Mientras duermes AKA Sleep Tight (2011) Sinhala Subtitle
සුභ දවසක් වේවා හැමෝටම.අද මට ගොඩක් විශේෂ දවසක් මොකද කියනවනම් අද මගෙ 20 වෙනි උපන්දිනේ.තව Subz LK එකත් එක්ක එකතුවෙලා අවුරුද්දකුත් වෙනවා.ඒ වගේම තමා අද මම ගෙනාවෙ මගෙ පනස් වෙනි උපසිරැසිය.ඇත්තටම මේක සයිට් එකටත් විශේෂ දවසක් වෙනවා.මොකද මේ එයාලගෙ සාමාජිකයන්ගෙන් දෙවෙනි අර්ධ ශතකය දන්නවනේ.කලින් හසිත සහෝ කියලා එයා ලගදිම සයිට් එකේ එයාගෙ ශතකයත් සටහන් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.ඔන්න ඔයවගේ කාරණා කිහිපයක් නිසාම අද මට විශේෂ දවසක් වෙනවා…
මෙතෙක් ආ ගමන්මග ගැන කතා කරනවනම්ම, ම 2016 නොවැම්බර් 20 වෙනිදා තමා මගෙ පලවෙනි උපසිරැසිය Subz LK ලට දෙන්නෙ ඒ මමයි මගෙ යාලුවෙකුයි කරපු Vixen – Season 02 එක්ක.ඇත්තටම මේකට සබ් කරත් දෙන්න සයිට් එකක් හිතාගන්න බැරිවුන.ඒ කාලෙ ඇත්තටම ආධුනිකයන්ට තැනක් දීපු සයිට් එකක් තමා Subz LK කියන්නෙ.මම මේක ගැන දැනගත්තෙ යාලුවෙක්ගෙන්ඔ.හොම ගිහින් මං සබ් එක යැව්වම මට පොඩි ප්‍රශ්නයකුත් ආවා.ඒ තමා මේ උපසිරැසියට තවත් කෙනෙක් සබ් කරල තිබුන එක, ඒත් ඇඩ්මින්ලා මගෙ උපසිරැසිය අයින් කලේ නෑ.එයාලා කලේ දෙන්නගෙම සබ් එක දැම්ම එකයි.ඒකට එයාලට මම තාමත් ස්තූතිවන්ත වෙනවා මොකද එදා එයාලා මගෙ සබ් එක නොදැම්මනම්, අද වෙනකොට මම උපසිරැසි නොකරන්නත් ඉඩ තිබුණා.පස්සෙ මම දැක්කම සයිට් එකේ දාලා තියෙනවා ඇත්තටම ඒකෙන් දැනුන ආත්මතෘප්තිය කියාගන්න බෑ.ඒත් මගෙ පලවෙනි උපසිරසියට නම් එක කමෙන්‍ට් එකක්වත් ලැබුනෙ නෑ…
පස්සෙ මට කාලයක් යනකම් උපසිරැසියක් දෙන්න බැරිවුනා පෞද්ගලික හේතු රැසකට හිරවෙලා ඉදපු නිසා.ඒත් මම ඒ මාස කිහිපයෙම උපසිරැසි භාගෙට කර කර හිටියත් එකක්වත් ඉවරයක් කරන්න උනේ නෑ.ඉතින් ඔයවගේ ලොකු කාලයකට පස්සෙ මම ආපහු එන්නෙ 2017 ජූලි මාසෙ Stallion of the Cimarron (2002) ෆිල්ම් එකත් එක්ක.ඉතින් ඒකට නම් මට ප්‍රතිචාර ටිකක් තිබුනා.මේ අතරතුර කාලය ගැන කියනවනම් මට මුලින්ම සමීපවුන ඇඩ්මින් මලයා තමා අපේ කවීශ සහෝදරයා ඉතින්එ.යා තමා මගෙ උපසිරැසි මුල ඉදලම පලකිරීම් කරගෙන ගියේ ඉතින් මොන වැඩේ තිබ්බත් අනිවා එයා ඒ දේ කලා.පස්සෙ හම්බවෙන්නෙ අපේ උපසිරැසි කණ්ඩායමේ සුමින්ද මලයව.එයානම් මට මිත්‍රයෙක්ට වඩා සහෝදරයෙක් තරමට සමීප උනා.මොකද කියනවනම් ඇත්තටම එයා මට පරණ වගේ අලුත් ෆිල්ම් ගැන එහෙමත් දැනුවත් කරනවා.ඒ වගේම එයානෙ අපේ දෙමල ෆිල්ම් පැත්ත කරගෙන යන්නෙත්.සුමින්ද කියන්නෙ ආශ්‍රය කරන්න හොද මිත්‍රයෙක්?.ඒ වගේම තමා එයා මාර්ගයෙනුයි මම අනිත් ඇඩ්මින් සහෝදරයන්ව හදුනගත්තෙ.ඉතින් මේ සයිට් එක ඇදගෙන යන සුපිරිම ඇඩ්මින්ලා ටිකක් තමා කවීශ, සමීර, දමිත්, පසිදු කියන්නෙ.ඇත්තටම එයාලට ස්තූතිවන්ත වෙන්න තමා ඔයාලා අපි මේ දාන උපසිරැසි එක තැනකින් මෙහෙම ගන්නෙත්.ඉතින් ඒ වගේම තමා හැමෝම දන්නවා මෙතන කිසිම ලාභ අපේක්ශාවක් නෑ කියලා…
“හැම උපසිරැසි කරුවෙකුගෙම සතුට රැදිලා තියෙන්නෙ එයාලාගෙ කාලය වැය කරලා කරන උපසිරැසියට ලැබෙන ප්‍රතිචාරවල විතරයි.”
ඉතින් ඒ වගේම නොවරදවා ප්‍රතිචාර දක්වන පිරිසක් දැනටමත් අපි එක්ක ඉන්නවා ඒ අයටත් බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා.
මම මෙතෙක් වෙනකම් උපසිරැසි රැගෙන ආව පිලිවෙල තමා මේ,
- Vixen Season 2 (2016)
- Spirit: Stallion of cimarron (2002)
- Revolt (2017)
- All is Lost (2013)
- Another Forever (2016)
- One Punch Man (2015) *[19 Episodes]
- Jackals (2017)
- The Atoning (2017)
- Annabelle: Creation (2017)
- Gantz: O (2016)
- Gantz (2010)
- Gantz: Perfect Answer (2011)
- War For The Planet Of The Apes (2017) *[Top Downloads]
- Amityville: The Awakening (2017)
- Absentia (2017) *[Still Subtitles For 9 Episodes]
- Beyond (2017) *[Subtitles for 5 Episodes]
- Singularity (2017)
- Pixar short Movie Collection (1956-2017)
- Straightheads aka Closure (2007)
- Sleep Tight (2011) *[50]
ඉතින් නොබලපු කෙනෙක් ඉන්නවනම් අරගෙන බලන්න.ඉතින් මම කරපු උපසිරැසි වලින් ගොඩක්ම සතුටුවුන නිර්මාණයක් තමා War For The Planet Of The Apes උපසිරැසිය.මොකද ඒකට තමා මට වැඩිම ප්‍රතිචාර ලැබිලා තිබුණේ.දන්නවනේ ඉතින් හැමෝම ඒකට මුලින්ම සබ් එක දුන්නෙත් අපෙන් කියලා.ඒවගේම මේ වෙනකොට ඒකට 24000+ Downloads තියෙනවා.ඇත්තටම ඒක ගැනනම් මම ගොඩක්ම සතුටුවෙනවා.ඉතින් මාස 4ක වගේ කාලයක් ඇතුලත 50 ගහන්න පුළුවන් වෙයි කියලනම් හිතුවෙ නෑ.ඒත් කොහොමහරි 50ට වෙනකම්ම ආවා.ඒ වගේම මගෙ උපසිරැසි අරන් ෆිල්ම් බලපු හැමෝටම ස්තූති වන්ත වෙනවා.තවත් කාලයකට මම නිහඩව ඉන්න සූදානමකුත් තියෙනවා.මොකද කියනවනම්, ඒකත් පෞද්ගලික හේතුවක්ම තමා.තේරෙනව ඇතිනේ හැමදේම මුලින් පිලිවෙලක් කරන් ඉන්න එපැයි කියලා…

Sleep Tight AKA Mientras duermes (2011) – තද නින්ද
හැමෝම කරන්නෙ 50, 100, 150 වගේ සබ් දෙද්දි අලුතින් ආපු ෆිල්ම් එකකට උපසිරැසි කරන එකනේ.ඒත් මම වෙනසකටත් එක්ක ස්පැනිශ් ෆිල්ම් එකක් ගේන්න හිතුවා.ඇත්තම කියනවනම් ස්පැනිශ් වල රසිකයෙක් වුනේ අපේ හසිත සහෝදරයා දාපු The Invisible Guest 2016 එක නිසයි.ඉතින් එහෙම පිස්සු වැටුන මම අන්තිමට නැවතුනේ IMDB අගයන්වලින් ඉහලම අගයන් ගත්ත ඔක්කොම ස්පැනිශ් ෆිල්ම් ටික බලලයි.ඉතින් තේරෙනවා ඇතිනේ ස්පැනිශ් ෆිල්ම් එකක තියෙන වෙනස.ඒ වගේම තමා අන්තර්ගතය ගැන එහෙමත් කියන්න වචන නෑ.ඒක නිසාම බලපු ෆිල්ම් වලින් ආස හිතුන එකක සබ් එකක් ගේන්නම හිතුවා.ඔයවිදිහට ආපු අදහස තමා අද වෙද්දි මෙහෙම ලැබිලා තියෙන්නෙ.ඇත්තටම කියනවනම් මම මේ සබ් එක හදලා සති 2කට වැඩී ඉතින් මට හිතුන මොහොතෙම සබ් එක ඉවරකලා ඒත් අන්තිමට දෙන්න උනේ අදයි…
මේක අයත් වෙන්නෙ Drama, Horror, Thriller ඝනයට.නිකුත් වෙලා තියෙන්නෙ 2011 ඔක්තෝබර් 14දිනයි.මිනිත්තු 102ක් පුරා දිවයන මෙම සිනමා සිත්තම IMDB අගය 7.2ක්ද, Rotten Tomatoes වල 93%ක ප්‍රතිශතයක්ද, Metacritic වල 70%ක ප්‍රතිශතයක්ද සටහන් කර තිබෙනවා.ඒ වගේම මේකට සම්මාන 9ක්ද නාමයෝජනාවීම් 23ක්ද, ලැබිලා තියෙනවා…
කතාව ගැන කියනවනම්,
කතා නායකා වෙන්නෙ සීසර්ඇ.ත්තටම මෙයා කුලී නිවාස සංකීර්ණයක් බලාකියාගන්න කෙනෙක්ඒ. වගේම එයා හිතාගෙන ඉන්නෙ එයා ඉපදිලා ඉන්නෙ සතුට කියන දේ නැති කාලකණ්ණියෙක් විදිහට කියලයි.ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මෙයාගෙ මෙහෙයුම වෙන්නෙ එයාවටේ ඉන්න හැමෝගෙම සතුට උදුරගෙන නැති කරල දාන එකයි.ඒත් ක්ලාරා, එයත් මේ නිවසකම ජීවත් වෙන කෙනෙක්.එයා ටිකක් වෙනස්මො.කද සීසර් කොච්චර දේවල් කරත් ඒත් දේවල් තවත් අමාරු කරන එක තමා වෙන්නෙ.ඉතින් සීසර් හිතාගන්නවා ඇයව මානසිකව වට්ටන්න.ඒත් නොසිතූ ලෙස දේවල් වෙනස් වෙන්න ගන්නෙ ක්ලාරගෙ පෙම්වතා කතාවට අවතීර්ණ වීමත් සමගයි.ඉතින් මීටවඩා දෙයක් නම් මම කියන්න යන්නෑ.ලස්සන කතාවක් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.පවුලෙ හැමෝටමනම් බලන්න බැරි පොඩි කොටසක් තියේ??
..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..
෴එහෙනම් නැවත හමුවෙන තුරු සුභ ගමන් කියනගමන් මම නවතිනවා෴
සියළුම BluRay පිටපත් සඳහා
Spoiler Warning : César is the superintendent of an apartment building and keeps very close tabs on the tenants. He secretly enjoys inflicting pain on others, and the occupant of apartment 5B will be his new target…
Niyamayi bro.. Ikmanatama 100 kadaimatath yanna lebenna kiyala wish karanawa…
බබොහොමත්ම ස්තූතියි සසහෝදරයා
නියමයි නියමයි පසිදු සහෝ.
මුලින්ම 20 වෙනි උපන් දිනයට “”සුබම සුබ උපන්දිනයක් වේවා!” කියලා සුබ පතමී….
ඒ වගේම 50 වෙනි උපසිරැසි නිර්මාණයටත් හෘදයාංගමය උණුසුම් සුබ පැතුම් සහෝ.
සහෝගේ සබ් වලට මම කැමති උනේ ඇත්තටම ඇබ්සෙන්ටිආ කතා මාළාව නිසා තමා.
ඊට කලින් මම සහෝගේ සබ් එක්ක ෆිල්ම් කතා බලලා තිබ්බේ නෑ.
නමුත් හොද හැටි අදුරගෙන හිටියා. මොකද කිව්වොත් සහෝ අලුතින් නිකුත් වුණු ෆිල්ම් සහා ටීවී එපිසෝඩ් වලට ඉක්මනින් ලින්ක් දෙන නිසාත්, සහෝට මම සමහර අවස්ථා වලදී වද දිදී අරකේ ඩිරෙක්ට් ලින්ක් හදලා දෙන්න කිය කිය වද දෙන නිසාත්. ඒ කරදර කිරීම් වලට මම මෙතනදී සමාව ඉල්ලා සිටිමි සහෝ.
තමන්ගේ කාලය ශ්‍රමය වැය කරමින් කරගෙන යන්නා වූ මේ කාර්‍යයන් සියල්ලටම හද පිරි ස්තූතිය පුද කරමී.
ඒ වගේම තවත් පුළුවන් කාලයක් මෙය කරන් යන්නට අවැසි ශක්තිය ලැබේවා කියලා පතමි.!
එහෙනම් ජයෙන් ජයම වේවා පසිදු සහෝ!!!!!
((එහෙනම් වෙනසකටත් එක්ක මාගේ පලමු ස්පැනිශ් චිත්‍රපට අත්දැකීම මෙය වේවී, ස්තූතියි!)
බොහොමත්ම ස්තූතියි සහෝදරයා
meka Twisted Thrill film ekak saho
elama saho thanks
ඔව් ඔව්…
ඒකම තමා දෙන්නත් හේතුව…
ස්තූතියි සහෝදරයා.පුලුවන් නම් the body (2012) කියන ෆිල්ම් එකටත් සබ් එක දෙන්න .ඒකත් මේ වගේම නියම ෆිල්ම් එකක්.
niyamai saho digatama sub denna
Thanks bro. Really appreciate your kind help as a video shop owner. keep up the good work, Thanks again….
Tns machan sub akata
දෙවල් දෙකතුනක්ම එකතුකරල පනහ ගහල තියෙන්නෙ හරියට හයෙ පාරකින්ම 50ය ගහනව වගෙනෙ පට්ට ඇ සමාවෙන්න ඔන පරක්කු උනාට සුබපතන්න එවුනත් හැපිබත්ඩෙ ඇ.
සුමිත් කියලතියනව වගෙ දැන ස්පැනිෂ් හරි කමන්නැ සෙන්යොරිටාකෙනෙක් හොයාගත්තනම් හරි(දැනටම ඉන්නවනම් එපා ඇ අපි නැ ඔවට අම්බෙ ?)තාම 20යිනෙ සබ් කරන්න තරම් ඉංගිරිසි දන්නව කියන්නෙ හොද ඉගනගත්ත කොල්ලෙක් නෙ.
අපිටනම් ඔය වයසෙදි has been have been කිව්වම අපිව mr බින් වෙනව?.එක නිසා හොදට ඉගන ගන්න කියල අපි ඔයාව සතුටු සිතින් වශාම යවනව(එහෙම කිව්වට සබ් එකක් දෙකක් ඔනි ඇ)සුබ අනාගතයක්(මහින්ද දෙනවකිව්ව එකනෙමෙ හොදෙ ඔරිඡිනල්ම එකක්?).
Thank you very much dear Friend. Wish you all the best and we always thankful to you for your work. Please keep up the good work. Bless full future.
Congtzzzzzzzzzzzzzzzz