහල උපසිරසි නිර්මාණය කරල පලකරන හැම සයිට් එකක්ම සහයෝගෙන් මේ උපසිරසිකරණය දිගටම කරන් යන්න කියලයි මං නම් කියන්නෙ 😊😊 සහයෝගයක් නැතත් ගැටුම් ඇතිකරගන්නෙ නැතුව මේ උපසිරසිකරණය දිගටම කරන් යන්න මේ සබ් බාගෙන කමෙන්ට් කරන අයටත් වගකීමක් තියනව 👍👍

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 71
      2019-12-24

      හෂාන්ගෙ කතාව හරි. මෙතන තියෙන්නෙ එහෙම ‘කෙටවීමේ’ අරමුණක් තමයි දැන් මටත් හිතෙන්නෙ. ඔයා ඔය කියන අනෙකුත් වෙබ් අඩවි හෑල්ලු කරන,ඒ අඩවි අන්තර්ජාලය තුල තියනවට අකමැති මට්ටමේ අදහස් මාත් කීප තැනකින්ම දැක්කා, ඒක ඉතාම අවාසනාවන්ත තත්වයක් කියලයි කියන්න තියෙන්නෙ. ඔබ වගේ සැබෑ රසිකයන් බොහෝ පිරිසක් අතරෙ අර පෙරකී පිරිස නොගැණිය හැකි තරම් ඉතාම සුළු පිරිසක් වීම ඉතාම සතුටක්. අපි මේවයින් සැලෙන්නෙ නෑ,ඔබ වැනි සැබෑ හිතවතුන් වෙනුවෙන් අදත් ඉදිරියටත් අපිට හැකි උපරිමය පෙරටත් වඩා ලබාදෙනවා.👍 බොහොම ස්තූතියි, හෂාන් 👍

  • Niroshan Unregistered
    Android 6 Chrome 69
    2019-12-26

    අම්මෝ මුන්ගෙ ටෝක් බලපියව්කො.. රට අල්ලන්නනෙ කතාව.. යකෝ තොපි මේ කරන සේරම දේවල් හොරකමක් කියල දන්නෙ නැද්ද තොපි.. අන්තර්ජාලෙට හොරෙන් නිකුත් කරන කොපි වලට උපසිරැසි ට්‍රාන්ස්ලේට් කරල තොපි කරන්නෙ තවත් ඒ වැරැද්ද කරන උන් වැඩි කරන එක. උඹල මෙතන සමාජ සේවයක් කරන්නෙ නෑ.. හොරකම කරපන් කරන විදියට හොරෙන්, උඹල මෙතන යුද්ධෙට ගිහින් ආව වගේ කියවන්නෙ නැතුව.. උඹල හොරකමක් කරලනෙ ඔච්චර ආඩම්බර වෙන්නෙ. ලැජ්ජ වෙයල්ල උඹල ගැනම.

    Reply
    • Thamod Godakanda Expert Subtitler
      Windows 7 Firefox 71
      2019-12-26

      මේක හොරකමක් කියලා කියන්න අමාරුයි සහෝ.තමුන් උපසිරැසිකරුවෙක් නොවන නිසා මෙහෙම කියනවද දන්නෑ.අනිත් එක සිංහල උපසිරැසි දෙන එක නැවතුණාම බලාගන්න පුළුවන් තමුන් වගේම පිරිස ආයේ සබ් දෙන්න කියලා කෑගහන හැටි.අනිත් එක අද ඉන්න ගොඩක් සිංහල උපසිරැසි කරුවන් ඉංග්‍රීසි උපසිරැසියක් අරගෙන ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කරන එක තමා කරන්නේ.ඒකේ ඇති කිසිම වැරැද්දක් නෑ.නමුත් අද ඉංග්‍රීසි උපසිරැසි ලබාදෙන ඉහළ වෙබ් අඩවියක් තමා Subscene.com කියන්නේ.ඔය වෙබ් අඩවියේ පවා උපසිරැසිකරුවන්ට වෙන කෙනෙකුගේ උපසිරැසියක් ට්‍රාන්ස්ලේට් කරලා වෙබ් අඩවියේ පළ කරන්න අවස්ථාව දීලා තියෙන්නේ.ඕන නම් පොඩ්ඩක් ඒ සයිට් එකට ගිහින් බලන්න.ඉතින් තමුන් මේ කිසිවක් නොදැන බොරුවට රඟන්නේ නැතුව පාඩුවේ හිටියනම් හොඳයි කියන එක තමා මගේ අදහස.ඒවගේම අපි මේක සේවයක් කියලා අනිවාරෙන්ම කියන්න ඕන දෙයක්.සේවයක් නෙවේ නම් අපි කාලය ශ්‍රමය වැය කරලා මේ කාර්යයට මුදල් ලැබෙන්න ඕන.එහෙම කිසිඳු ලාභ අපේක්ෂාවකින් සිදුකරන දෙයක් සේවයක් නෙවේ කියලා කියන්නේ කොහොමද.අවසානයේ නිරෝෂන් සහෝට කියන්න තිබෙන්නේ අපි ලැජ්ජ විය යුතු නැත, තමුනුයි ලැජ්ජ විය යුත්තේ.

    • ashan lankanath Unregistered
      Android 5.1 Samsung Browser 3.5
      2019-12-26

      Thanks ………….good luck …………………

  • Vinoj Unregistered
    Android 7 Chrome 64
    2019-12-30

    Kohomada sinhala sub ganna lesi widiya

    Reply
  • Vinoj Unregistered
    Android 7 Chrome 64
    2019-12-30

    Thqw wewa saholata gd luke ohomama karagena yamu

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 232
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved