It (2017) Sinhala Subtitle

/

It (2017)

ආයුබෝවන් අදත් Subzlk වාසී හැමදෙනෙක්ටම. අදනම් කට්ටියට දෙන්න යන්නෙ   භයානක අත්දැකීමක්, ඒ තමයි ස්ටීෆන් කිං විසින් වර්ෂ 1986දී රචිත IT සංත්‍රාස (Horror ) නවකතාව අනුසාරයෙන් මේ වසරේ නිර්මාණය කල IT චිත්‍රපටයේ උපසිරැසිය. මේකත් අපේ ඇඩ්මින් මණ්ඩලයේ කවීෂ සහෝදරයගේ ඉල්ලීමක්, ඉතින් ඔහුට ස්තූති කරන්න ඕනෙ මුලින්ම.

Imdb අඩවියෙන් 7.8ක අගයක් ලබා, Rotten Tomatosලගෙන් 85%ක ඉහළ අගයකුත් ලබා Golden Trailer Awards 2017  සම්මාන උළෙලේ හොඳම සංත්‍රාස චිත්‍රපටය ලෙස සම්මාන දිනාගන්නත් සමත්වුණ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණ දායකත්වය Andy Muschiettiගෙන් . මතකනෙ 2013 වසරේ තිරගත වුණ Mama චිත්‍රපටය ඒක අධ්‍යක්ෂණය කලෙත්මෙයාම තමයි. තිර රචනය Chase Palmer,Cary Fukunaga සහ Gary Dauberman ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ Jaeden Lieberher ( බිල් ඩෙන්බ්‍රෝ), Jeremy Ray Taylor (බෙන්), Sophia Lillis (බෙවර්ලි මාෂ්), Finn Wolfhard ( රිචී ටොසියර් ), Chosen Jacobs (මයික් ), Jack Dylan Grazer ( එඩී ),Wyatt Oleff (ස්ටැන්ලි),Bill Skarsgård ( පෙනීවයිස් /විකටයා) ඇතුළු නළු නිළි කැලක්  ඒ වගේම මේ සියලු දෙනා තම තමන්ගේ කාර්යභාරය උපරිම වශයෙන් ඉටු කරල තියන බවත් කියන්නම ඕනෙ.

මේක මුලින්ම 1990 වසරෙදි කොටස් දෙකක TV මිනි සීරීස් එකක් විදියටත් නිකුත් වෙලා තියනවා. එයින් හරියටම වසර 27කට පසුවයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. දැන් ඕගොල්ලො කියයි ඉතින් මොකද කියල.. නෑ, මේ චිත්‍රපටයට 27 සෑහෙන්න සම්බන්ධයි ස්ටීෆන් කිංගේ පොතේ සඳහන් විදියට ඩෙරී නගරයට මේ අවාසනාව එන්නෙ වසර 27කට වතාවක් .පෙරකී මිනි සීරීස් එකේ කුඩා බිල් ඩෙන්බ්‍රෝ චරිතය රඟපෑ Jonathan Brandis මියගියෙත් වයස 27දී ( ඒකනං ඉතින් එහේ  ජනප්‍රිය දෙයක්නෙ ඕගොල්ලන්ට මතක ඇතිනෙ  anton yelchin ට වුණ අවාසනාවන්ත සිදුවීම එහෙම). ඒ වගේමයි මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ පෙනීවයිස්ගේ චරිතය නිරූපණය කරන Bill Skarsgårdගේ 27වන උපන්දිනයට හරියටම මාසයකට පසුව. ඒ වගේම මේකෙ  නිල වශයෙන්  එක්සත් ජනපදය තුල තිරගත කල දිනය 9/8/2017 මේ අංකවල එකතුවත් (  9+8+2+0+1+7 = 27) 27යි. තව විස්තර ගොඩක් තියනව imdb  අඩවිය පැත්තට ගියාම බලන්න පුළුවන්. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට......

චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ ස්ටීෆන් කිංගේ ඩෙරී නම් මනඃකල්පිත නගරය වටා. [ වර්ෂය 1989 ]බිලී ඩෙන්බ්‍රෝ  කියන්නෙ මේ නගරයේ ජීවත්වෙන දරුවෙක්, එයාට ඉන්නවා හුරතල් බාල සහෝදරයෙක් නමින් ජෝර්ජි ඩෙන්බ්‍රෝ.  වැහිබර අඳුරු දිනයක සෙල්ලම් කිරීම සඳහා නිවසෙන් පිටවන ජෝර්ජි නැවත නිවෙසට පැමිණෙන්නට තරම් වාසනාවන්ත වෙන්නේ නෑ , වසර ගණනාවකට වරක් ඩෙරී නගරයට පැමිණෙන අද්භූත අවාසනාවක ගොදුරක් වෙන්න පුංචි ජෝර්ජිට සිද්ධ වෙනවා. නමුත් මේ අවාසනාවේ එකම ගොදුර ජෝර්ජි පමණක්ම නෙමෙයි නගරයේ තවත් දරුවන් රැසක් මෙහි ගොදුරු බවට පත්වෙනවා. ලොකුම ප්‍රශ්ණෙ මේ කිසිකෙනෙක්ගෙ හෝඩුවාවක්වත් හොයාගන්න නැතිවීම.  ජෝර්ජිගෙ අයියා බිලීගෙ යාළුවො තමයි රිචී ටොසියර්, එඩී සහ ස්ටැන්ලි , කොටින්ම කිව්වොත් මේ කට්ටිය අඹ යාළුවො. ජෝර්ජිගේ අතුරුදන්වීම බිලීගේ හිතට හරිම කණගාටුවක්. ඔහු පුළුවන් තරම් උත්සාහ කරනවා තම  සහෝදරයව හොයාගන්න.  අන්තිමේ යාළුවො ටිකත් එකතු වෙනවා මේ අභිරහසේ සුලමුල හොයන්න බිලීට උදවු වෙන්න.  මේ අද්භූත අවාසනාවත්  බොහොම බලවත් එකක් හැබැයි ඒක පරද්දන්න ඕනෙත් බොහොම පොඩි ආයුධයක්...  එහෙනම් නරඹලම බලන්න බිලී ඇතුළු කණ්ඩායමට මේ අවාසනාවට අවාසනාව උදාකරන්න පුළුවන්  වෙයිද කියල. මතක ඇතුව පහළින් තියන පැහැදිළි කිරීම් කොටසත් කියවල යන්න...

පැහැදිළි කිරීම්  -

* නිව් කිඩ්ස් ඔන් ද බ්ලොක් -

1984දී පිහිටවූ ඇමරිකානු පොප් සංගීත කණ්ඩායමක්.මෙයාලගෙ ගීත  ගැන චිත්‍රපටයේ සඳහන් වෙනව.  රයිට් ස්ටෆ් කියන්නෙ ඒ අතරින් එකක්. බෙන් සහ බෙවර්ලි දෙන්න කතාකරන වෙලාවට බලන්න .

* ස්ට්‍රීට් ෆයිටර් ආකේඩ් -

1980 දශකයේ නිකුත්වුණ Street fighter  වීඩියෝ ක්‍රීඩාව ධාවනය කරන යන්ත්‍රය. ෆිල්ම්     එකේ එක තැනක සඳහන් වෙනවා. මේ තියෙන්නෙ ජායාරූපයක්.

*  බාර් මිට්ස්වා (Bar Mitzvah)

යුදෙව් ආගමික චාරිත්‍රයක්. යුදෙව් දරුවෙකු 13වෙනි වියට පාතැබීම සැමරීමට සිදුකෙරේ. එයින් අනතුරු ඔහු වැඩිහිටියෙක් බවට පිළිගැනේ.

* රබ්බි (rabbi)

 යුදෙව් ආගමික ඉගැන්වීම් කරනා තැනැත්තෙක්. ආගමික නායකයෙක් වැනිය.

BR Rip  සදහා යාවත් කාලින කරන ලදී 

Spoiler Warning : Seven young outcasts in Derry, Maine, are about to face their worst nightmare -- an ancient, shape-shifting evil that emerges from the sewer every 27 years to prey on the town's children. Banding together over the course of one horrifying summer, the friends must overcome their own personal fears to battle the murderous, bloodthirsty clown known as Pennywise...

7.8
IMDB

Year : 2017

Actors : jaeden lieberher, jeremy ray taylor, sophia lillis, finn wolfhard

A group of bullied kids band together when a shapeshifting demon, taking the appearance of a clown, begins hunting children.


2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 17886
  • File Size : 35.604KB
  • Sub Update :2020-10-09
  • Dilan Madhushanka Unregister User
    Android 7Chrome 63

    Thank you very much

    2018-01-17 at 2:04 pm
  • ViSal Wijesinghe User
    Windows Phone 10Edge 14

    Thank you soo much bro sub ekata

    2018-02-24 at 7:27 pm
  • Induranga Unregister User
    Android 8.1Chrome 76

    Sub 1t thanz

    2019-09-18 at 9:54 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More

New Download Links Updates