ආයුබෝවන් හැමෝටම! ඔන්න ටික දවසකට පස්සෙ තවත් Netflix Series එකකට සිංහල උපසිරැසි පරිවර්තනයෙන් මට සම්බන්ධ වෙන්න ලැබුනා අපේ පසිදු සහෝදරයා සහා තමෝද් සහෝදරයා සමග. I Am Not Okay with This කියන episode 7 ක් සහිත කතා මාලාවේ පස්වැන්නත් සමගින්! හය වැන්නත් පැවරිලා තියෙන්නෙ මට ඒකත් ඉක්මනට දෙන්නම්, හත් වැන්න පැවරුනේ අපේ කවීෂ සහෝදරයට, ඔහුත් එය ඉක්මණින්ම ලබා දේවී. ලිපිය නම් දිග වෙන එකක් නැහැ, මොකද කියන්න තරම් දෙයක් මෙවැනි කතා මාලා තුල අඩංගු නැති නිසා, නමුත් රසවත් අමුතු විදියෙ කතාවක් කියලා අනිවාර්‍යෙන් කියන්න ඕන.
පසු ගිය කොටස ගැන යම් කිසි ආවර්ජනයක් කරොත්,
සිඩ් යනවා රිකී බෙරීගේ සාදයට, නමුත් වැඩි වෙලාවක් ඇය එහි රැදෙන් නැහැ, එකවරම ඇය ස්ටෑන් ගේ කාරය ඉදිරියට පැන කැලේ ඇතුලට දිව යනවා, එහිදී ඇයගේ කෑ ගැසීම නිසා කැලෑවේ ගස් විශාල සංඛ්‍යාවක් බිම ඇද වැටෙනවා, ඔබට මතක ඇති. එහිදී තමා ස්ටෑන් සිඩ් ගෙ මේ රහස ගැන දැනගන්නෙ. පසු ගිය එපිය දිවෙන්නෙ ඇයගෙ එම බලය හෝ යම් කිසි අමුතු දේ නැවත මතු කරගෙන එය සැබවින්ම කුමක්ද යන්න සොයා ගැනීමට ස්ටෑන් සහා සිඩ් දරන උත්සහයන් ඔස්සේය. නමුත් තවමත් දෙදෙනාටම මේ දේ ගැන හරි හැටි අවබෝධයක් නැහැ.
අද කොටස ඇරබෙන්නේ එතැන් සිටයි. පාසලේ ඔවුන්ට වෙන අකර තැබ්බයක් සහා, එයින් ගැලවෙන උපක්‍රමයක් ඔස්සේ තමයි අද කතාව දිව යන්නෙ. එහෙනම් අද කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන්, මම නවතිනවා. ජය!!!
බොහොම ස්තුතියි සබ් එකට සහෝ 😊👍..
ජය වේවා.! 👊👊👊
site එක වැඩ නැතුව තිබ්බෙ ඇයි මචං
බොහොම ස්තුතියි සබ් එක
නියමයි….සබ් එකට තැන්ක්ස්….
sub ekat thanks saho
ela…thanks ….jayawewa……!
Thnks sub akata.wachmen ituru epitikatath sub ikmanta dennako
ඉතුරු සබ් දෙකත් ඉක්මන්ට දෙන්ඩෝ❤️