Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E17] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E17] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle
  • Genres
  • Drama
  • Mientras duermes AKA Sleep Tight…

Mientras duermes AKA Sleep Tight (2011) Sinhala Subtitle

November 24, 2017 Expert Subtitler

සුභ දවසක් වේවා හැමෝටම.අද මට ගොඩක් විශේෂ දවසක් මොකද කියනවනම් අද මගෙ 20 වෙනි උපන්දිනේ.තව Subz LK එකත් එක්ක එකතුවෙලා අවුරුද්දකුත් වෙනවා.ඒ වගේම තමා අද මම ගෙනාවෙ මගෙ පනස් වෙනි උපසිරැසිය.ඇත්තටම මේක සයිට් එකටත් විශේෂ දවසක් වෙනවා.මොකද මේ එයාලගෙ සාමාජිකයන්ගෙන් දෙවෙනි අර්ධ ශතකය දන්නවනේ.කලින් හසිත සහෝ කියලා එයා ලගදිම සයිට් එකේ එයාගෙ ශතකයත් සටහන් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.ඔන්න ඔයවගේ කාරණා කිහිපයක් නිසාම අද මට විශේෂ දවසක් වෙනවා…

මෙතෙක් ආ ගමන්මග ගැන කතා කරනවනම්ම, ම 2016 නොවැම්බර් 20 වෙනිදා තමා මගෙ පලවෙනි උපසිරැසිය Subz LK ලට දෙන්නෙ ඒ මමයි මගෙ යාලුවෙකුයි කරපු Vixen – Season 02 එක්ක.ඇත්තටම මේකට සබ් කරත් දෙන්න සයිට් එකක් හිතාගන්න බැරිවුන.ඒ කාලෙ ඇත්තටම ආධුනිකයන්ට තැනක් දීපු සයිට් එකක් තමා Subz LK කියන්නෙ.මම මේක ගැන දැනගත්තෙ යාලුවෙක්ගෙන්ඔ.හොම ගිහින් මං සබ් එක යැව්වම මට පොඩි ප්‍රශ්නයකුත් ආවා.ඒ තමා මේ උපසිරැසියට තවත් කෙනෙක් සබ් කරල තිබුන එක, ඒත් ඇඩ්මින්ලා මගෙ උපසිරැසිය අයින් කලේ නෑ.එයාලා කලේ දෙන්නගෙම සබ් එක දැම්ම එකයි.ඒකට එයාලට මම තාමත් ස්තූතිවන්ත වෙනවා මොකද එදා එයාලා මගෙ සබ් එක නොදැම්මනම්, අද වෙනකොට මම උපසිරැසි නොකරන්නත් ඉඩ තිබුණා.පස්සෙ මම දැක්කම සයිට් එකේ දාලා තියෙනවා  ඇත්තටම ඒකෙන් දැනුන ආත්මතෘප්තිය කියාගන්න බෑ.ඒත් මගෙ පලවෙනි උපසිරසියට නම් එක කමෙන්‍ට් එකක්වත් ලැබුනෙ නෑ…

පස්සෙ මට කාලයක් යනකම් උපසිරැසියක් දෙන්න බැරිවුනා පෞද්ගලික  හේතු රැසකට හිරවෙලා ඉදපු නිසා.ඒත් මම ඒ මාස කිහිපයෙම උපසිරැසි භාගෙට කර කර හිටියත් එකක්වත් ඉවරයක් කරන්න උනේ නෑ.ඉතින් ඔයවගේ ලොකු කාලයකට පස්සෙ මම ආපහු එන්නෙ 2017 ජූලි මාසෙ Stallion of the Cimarron (2002) ෆිල්ම් එකත් එක්ක.ඉතින් ඒකට නම් මට ප්‍රතිචාර ටිකක් තිබුනා.මේ අතරතුර කාලය ගැන කියනවනම් මට මුලින්ම සමීපවුන ඇඩ්මින් මලයා තමා අපේ කවීශ සහෝදරයා ඉතින්එ.යා තමා මගෙ උපසිරැසි මුල ඉදලම පලකිරීම් කරගෙන ගියේ ඉතින් මොන වැඩේ තිබ්බත් අනිවා එයා ඒ දේ කලා.පස්සෙ හම්බවෙන්නෙ අපේ උපසිරැසි කණ්ඩායමේ සුමින්ද මලයව.එයානම් මට මිත්‍රයෙක්ට වඩා සහෝදරයෙක් තරමට සමීප උනා.මොකද කියනවනම් ඇත්තටම එයා මට පරණ වගේ අලුත් ෆිල්ම් ගැන එහෙමත් දැනුවත් කරනවා.ඒ වගේම එයානෙ අපේ දෙමල ෆිල්ම් පැත්ත කරගෙන යන්නෙත්.සුමින්ද කියන්නෙ ආශ්‍රය කරන්න හොද මිත්‍රයෙක්?.ඒ වගේම තමා එයා මාර්ගයෙනුයි මම අනිත් ඇඩ්මින් සහෝදරයන්ව හදුනගත්තෙ.ඉතින් මේ සයිට් එක ඇදගෙන යන සුපිරිම ඇඩ්මින්ලා ටිකක් තමා කවීශ, සමීර, දමිත්, පසිදු කියන්නෙ.ඇත්තටම එයාලට ස්තූතිවන්ත වෙන්න තමා ඔයාලා අපි මේ දාන උපසිරැසි එක තැනකින් මෙහෙම ගන්නෙත්.ඉතින් ඒ වගේම තමා හැමෝම දන්නවා මෙතන කිසිම ලාභ අපේක්ශාවක් නෑ කියලා…

“හැම උපසිරැසි කරුවෙකුගෙම සතුට රැදිලා තියෙන්නෙ එයාලාගෙ කාලය වැය කරලා කරන උපසිරැසියට ලැබෙන ප්‍රතිචාරවල විතරයි.”

ඉතින් ඒ වගේම නොවරදවා ප්‍රතිචාර දක්වන පිරිසක් දැනටමත් අපි එක්ක ඉන්නවා ඒ අයටත් බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා.

මම මෙතෙක් වෙනකම් උපසිරැසි රැගෙන ආව පිලිවෙල තමා මේ,

  1. Vixen Season 2 (2016)
  2. Spirit: Stallion of cimarron (2002)
  3. Revolt (2017)
  4. All is Lost (2013)
  5. Another Forever (2016)
  6. One Punch Man (2015) *[19 Episodes]
  7. Jackals (2017)
  8. The Atoning (2017)
  9. Annabelle: Creation (2017)
  10. Gantz: O (2016)
  11. Gantz (2010)
  12. Gantz: Perfect Answer (2011)
  13. War For The Planet Of The Apes (2017) *[Top Downloads]
  14. Amityville: The Awakening (2017)
  15. Absentia (2017) *[Still Subtitles For 9 Episodes]
  16. Beyond (2017) *[Subtitles for 5 Episodes]
  17. Singularity (2017)
  18. Pixar short Movie Collection (1956-2017)
  19. Straightheads aka Closure (2007)
  20. Sleep Tight (2011) *[50]

ඉතින් නොබලපු කෙනෙක් ඉන්නවනම් අරගෙන බලන්න.ඉතින් මම කරපු උපසිරැසි වලින් ගොඩක්ම සතුටුවුන නිර්මාණයක් තමා War  For The Planet Of The Apes උපසිරැසිය.මොකද ඒකට තමා මට වැඩිම ප්‍රතිචාර ලැබිලා තිබුණේ.දන්නවනේ ඉතින් හැමෝම ඒකට මුලින්ම සබ් එක දුන්නෙත් අපෙන් කියලා.ඒවගේම මේ වෙනකොට ඒකට 24000+ Downloads තියෙනවා.ඇත්තටම ඒක ගැනනම් මම ගොඩක්ම සතුටුවෙනවා.ඉතින් මාස 4ක වගේ කාලයක් ඇතුලත 50 ගහන්න පුළුවන් වෙයි කියලනම් හිතුවෙ නෑ.ඒත් කොහොමහරි 50ට වෙනකම්ම ආවා.ඒ වගේම මගෙ උපසිරැසි අරන් ෆිල්ම් බලපු හැමෝටම ස්තූති වන්ත වෙනවා.තවත් කාලයකට මම නිහඩව ඉන්න සූදානමකුත් තියෙනවා.මොකද කියනවනම්, ඒකත් පෞද්ගලික හේතුවක්ම තමා.තේරෙනව ඇතිනේ හැමදේම මුලින් පිලිවෙලක් කරන් ඉන්න එපැයි කියලා…

Sleep Tight AKA Mientras duermes (2011) – තද නින්ද

හැමෝම කරන්නෙ 50, 100, 150 වගේ සබ් දෙද්දි අලුතින් ආපු ෆිල්ම් එකකට උපසිරැසි කරන එකනේ.ඒත් මම වෙනසකටත් එක්ක ස්පැනිශ් ෆිල්ම් එකක් ගේන්න හිතුවා.ඇත්තම කියනවනම් ස්පැනිශ් වල රසිකයෙක් වුනේ අපේ හසිත සහෝදරයා දාපු The Invisible Guest 2016 එක නිසයි.ඉතින් එහෙම පිස්සු වැටුන මම අන්තිමට නැවතුනේ IMDB අගයන්වලින් ඉහලම අගයන් ගත්ත ඔක්කොම ස්පැනිශ් ෆිල්ම් ටික බලලයි.ඉතින් තේරෙනවා ඇතිනේ ස්පැනිශ් ෆිල්ම් එකක තියෙන වෙනස.ඒ වගේම තමා අන්තර්ගතය ගැන එහෙමත් කියන්න වචන නෑ.ඒක නිසාම බලපු ෆිල්ම් වලින් ආස හිතුන එකක සබ් එකක් ගේන්නම හිතුවා.ඔයවිදිහට ආපු අදහස තමා අද වෙද්දි මෙහෙම ලැබිලා තියෙන්නෙ.ඇත්තටම කියනවනම් මම මේ සබ් එක හදලා සති 2කට වැඩී ඉතින් මට හිතුන මොහොතෙම සබ් එක ඉවරකලා ඒත් අන්තිමට දෙන්න උනේ අදයි…

මේක අයත් වෙන්නෙ Drama, Horror, Thriller ඝනයට.නිකුත් වෙලා තියෙන්නෙ 2011 ඔක්තෝබර් 14දිනයි.මිනිත්තු 102ක් පුරා දිවයන මෙම සිනමා සිත්තම IMDB අගය 7.2ක්ද, Rotten Tomatoes වල 93%ක ප්‍රතිශතයක්ද, Metacritic වල 70%ක ප්‍රතිශතයක්ද සටහන් කර තිබෙනවා.ඒ වගේම මේකට සම්මාන 9ක්ද නාමයෝජනාවීම් 23ක්ද, ලැබිලා තියෙනවා…

කතාව ගැන කියනවනම්,

කතා නායකා වෙන්නෙ සීසර්ඇ.ත්තටම මෙයා කුලී නිවාස සංකීර්ණයක් බලාකියාගන්න කෙනෙක්ඒ. වගේම එයා හිතාගෙන ඉන්නෙ එයා ඉපදිලා ඉන්නෙ සතුට කියන දේ නැති කාලකණ්ණියෙක් විදිහට කියලයි.ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මෙයාගෙ මෙහෙයුම වෙන්නෙ එයාවටේ ඉන්න හැමෝගෙම සතුට උදුරගෙන නැති කරල දාන එකයි.ඒත් ක්ලාරා, එයත් මේ නිවසකම ජීවත් වෙන කෙනෙක්.එයා ටිකක් වෙනස්මො.කද සීසර් කොච්චර දේවල් කරත් ඒත් දේවල් තවත් අමාරු කරන එක තමා වෙන්නෙ.ඉතින් සීසර් හිතාගන්නවා ඇයව මානසිකව වට්ටන්න.ඒත් නොසිතූ ලෙස දේවල් වෙනස් වෙන්න ගන්නෙ ක්ලාරගෙ පෙම්වතා කතාවට අවතීර්ණ වීමත් සමගයි.ඉතින් මීටවඩා දෙයක් නම් මම කියන්න යන්නෑ.ලස්සන කතාවක් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.පවුලෙ හැමෝටමනම් බලන්න බැරි පොඩි කොටසක් තියේ??

..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..

 ෴එහෙනම් නැවත හමුවෙන තුරු සුභ ගමන් කියනගමන් මම නවතිනවා෴

සියළුම BluRay පිටපත් සඳහා

Spoiler Warning : César is the superintendent of an apartment building and keeps very close tabs on the tenants. He secretly enjoys inflicting pain on others, and the occupant of apartment 5B will be his new target…

Direct Download සිංහල උපසිරැසිය ලබා ගන්න
5742 Downloads
Available Torrents
720p bluray 926.9 MB
GET
1080p bluray 1.86 GB
GET
Pasindu Amarasinghe
16 Movies
35 TV Series
51 Total
SubzLK වෙනුවෙන් Pasindu Amarasinghe කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (68)
← Older
Newer →
  • Prabath Ayesha Unregistered
    Android 5.1 Chrome 54
    2017-11-25

    Suba pathum mcn.meh karanne oyaka loku sewayak.oyath subzlk akatath godak thanq mcn me karana sewayata.

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-25

      බොහොමත්ම ස්තූතියි සහෝදරයා

  • Madusara Manawasinghe New Subtitler
    Windows 10 Chrome 62
    2017-11-25

    සුබ උපන්දිනයක් වගෙම ජිවිතයත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුබ පතනවා.
    ජයවේවා!

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-25

      බොහොමත්ම ස්තූතියි සහෝදරයා

  • Sandun Unregistered
    Android 5.1 Chrome 62
    2017-11-25

    50 weni kadaimata suba pathum…. idiri katayuthu sarthaka wenna kiyala suba pathanawa…

    OBATA JAYA… …..

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-25

      බොහොමත්ම ස්තූතියි සහෝදරයා

  • Amalka Unregistered
    Android 4.3 UC Browser 11
    2017-11-25

    සුබ උපන්දිනයක් මචන් උඹේ උපන්දිනේට හරිනම් අපියි තෑගි දෙන්න ඕන ඒ වෙනුවට ඔයාම අපිට තෑග්ගක් ගෙනල්ලනෙ සබ් එකට තැන්ක්ස් බාගන බලමුකො
    ඒ වගේම 50වෙනි උපසිරැසියට සුබ පැතුම් ඔහොම්ම ඉදල 100ත් ගහමු
    ප්‍රතිචාරගැන හිතන්න එපා දිගටම සබ් දෙන්න අපි අතර ඉන්න ගොඩක් එව්න් ගන්න සබට කමෙන්ට් එකක් දාල යන්නත් ලෝබයි ඒත් ඒ ගැන හිතන්න් එපා ඒ මිනිස්සු ආතරම ඉන්නව පමාවෙලා හෝ ඇවිත් ස්තූතී කරල දිරිමත් කරන පිරිසක් එයාල දිගටම ඔයාලත් එක්ක ඉඳීයි එයාල වෙනුවෙන් දිගටම සබ් දෙමූ ? ??

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-25

      අනිවාර්යයෙන් සහෝදරයා ??✌️
      බොහොමත්ම ස්තූතියි අමල්ක සහෝ

  • Madura J. Kawshalya Unregistered
    Windows 10 Chrome 62
    2017-11-25

    කවුද මේ පසිඳු අමරසිංහ කියන්නෙ …
    මේ ඇවිල්ලා බහු කාර්‍ය මැසිමක් …
    1)අලුතෙන් නිකුත් වෙන සිනමා පට , ටෙලි කතා මාලා නිකුත් වූ සැනින් ෆේස්බුක් හරහා ඩිරෙක්ට් ලින්ක් ලබා දෙන්නෙක් .
    2)තොරතුරු තාක්ෂණය පිලිබඳ අති සාර්ථක බ්ලොග් අඩවියක , යුටියුබ් චැනලයක හිමිකරුවෙක් ..
    3)අති සාර්ථක සිංහල උපසිරැසි කරුවෙක් ..
    4) etc..

    මම සරලව මෙහෙම කියන්නම් ..
    දැන් අවුරුදු 20ක් දඟකාර , හැඩකාර , දක්ශ තරුණයෙක් නෙ ..
    තමන්ගෙ 20 වෙනි උපන් දිනය මේ වගේ වෙනසකින් සමරන මේ වෙලාවෙ
    සාර්ථක , සතුටුදායක සුබම සුබ උපන් දිනයක් , සුබ අනාගතයක් වේවා ..
    .
    ඒ වගෙම අනිත් දේ , 50 වෙනි උපසිරැසිය , අර්ධ ශතකය වෙනුවෙන් උනුසුම් සුබ පැතුම් .
    .
    භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ

    භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ

    භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ
    .
    ජයවේවා ,,බුදු සරණයි ..දෙවි පිහිටයි …

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-26

      මගෙ අම්ම්මෝ මොකද්ද මේ දෙවියනේ?
      මට පිරිතක් එක්කම සුභ පතලා ✌️
      බොහොමත්ම ස්තූතියි මධුර සහෝදරයා ?

  • Sanjeewa Priyadarshana Junior Subtitler
    Windows 10 Chrome 62
    2017-11-25

    මචන් සුභම සුභ උපන්දිනයක් වේවා!!! ඒ වගේම 50 වැනි උපසිරැසියටත් සුභ පතනවා බන්…සත 5 ක් වත් ගන්නේ නැතිව කාලය, ශ්‍රමය වැය කරලා උපසිරැසි හදන එක හැමෝටම බෑ බන්…ගොඩක් දෙනා දෙයක් කරන්නේ තමන්ට වාසියක් ලැබෙනව නම් විතරයි.ඒත් උඔ කරන දේට මුළු හදවතින්ම සුභ පතනවා බන්.ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මචන්.

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-25

      ඒක ඇත්ත සහෝදරයා?
      බොහොමත්ම ස්තූතියි

  • hiran Unregistered
    Windows 7 Firefox 58
    2017-11-25

    good luck brooo..digatama gema gahamu…100th adimu…subama suba anagathayak broo.tnx api wenuwen krna sewayata

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-25

      අනිවාර්යයෙන්
      බොහොමත්ම ස්තූතියි හිරාන්

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Chrome 62
    2017-11-25

    සුබ උපන්දිනක් වේවා පසිඳු සහෝ…ඔයාගේ 50 වෙනි උපසිරසියට පරක්කුවෙලා හරි හදවතින්ම
    සුබ පතනවා…තවත් මේ වගේ නිර්මාණයන් කරලා 100,200…විදියටඋපසිරසි කඩයිම් පසුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
    කියලා ප්‍රාර්ථනා කරනවා….!

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-25

      බොහොමත්ම ස්තූතියි ලක්ශාන්සහෝ?

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 62
    2017-11-25

    මුලින්ම සුබ උපන්දිනයක් වේවා .. අනිවා මම කලින් දැනගෙන හිටියා .පසිදු සබ් 50 ක් ගහනවා කියලා ..2016 දී මට මතකයි ඔයාගේ Vixen සබ් එක ගැන කවිශ මට කිව්වා ..මම තමා කිව්වේ සබ් 2 කම දාන්න කියලා ..කලින් ඉදලාම වෙනස් විදියේ උපසිරැස් කරපු කෙනෙක් ..විශේෂයෙන් ජපන් කථා වලට …පසිදු ගැන විශේෂ යමක් කිව්වොත් හොද system analyst කෙනෙක් .සයිට් එකේ bug එකක් තිබුනොත් මුලින්ම මට නිව්ස් එක එන්නේ පසිදු ගෙන් .. ඒවගේම රසිකයන්ගෙන් මෙන්ම අනිත් උපසිරැසි කරුවන්ගේ ආදරයට පත් උන කෙනෙක් .. ඒවගේම මග නැවතිලා තිබුන Beyond කතා මාලාවත් ඉවර කිරීම පිලිබදවත් සතුට පල කරන්න ඕන ..හසිත වගේම පසිදු ත් මගේ පුද්ගලිකම ආසම උපසිරස් කරුවෙක් ඒ වෙනස් විදියේ උපසිරැස් කරන නිසා ..පල වෙනි උපසිරැසට කොමෙන්ට් ලැබුනේ නැහැ කිව්වට .. වෙන උපසිරැස් කරුවෙක් ගේ උපසිරැසට අනිවාර්යෙන්ම කොමෙන්ට් එකක් කරනවාමයි ..(සුමින්ද මල්ලි වගේ )..මගෙන් උණුසුම් සුබ පැතුම් ඔබගේ 50 වෙනි උපසිරැසටත් ..ඒ වගේම සුබ උපන්දිනයක් !!! (මම එත් බැලුවා කවිශයයි සමිරයයි හොර ගල් අහුලද්දී ..මේකයි එතකොට ඒ විශේෂ දේ )…

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-26

      හම්මෝ
      එදා ඒ කරපුදේට මම තාමත් ස්තූතියි කරනවා
      මොකද එදා එහෙම පටන්ගත්ත දේ තමා අද මේ තරමක් දුර එන්න ශක්තිය උනේ….
      බොහොමත්ම ස්තූතියි දමිත් සහෝ
      ඔයා සයිට් එකට අලුත් ලුක් එකකුත් දීලා තියෙනවා කියලත් පේනවා….

  • Manoj Sachintha Unregistered
    Windows 8.1 Chrome 61
    2017-11-25

    පනස්වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පැතුම් සහෝ!
    මේ වගේ ඉක්මනට 100ත් ගහමු…
    ඒ වගේම සුබ උපන්දිනක් මචං…
    ජය වේවා!

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-26

      අනිවාර්යයෙන් මනෝජ්
      බොහොමත්ම ස්තූතියි සහෝදරයා

  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7
    2017-11-25

    සහෝගේ පළවෙනි උපසිරැසියට කිසිම කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණේ නෑනේ.
    මමත් ඒ ගැන දැනගත්තේ සහෝ මේ ලිපියෙන් කිව්ව හින්දයි. හැබැයි ඩවුන්ලෝඩ් කරගත්ත අය 100 පන්නලා ඉන්නවා.
    ඔන්න එහෙනම් මම ඒ අඩුපාඩුව මැකෙන්න කියලා හිතන් ඒ උපසිරැසියට කමෙන්ට් එකක් දැම්මා. දැන් සම්පූර්ණයි.

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-26

      බොහොමත්ම ස්තූතියි ඒකට ලහිරු

  • Hasitha Prasad Unregistered
    Windows 7 Firefox 57
    2017-11-25

    25 වෙනිදා විශේෂ වෙන හේතුව ඇහුවම ? කිව්වෙම නෑ නේද? මමත්
    එක එක හේතු හිතාගෙන හිටියට අද පසිඳුගෙ උපන්දිනය වෙන්න ඇති කියල නිකමටවත් හිතුණෙ නෑනෙ. ???ඉතින් ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා, පසිඳු. ඒ වගේම Subzlk අඩවියේ උපසිරැසි අර්ධ ශතකයේ ? කඩයිමට ලඟාවූ දෙවෙනි උපසිරැසිකරුවා වීම වෙනුවෙනුත් මගේ උණුසුම් සුභ පැතුම්. මුලින්ම උපසිරැසි අර්ධ ශතකය සම්පූර්ණ කලේ මමයි කිව්වට ඒකට හේතුව අඩවියට සම්බන්ධ වෙන්න කලින් මම මාස ගාණක් තිස්සෙ කල උපසිරැසි එකතුවක් මං ලඟ තිබීමයි. ඒ සියල්ල එකවිට පළකිරීම නිසා මට උපසිරැසි 50 කඩයිමට ලඟාවෙන්න ඕනවුණේ උපසිරැසි 20 ක වගේ ප්‍රමාණයක් විතරයි. එහෙම බැලුවම උපසිරැසිකරණය අතින් පසිඳු මට වඩා ගොඩක් වේගවත් වගේම සාර්ථකයි. උපසිරැසිකරණය කියන්නෙ කාලය ශ්‍රමය කැපකරමින් කෙරෙන සෑහෙන වෙහෙසකාරී අසීරු ගමන් මගක්?, ඒ වගේ අසීරු ගමන් මගක මේ වගේ අති සාර්ථක ගමනක් එන්න ලොකු කැපවීමක් වගේම උනන්දුවක් ? අවශ්‍යයි, පසිඳු කියන්නෙ ඒ සියල්ලගෙන්ම සම්පූර්ණ වුණ කෙනෙක් බව උපසිරැසි අර්ධ ශතකය කරා ලඟාවීමෙන් අද ඔහු ඔප්පු කරල තියනවා. දමිත්, කවීෂ, සමීර ඇතුළු අපේ ඇඩ්මින් මඩුල්ල වගේම පසිඳු කියන්නෙත් මගේ උපසිරැසි වැඩකටයුතුවලට සෑහෙන්න උදවු කල වගේම අදටත් කරන කෙනෙක්. සමහරවෙලාවට ඉංග්‍රීසි උපසිරැසි හොයාගන්න නැති ? වෙලාවට ඒව සොයා දීම, චිත්‍රපටවල අලුත් පිටපත් එනකොටම ඉක්මනින්ම දැනුම් දීම වගේ මිල කරන්න බැරි උදවු පසිඳු කරන්නෙ ස්වේච්ජාවෙන්මයි. ඒ සියල්ලක්ම වෙනුවෙන් ස්තූති කරන්නත් ? ? මම මේක අවස්ථාවක් කරගන්නවා.
    ඒ වගේම 50 වෙනි උපසිරැසිය වෙනුවෙන් ස්පාඤ්ඤ චිත්‍රපටයක් තෝරගැනීම ? ගැනත් ගොඩක් සතුටුයි . ඇත්තටම කිව්වොත් මාත් මේ චිත්‍රපටය බලල නෑ. ස්පැනිෂ්නං ඉතින් ආයි බල බල ඉන්න දෙයක් නෑ අදම ඩවුන්ලෝඩ් වෙන්න දාන්න ඕනෙ.
    අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ අන් අය වෙනුවෙන් තම කාලය ? ? ? ධනය ශ්‍රමය කැපකරමින් ,කිසිදු ලාබ ප්‍රයෝජනයක්ද නොලබා කරන මේ කර්තව්‍යය අර්ධ ශතකයෙන් නොනැවතී ශතකයත් ද්විත්ව ශතකයත් පසුකරමින් ඉදිරියටම➡️➡️➡️ කරගෙන යන්නට පසිඳු මල්ලිට ශක්තිය සහ ධෛර්‍යය ලැබේවා කියලයි.
    ?? ☸️ ✝️ ☪️ ?

    P.S:-
    මීලඟට අර්ධ ශතක ආසන්නයේ ඉන්න අයත් ඉක්මන් කරල අර්ධශතකලාභී ? ලැයිස්තුවට එක්වෙමු.

    Reply
    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2
      2017-11-26

      ඇත්තම කියනවනම් සමාවෙන්න ඕනි මොකද මට ඔයාගෙ 50දි සයිට් එක පැත්තෙ එන්නවත් බැරි කාලයක ඉදියේ.
      ඒක නිසා ශතකය ඉක්මනින්ම ගහන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
      ඒ වගේම තමා හසිත සහෝ උපසිරැසි දීපු හැම ෆිල්ම් එකක්ම මම බැලුවා..
      කියන්න තියෙන්නෙ ඔයා උපසිරැසි කරණයේ
      විශිෂ්ට යෙක් කියලයි.
      ඒ වගේම තමා මගෙ උපන්දිනයට සුභ පැතුවට බොහොමත්ම ස්තූතියි ??

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 123
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved