Laxmii (2020) Sinhala Subtitle

November 15, 2020 Moderator

Laxmii (2020)

ලක්ශ්මීගෙ ආත්මය..
සුභ දවසක් ඔක්කොටම.. හිතාගන්නවත් බෑ ඒත් මේක මගෙ 100 වෙනි කඩයිම.. 90 ගානක් වෙනකොට තමයි 100 ලග බව දැනුනෙ.. ඉතිං මම කරපු උපසිරසි වලින් 98ක්ම ටීවී සීරීස්.. 50*ට ෆිල්ම් එකක් කලාට පස්සෙ අදයි ෆිල්ම් එකක් කලෙ..

ලොකු ගමනක් ආව වගේ.. දැනෙනව ඒත් මේක අවසාන කඩයිමනම් නෙවෙයි.. මොකද සබ් කරන්නෙ මම 4න් එකෙන් ඒකට මම දැන් හුරු වෙලා ඉන්නෙ..
ඉතිං මේච්චර කාලෙකට කරපු සබ් වලට වටිනාකමක් දුන්නෙ.. මගෙ සබ් ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට් කරපු අය.. ඒ වගේම ඇඩ්මින් මඩුල්ල මේ වෙලේ ආදරේන් මතක් කරනව.. පසිදු සහෝ.. සමීර සහො.. කවීශ සහෝ..
ඒ වගේම අපේ සබ් ටීම් එකේ..
සහන් සහෝ.. චන්දන සහෝ.. තමෝද් සහෝ.. වගේම අපේ අලුත් පරණ ඔක්කොම සබ් කරන අයට මම අවස්ථාවක් කරගන්නව ස්තූති කරන්න.. රවීන් සහෝ විශේෂයෙන්ම එකතු කරගන්නව.. එයා තමයි ගොඩක් ලගින් එකතුවෙලා වැඩ කරන්නෙ.. එතකොට දමිත් අයියා.. උපරිම සපෝට් එක දෙනව හැමවෙලේම.. ඉතිං ඔක්කොමලටම ස්තූති ..

රැකියාවක් කරන අතරතුරේ..
ලොකු කාර්‍යබහුල ජීවිතයක් එක්ක
මෙහෙම සබ් කරල සයිට් එකට දැම්මම හිතට දැනෙන ෆිට් එක
කියල නිම කරන්න බෑ.. කාලයක් සබ් නොකල හිටිය ඒත් මේක
නොකර ඉන්න බැරි තරමට ඇබ්බැහි වෙලා..  බලන අය වෙනුවෙන් කරන්නෙ සේවයක් කියල හැමවෙලේම හිතේ තියාගෙන කරන්නෙ.. සමහරවිට ඉස්සරහට කාටවත් සිංහල සබ් ඕන නොවෙන්නත් පුළුවන් .. ඒත් මේක නවතින එකක් නෑ මොකද ඒක
දැන් අපේ ඇගවල් වලට කා වැදිල තියෙන්නෙ..

ඉස්සරහට සබ් කරන්න හිතාගෙන ඉන්න අයටත් කියන්න තියෙන්නෙ.. එන්න subz.lk එක්ක එකතු වෙන්න ඔයාලට උපරිමයෙන් සහය දෙන්න
ලෑස්තීයි .. ඒ වගෙම රසිකයන්ගෙ ඉල්ලීම් වලට කන් දීල මග නවත්තපු.. ඒවට අපි එකතුවෙලා කරනව කියල ඔයාල දැනටමත් දන්නවනෙ.. අපිට ඕන ඔයාලගෙ විශ්වාසය විතරයි..

ලංකාවෙ අයට සබ්ස් කිව්වම සයිට් ගොඩක් මතක් වෙන්න පුළුවන් .. ඒත් උපසිරසි කරුවන්ට උපරිම සහය ලැබෙන තැන මේක..
ඒක සහතිකයි.. ඉතිං මගෙනම් ප්‍රාර්ථනාව ලංකාවෙ අංක එකේ රසාස්වාදනයක් ලබාදෙන
සයිට් එක වෙනව දකින එක..

කතාව ගැන කියනවනම්.. දෙමළ ෆිල්ම් එක කාංචනා බලල ඇතිනෙ ගොඩක් අය.. ඒ නැතත් සිංහල මායා ෆිල්ම් එක බලල ඇතිනේ.. ඒකෙ හිංදි වර්ශන් එක කිව්වොත් හරි.. මේ අවුරුද්දේ november 9 රිලීස් වුන මේක.. මේකෙ ඉන්නෙ මම ආසම හිංදි නලුවන්ගෙන් කෙනෙක්.. අක්ශේ කුමාර්… දැනට ඉන්න චරිතාංග නලුවන්ගෙන් ඉහලම ඉන්න කෙනෙක්.. ඉතිං එයා මේකට උපරිම සාදාරනයක් කරල තියෙනව .. විශේෂත්වයක් කියන්නද.. ?? මේක අධ්‍යක්ෂවරයා කාංචනා ෆිල්ම් එකේ රගපාන ප්‍රධාන චරිතය .. lawrence raghavendra ඉතිං ආයි.. දෙමල ෆිල්ම් එකේ රගපාපු ප්‍රධාන නලුව
හිංදි වර්ශන් එකේ අධ්‍යක්ෂවරයා වුනහම කොහොම වෙයිද..

Akshey kumar – asif / laxmii
Kiara advini – rashmi
Sharad kelkar – laxmii
Ashwini lalsekar – ashwini
Ayesha raza – rathna
Rajesh sharma – sachin
Manu risi – deepak
Aryan preet – young laxmii
Mir sarwar – abdul uncle

මේ අයත් මේක් රංගනයට දායක වෙලා තියෙනව ..අන්තිමට කියන්න තියෙන්නෙ.. කාංචනා වගෙම මායා බලපු එක අමතක කරල මේක බැලුවොත් උපරිම රසවින්දයක් ලබාගන්න පුළුවන් වෙයි..

ඔක්කොටම බුදු සරණයි…!!

 

 

 

Download Links
TOR
Available Torrents
720p web 1.27 GB
1080p web 2.6 GB
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (14)
  • K.A Raveen Expert Subtitler
    Windows 10 Chrome 86

    ඔන්න මිහිර සහෝ, 100 වෙනි එකට මන් ම පළවෙනි කමෙන්ට් එක දැම්මා. පළවෙනියෙන්ම සුභ පතනවා 100ට. ඒ වගේම කියලා තියෙනවා වගේ දුර යන්න තියෙනවා. ඒ වගේම යනවා. මන් පළවෙනියෙන්ම මේ සයිට් එකෙන් දැනගත්ත චරිතය. ඒ නිසා සයිට් එකේ ඉතුරු අයවත් දැනගත්තේ පස්සේ කාලේක.
    the good doctor කතා මාලාවෙන් දැන හඳුනගෙන තවත් කතා මාලා රැසකදිම එකතු වෙලා වැඩ කරා ඉස්සරහට කරන්නත් තියෙනවා. ඉතින් ආයේත් සුභ පතනවා මේ කඩයිමට. හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙂 🙂

    • Mihira Madushanka Moderator
      Windows 10 Chrome 86

      bohoma isthuthie sahoo:heart_eyes::heart_eyes:

  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Chrome 86

    Century ekata suba pathum saho!!!:thumbsup::thumbsup::thumbsup:

    • Mihira Madushanka Moderator
      Windows 10 Chrome 86

      bohoma isthuthie sahoo:heart_eyes::heart_eyes:

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 86

    100 වෙනි උපසිරසි නිර්මාණයට සුබ පැතුම් සහෝදරයා. කාලයක් තිස්සේ අපිත් එක්ක මේ හිමීට යන ගමනේ තවත් මුණ ගැහුණු ඉතාමත් යහපත් කෙනෙක් කියලා කිව්වට මම වැරදි නැහැ. ඉතින් සහෝ දිගටම මේ වගේ කඩයිම් පාස් කරමින් අපිත් එක්ක රැඳිලා ඉන්න, ඒ වගේම ඔයාගේ ජීවිතයේ වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා මම පතනවා.

    • Mihira Madushanka Moderator
      Windows 10 Chrome 86

      bohoma isthuthie sahoo

    • Mihira Madushanka Moderator
      Windows 10 Chrome 86

      bohoma isthuthie sahoo:heart_eyes::heart_eyes:

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10 Chrome 86

    100 වෙනි උපසිරසට මාගෙන් උණුසුම් සුබ පැතුම් …අපේ චෙෆ් ….:hamburger::pizza::fries:…උපසිරැස එක්කම ඔන්න මම කතාව බැලුවා ..උපසිරැස හොදම විදියට තිබ්බා …අපේ වෙබ් අඩවියේ ආදරණිය ම චරිතය කිව්වොත් මම වඩාත් හරි …

  • Mihira Madushanka Moderator
    Windows 10 Chrome 86

    ane thanks damith aiyyah:heart_eyes::heart_eyes:

  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 72

    100 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා.:clap::thumbsup::thumbsup:
    මේ වගේම ඉදිරි කඩයිම් පහුකරන්නත් ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    • Mihira Madushanka Moderator
      Windows 10 Chrome 86

      thanks sahoo:wink::wink:

  • Bawantha Madushan Jayasooriya Expert Subtitler
    Android 8.1 Chrome 68

    100 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝදරයා…

    • Mihira Madushanka Moderator
      Windows 10 Chrome 86

      thanks sahoo:wink::wink:

  • Hansani Rupasingha Moderator
    Windows 10 Chrome 87

    100 වෙනි උපසිරැස ගැන්වීමට සුභ පැතුම්:)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search