2019 කියන්නෙ සිනමාලෝලි සෑම දෙනාටම ඉතාමත් සතුටු වර්ශයක් මොකද 2019 අලුත් චිත්‍රපටි රැසක් තිරගතවිමට නියමිතයි. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ අපි කවුරැත් අාදරය කරන ලස්සන ෆිල්ම් එකක්. මේක තමයි මම නම් බලපු සුපිරිම 3D Film එක මොකද 2010 තමයි මේකේ පලවෙනි එක ආවේ ඒක කරලියට ආපු ගමන්ම ලෝකය පුරා රසික රසිකාවියන්ගෙ ආදරයට පාත්‍ර වුනා කිව්වොත් නිවැරදි.
හරි එහෙනම් අපි පොඩ්ඩක් ඉතිහාසයට ගිහින් මේක මොකක් ද කියලා මතක් කරගමු. මේකේ ඉන්න ප්‍රධාන කෙනා තමයි හිකප් කියන පුංචි කොලුවා මෙයාගේ ගමේ නායකයා තමයි තාත්තා මෙයාට අම්මා නැ ඉතින් මෙහෙම ඉන්නකොට එයාලට එසේමෙසේ කට්ටියකට නෙවෙයි මුහුන දෙන්න වෙන්නෙ මකරැ්න්ට ඉතින් හිකප් ටිකක් ලොකු වුනහම මෙයා කැමති වෙන්නෙ නැ මකරැ මරලා දානවට පස්සෙ මෙයා මැෂින් එකක් හදනවා මකරැ අල්ලන පලවෙනි පාරෙන්ම. මෙයාට අහුවෙන්නෙ එසේමෙසේ මකරෙක් නෙවෙයි නයිට් ෆියුරි කෙනෙක් ඒ කියන්නෙ මකරැන්ගෙ ප්‍රධාන වංශිකයෙක් මෙයාටත් මේ මකරව හම්බෙනකොට එයත් ටිකක් පොඩියි කොහොම හරි දෙන්නා අන්තිමේදි සෙට් වෙනවා. මේක තමයි කෙටියෙන් පලවෙනි එක ගැන කියන්න තියෙන්නෙ.
හරි අපි බලමු එදා ඉදන් අද වෙනකම් මේකේ ආදායම් මට්ටම කොහොමද කියලා එතකොට අපිට බලාගන්න පුලුවන් මේකේ සාර්ථකත්වය.
• 2010 - How to Train Your Dragon
Budget: 165 million USD
Box office: 495.8 million USD
• 2014 -How to Train Your Dragon 2
• 2019 - How to Train Your Dragon: The Hidden World
දැක්කනේ ආදායම් කොහොමද කියලා නමුත් 2014 ට සාපේක්ෂව බැලුවහම 2019 දි ගොඩක් අඩු මුදලකින් වැඩි මුදලක් හොයලා තියෙනවා කියලා ඔයාලට පේනවා ඇති නමුත් ඒක 2014ට වඩා අඩුයි කොහොම වුනත් කියන්න තියෙන්නෙ නම් ෆිලම් එකේ රසය නම් චුට්ටක්වත් අඩුවෙලා නැ කියලා තමයි.
2019 කතාව පැත්තට ටිකක් හැරැනොත් කියන්න තියෙන්නෙ මේ පාර හිකප්ට තාත්තා දුන්න වගකිමත් එක්ක මකරැන්ගෙ ලෝකය හොයන්න වෙලා ඉතින් මෙකේ මෙයාගේ හතුරා තමයි ග්‍රිමෙල් කියන්නෙ මිනිහ මකරැන්ව මරලා ලෝකයට සාමය ගෙනත් දෙනවා කියන කපටි ඩයල් එකක්. කොහොම හරි ඉතින් කොල්ලත් ගේම ආතාරින්නෙ නැහැ ඒ වගේම තමයි අපේ මකර මල්ලියාටත් කෑල්ලක් මෙකේදි සෙට් වෙනවා කෑල්ල සෙට් කරගන්න මිනිහත් අපි වගේම මාර කට්ටක් කනවා හැබැයි අනතිමේදි දුක හිතෙන දෙයක් තමයි වෙන්නෙ අර මකර නංගි මකර මල්ලිත් එක්ක සැගවුනු ලෝකයට ගිහින් එහෙ පාලනය කරනවා ටිකක් කල් යනකම් හිකප්ගෙ ගෙදරවත් එන්නෙ නැ පේනවනේ කෙල්ලො හින්දා මිනිස්සු විතරක් නෙවෙයි සත්තුත් වෙනස් වෙනවා. ඉතින් පස්සෙ හිකප් එයාගෙ ගෑනු ළමයත් එක්ක ඒ ලෝකේ හොයාගෙන ගියාට පස්සෙ මකැව හම්බෙනවා ආයෙත් ගමට ඇවිත් ගොඩක් දරැනු දේවල්වලට මූහුන දෙනවා අන්තිමේදි මකරැ සේරම මෙයාලා එයාලගෙ ලෝකයට යන්න මකරැන්ව නිදහස් කරනවා දැන් මම මෙච්චර ටිකක් කිවුවා කියලා මට බනින්න නම් එපා තව හුගක් දේවල් ඇතුලෙ සිද්ධ වෙනවා. තව දෙයක් මේක ඉවර වුන හැටියට නම් මම හිතන්නෙ තව එකක් මේකේ අපිට ලැබෙයිද කියලා සැකයක් තියෙනවා. මම කිවුවෙ මට තේරැන විදිහට ඔයාලත් මේක බලලා ආයෙ අලුත් ෆිල්ම් එකක් අපිට බලන්න පුලුවන් වෙයිද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මේ ඇති කියලා හිතෙනවා
හැමෝටම සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා!
Android 5.1Chrome 43
Thanks tanks tanks.
Windows 10Chrome 78
supiriri film ekak sahoooo