Mientras duermes AKA Sleep Tight (2011) Sinhala Subtitle
සුභ දවසක් වේවා හැමෝටම.අද මට ගොඩක් විශේෂ දවසක් මොකද කියනවනම් අද මගෙ 20 වෙනි උපන්දිනේ.තව Subz LK එකත් එක්ක එකතුවෙලා අවුරුද්දකුත් වෙනවා.ඒ වගේම තමා අද මම ගෙනාවෙ මගෙ පනස් වෙනි උපසිරැසිය.ඇත්තටම මේක සයිට් එකටත් විශේෂ දවසක් වෙනවා.මොකද මේ එයාලගෙ සාමාජිකයන්ගෙන් දෙවෙනි අර්ධ ශතකය දන්නවනේ.කලින් හසිත සහෝ කියලා එයා ලගදිම සයිට් එකේ එයාගෙ ශතකයත් සටහන් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.ඔන්න ඔයවගේ කාරණා කිහිපයක් නිසාම අද මට විශේෂ දවසක් වෙනවා…
මෙතෙක් ආ ගමන්මග ගැන කතා කරනවනම්ම, ම 2016 නොවැම්බර් 20 වෙනිදා තමා මගෙ පලවෙනි උපසිරැසිය Subz LK ලට දෙන්නෙ ඒ මමයි මගෙ යාලුවෙකුයි කරපු Vixen – Season 02 එක්ක.ඇත්තටම මේකට සබ් කරත් දෙන්න සයිට් එකක් හිතාගන්න බැරිවුන.ඒ කාලෙ ඇත්තටම ආධුනිකයන්ට තැනක් දීපු සයිට් එකක් තමා Subz LK කියන්නෙ.මම මේක ගැන දැනගත්තෙ යාලුවෙක්ගෙන්ඔ.හොම ගිහින් මං සබ් එක යැව්වම මට පොඩි ප්‍රශ්නයකුත් ආවා.ඒ තමා මේ උපසිරැසියට තවත් කෙනෙක් සබ් කරල තිබුන එක, ඒත් ඇඩ්මින්ලා මගෙ උපසිරැසිය අයින් කලේ නෑ.එයාලා කලේ දෙන්නගෙම සබ් එක දැම්ම එකයි.ඒකට එයාලට මම තාමත් ස්තූතිවන්ත වෙනවා මොකද එදා එයාලා මගෙ සබ් එක නොදැම්මනම්, අද වෙනකොට මම උපසිරැසි නොකරන්නත් ඉඩ තිබුණා.පස්සෙ මම දැක්කම සයිට් එකේ දාලා තියෙනවා ඇත්තටම ඒකෙන් දැනුන ආත්මතෘප්තිය කියාගන්න බෑ.ඒත් මගෙ පලවෙනි උපසිරසියට නම් එක කමෙන්‍ට් එකක්වත් ලැබුනෙ නෑ…
පස්සෙ මට කාලයක් යනකම් උපසිරැසියක් දෙන්න බැරිවුනා පෞද්ගලික හේතු රැසකට හිරවෙලා ඉදපු නිසා.ඒත් මම ඒ මාස කිහිපයෙම උපසිරැසි භාගෙට කර කර හිටියත් එකක්වත් ඉවරයක් කරන්න උනේ නෑ.ඉතින් ඔයවගේ ලොකු කාලයකට පස්සෙ මම ආපහු එන්නෙ 2017 ජූලි මාසෙ Stallion of the Cimarron (2002) ෆිල්ම් එකත් එක්ක.ඉතින් ඒකට නම් මට ප්‍රතිචාර ටිකක් තිබුනා.මේ අතරතුර කාලය ගැන කියනවනම් මට මුලින්ම සමීපවුන ඇඩ්මින් මලයා තමා අපේ කවීශ සහෝදරයා ඉතින්එ.යා තමා මගෙ උපසිරැසි මුල ඉදලම පලකිරීම් කරගෙන ගියේ ඉතින් මොන වැඩේ තිබ්බත් අනිවා එයා ඒ දේ කලා.පස්සෙ හම්බවෙන්නෙ අපේ උපසිරැසි කණ්ඩායමේ සුමින්ද මලයව.එයානම් මට මිත්‍රයෙක්ට වඩා සහෝදරයෙක් තරමට සමීප උනා.මොකද කියනවනම් ඇත්තටම එයා මට පරණ වගේ අලුත් ෆිල්ම් ගැන එහෙමත් දැනුවත් කරනවා.ඒ වගේම එයානෙ අපේ දෙමල ෆිල්ම් පැත්ත කරගෙන යන්නෙත්.සුමින්ද කියන්නෙ ආශ්‍රය කරන්න හොද මිත්‍රයෙක්?.ඒ වගේම තමා එයා මාර්ගයෙනුයි මම අනිත් ඇඩ්මින් සහෝදරයන්ව හදුනගත්තෙ.ඉතින් මේ සයිට් එක ඇදගෙන යන සුපිරිම ඇඩ්මින්ලා ටිකක් තමා කවීශ, සමීර, දමිත්, පසිදු කියන්නෙ.ඇත්තටම එයාලට ස්තූතිවන්ත වෙන්න තමා ඔයාලා අපි මේ දාන උපසිරැසි එක තැනකින් මෙහෙම ගන්නෙත්.ඉතින් ඒ වගේම තමා හැමෝම දන්නවා මෙතන කිසිම ලාභ අපේක්ශාවක් නෑ කියලා…
“හැම උපසිරැසි කරුවෙකුගෙම සතුට රැදිලා තියෙන්නෙ එයාලාගෙ කාලය වැය කරලා කරන උපසිරැසියට ලැබෙන ප්‍රතිචාරවල විතරයි.”
ඉතින් ඒ වගේම නොවරදවා ප්‍රතිචාර දක්වන පිරිසක් දැනටමත් අපි එක්ක ඉන්නවා ඒ අයටත් බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා.
මම මෙතෙක් වෙනකම් උපසිරැසි රැගෙන ආව පිලිවෙල තමා මේ,
- Vixen Season 2 (2016)
- Spirit: Stallion of cimarron (2002)
- Revolt (2017)
- All is Lost (2013)
- Another Forever (2016)
- One Punch Man (2015) *[19 Episodes]
- Jackals (2017)
- The Atoning (2017)
- Annabelle: Creation (2017)
- Gantz: O (2016)
- Gantz (2010)
- Gantz: Perfect Answer (2011)
- War For The Planet Of The Apes (2017) *[Top Downloads]
- Amityville: The Awakening (2017)
- Absentia (2017) *[Still Subtitles For 9 Episodes]
- Beyond (2017) *[Subtitles for 5 Episodes]
- Singularity (2017)
- Pixar short Movie Collection (1956-2017)
- Straightheads aka Closure (2007)
- Sleep Tight (2011) *[50]
ඉතින් නොබලපු කෙනෙක් ඉන්නවනම් අරගෙන බලන්න.ඉතින් මම කරපු උපසිරැසි වලින් ගොඩක්ම සතුටුවුන නිර්මාණයක් තමා War For The Planet Of The Apes උපසිරැසිය.මොකද ඒකට තමා මට වැඩිම ප්‍රතිචාර ලැබිලා තිබුණේ.දන්නවනේ ඉතින් හැමෝම ඒකට මුලින්ම සබ් එක දුන්නෙත් අපෙන් කියලා.ඒවගේම මේ වෙනකොට ඒකට 24000+ Downloads තියෙනවා.ඇත්තටම ඒක ගැනනම් මම ගොඩක්ම සතුටුවෙනවා.ඉතින් මාස 4ක වගේ කාලයක් ඇතුලත 50 ගහන්න පුළුවන් වෙයි කියලනම් හිතුවෙ නෑ.ඒත් කොහොමහරි 50ට වෙනකම්ම ආවා.ඒ වගේම මගෙ උපසිරැසි අරන් ෆිල්ම් බලපු හැමෝටම ස්තූති වන්ත වෙනවා.තවත් කාලයකට මම නිහඩව ඉන්න සූදානමකුත් තියෙනවා.මොකද කියනවනම්, ඒකත් පෞද්ගලික හේතුවක්ම තමා.තේරෙනව ඇතිනේ හැමදේම මුලින් පිලිවෙලක් කරන් ඉන්න එපැයි කියලා…

Sleep Tight AKA Mientras duermes (2011) – තද නින්ද
හැමෝම කරන්නෙ 50, 100, 150 වගේ සබ් දෙද්දි අලුතින් ආපු ෆිල්ම් එකකට උපසිරැසි කරන එකනේ.ඒත් මම වෙනසකටත් එක්ක ස්පැනිශ් ෆිල්ම් එකක් ගේන්න හිතුවා.ඇත්තම කියනවනම් ස්පැනිශ් වල රසිකයෙක් වුනේ අපේ හසිත සහෝදරයා දාපු The Invisible Guest 2016 එක නිසයි.ඉතින් එහෙම පිස්සු වැටුන මම අන්තිමට නැවතුනේ IMDB අගයන්වලින් ඉහලම අගයන් ගත්ත ඔක්කොම ස්පැනිශ් ෆිල්ම් ටික බලලයි.ඉතින් තේරෙනවා ඇතිනේ ස්පැනිශ් ෆිල්ම් එකක තියෙන වෙනස.ඒ වගේම තමා අන්තර්ගතය ගැන එහෙමත් කියන්න වචන නෑ.ඒක නිසාම බලපු ෆිල්ම් වලින් ආස හිතුන එකක සබ් එකක් ගේන්නම හිතුවා.ඔයවිදිහට ආපු අදහස තමා අද වෙද්දි මෙහෙම ලැබිලා තියෙන්නෙ.ඇත්තටම කියනවනම් මම මේ සබ් එක හදලා සති 2කට වැඩී ඉතින් මට හිතුන මොහොතෙම සබ් එක ඉවරකලා ඒත් අන්තිමට දෙන්න උනේ අදයි…
මේක අයත් වෙන්නෙ Drama, Horror, Thriller ඝනයට.නිකුත් වෙලා තියෙන්නෙ 2011 ඔක්තෝබර් 14දිනයි.මිනිත්තු 102ක් පුරා දිවයන මෙම සිනමා සිත්තම IMDB අගය 7.2ක්ද, Rotten Tomatoes වල 93%ක ප්‍රතිශතයක්ද, Metacritic වල 70%ක ප්‍රතිශතයක්ද සටහන් කර තිබෙනවා.ඒ වගේම මේකට සම්මාන 9ක්ද නාමයෝජනාවීම් 23ක්ද, ලැබිලා තියෙනවා…
කතාව ගැන කියනවනම්,
කතා නායකා වෙන්නෙ සීසර්ඇ.ත්තටම මෙයා කුලී නිවාස සංකීර්ණයක් බලාකියාගන්න කෙනෙක්ඒ. වගේම එයා හිතාගෙන ඉන්නෙ එයා ඉපදිලා ඉන්නෙ සතුට කියන දේ නැති කාලකණ්ණියෙක් විදිහට කියලයි.ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මෙයාගෙ මෙහෙයුම වෙන්නෙ එයාවටේ ඉන්න හැමෝගෙම සතුට උදුරගෙන නැති කරල දාන එකයි.ඒත් ක්ලාරා, එයත් මේ නිවසකම ජීවත් වෙන කෙනෙක්.එයා ටිකක් වෙනස්මො.කද සීසර් කොච්චර දේවල් කරත් ඒත් දේවල් තවත් අමාරු කරන එක තමා වෙන්නෙ.ඉතින් සීසර් හිතාගන්නවා ඇයව මානසිකව වට්ටන්න.ඒත් නොසිතූ ලෙස දේවල් වෙනස් වෙන්න ගන්නෙ ක්ලාරගෙ පෙම්වතා කතාවට අවතීර්ණ වීමත් සමගයි.ඉතින් මීටවඩා දෙයක් නම් මම කියන්න යන්නෑ.ලස්සන කතාවක් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.පවුලෙ හැමෝටමනම් බලන්න බැරි පොඩි කොටසක් තියේ??
..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..
෴එහෙනම් නැවත හමුවෙන තුරු සුභ ගමන් කියනගමන් මම නවතිනවා෴
සියළුම BluRay පිටපත් සඳහා
Spoiler Warning : César is the superintendent of an apartment building and keeps very close tabs on the tenants. He secretly enjoys inflicting pain on others, and the occupant of apartment 5B will be his new target…
ගුඩ් ජොබ් සහෝ..දිගටම කරගෙන යමු
ස්තූතියි චමිදු සහෝ?
අනේ මන්දා සහෝ කොහෙන් පටන්ගන්නද කියලා…?මුලින්ම ඔයාගේ විසිවෙනි උපන්දිනේට සුබ පතලා ඉන්නම්කෝ…?????සහෝගේ පලවෙනි උපසිරැසි කඩයිම අද පහු කලා…ඒකටත් සුබම සුබ පතනවා..මේ වගේම තව 100 150 200 වගේ කඩයිම් වලට ඉක්මනටම යන්න පුලුවන් වෙන්න කියලත් මම සහෝට ප්‍රාර්ථනා කරනවා…?? උපසිරැසිකරුවෙක් කඩයිමක් පහු කළොත් කරන්නේ අලුතෙන් එන ෆිල්ම්ස් වලට උපසිරැසියනේ…??වෙනසකටත් එක්ක මේ වගේ ස්පැනිශ් පරණ සුපිරි ෆිලුමකට සබ කරපු එක හොදයි සහෝ…??ඒවගේම මං ගැනත් මතක් කරපු ඔයාට ගොඩක් ස්තූතියි…??ඕන උදව්වක් ඉල්ලන්න..ඕනෙම උදව්වක් කරලා දෙන්නම්..??අනික ඔයත් මට ගොඩක් උදව් කරලා තියෙනවනේ…??මට ෆිල්ම් එකක් එහෙම හොයාගන්න ඕනේ වුනොත් ඉක්මනටම හොයලා දෙනවා…???එහෙනම් සහෝ මම ආයෙත් ඔයාගේ 50 උපසිරැසි කඩයිමට සුබ පතනවා..ඔබට ජය සහෝ…????????
හම්මෝ ඒකනම් මොකද්ද?
ගොඩක්ම ස්තූතියි සහෝදරයා ???
Thanks bro…..digatama yamu…….jayawewa…..>>>>>!
ස්තූතියි රජිත සහෝ?
මුලින්ම සුබ උපන්දිනයක් බ්‍රෝ ? ? ඊලඟට 50 වෙනි උපසිරසියට සුබ පතනවා මේවගේ සමජ සත්කාර ඉදිරියටත් කරන්න ශක්තිය,ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ????
බොහොමත්ම ස්තූතියි ඩිලාන්??
පුළුවන් ඉක්මනටම සයිට් එක පැත්තේ ආවේ අද විශේෂ දවසක් නිසා. ඇත්තටම අද සහෝට වගේම මටත් සතුටු දවසක්.
මොකද කියනවානම් සහෝ අද සාර්ථකව පළවෙනි කඩයිම පහුකළා. ඊට කලින් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ සියළුම පැතුම් ඉටුවේවා!!! ඒවගේම සාර්ථකව පසු කරන්නාවූ පළවෙනි කඩයිමටත් හදවතින්ම සුබ පතනවා. මේ විදිහටම ඉදිරි කඩයිම් ටිකටත් ළඟාවෙන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
වෙනසකටත් එක්ක 50වෙනි උපසිරැසියට මේ වගේ ෆිලුමක් කරපු එක හොඳයි. කවුරුත් කරන්නේ මේ වගේ කඩයිමකදී අළුත් දෙයක් කරන එකනේ. සහෝ වෙනස්ම විදිහේ දෙයක් කරපු එකට ඇත්තටම සතුටුයි. මාත් මේ සයිට් එකේ ලාබාලම උපසිරැකරුවෙක්. හැමදාම කමෙන්ට් එකකින් හරි උදව් කරපු කෙනෙක් තමා සහෝ, ඔයා. ඉතින් මේ වගේ උපසිරැසිකරුවෙක්ට සුබපතන එකත් මහඟු දෙයක්. සහෝ මේ සයිට් එකේ හැමදාටම ඉන්න ඕන කෙනෙක්. අවසන් වතාවට මම ආයේ සැරයක් සහෝට මුළු හදවතින්ම සුබ පතනවා. ඕබේ සියළුම පැතුම් ඒකාන්තයෙන්ම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
(මම මේ කමෙන්ට් එක දැම්මේ මට හිතට දැනෙන විදිහට තමා. කමෙන්ට් එකේ යම් අඩුපාඩුවක් තිබ්බොත් දස දහස්වතාවක් සමාවෙන්න)
හම්මො?? මොන අඩුපාඩුද සහෝදරයා ?
මේකනම් ඉහටත් උඩින්
ඇත්තටම මේකෙ හැම උපසිරැසි කරුවෙක්ම වටිනවා
අපි කියලා වෙනසක් නෑ
ඔයත් නොවරදවාම මට කමෙන්ට් එකක් දාන කෙනෙක්
ඒක ගැන බොහොමත් ස්තූතියි ??
ඔයාටත් කඩයිම් ඉක්මනින්ම පසු කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…..
සහෝ ඇත්තටම හොඳ කෙනෙක්. සහෝව මට අයියා කෙනෙක් වුනත්, සහෝ කියන නමින් කතා කළා කියලා අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා. මං මේ හිතට එන දේවල් තමා කමෙන්ට් එකකින් කියන්නේ. ඉතින් ආයේ සැරයක් අද වගේ සුවිශේෂී දිනයක ඔබට මුළු හදවතින්ම සුබපැතුම් එක්කරනවා. ඔබට බුදු සරණයි!!!
මොන වෙනසක්ද…
හැමෝම සහෝදරයොනේ..
ඔබටත් එසේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
බුදුසරණයි..
සුබ උපන් දිනයක් මචන්.ඒවගේම සුබ පැතුම් 50වෙනි උපසිරැසියට.මේවගේ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.ආයෙත් හදවතින්ම සුබ පැතුම්.ජය වේවා.බුදු සරණයි!
බොහොමත්ම ස්තූතියි ජීවන්ත ලොක්කා
අනිවා අනිවා ඉස්සරහට යමු…
අළුත් පරණ කියල නෑ හොඳම දේ තෝරල උපසිරස කරණ එක ගොඩක් වටින දෙයක්. සියළු දෙනාගේම සතුට වෙනුවෙන් ඔබගේ වටිනා කාලය වැය කරාට බොහොම ස්තුතියි!. තව තවත් උපසිරස කිරීමට කාප වේලිව ලබේවායි මම ප්‍රාර්තනා කරණව. ඔබට ජය …………………………………………………………….. !
බොහොමත් ස්තූතියි ලක්මාල් සහෝදරයා??
ස්තූතියි සහෝදරයා.ඇත්තටම spanish fims වලට මාරම විදියට ඇබ්බැහි උනා මේක බලලා.මේකෙ තියන spanish ඔක්කොම බැලුවා.පුළුවන් නම් තව spanish movie රසිකයන් වෙනුවෙන් අලුත් spanish ෆිල්ම් ටිකකට සබ් දෙන්නකෝ.ඔබට ජය
පසිදු සහෝටනම් අද තමා දවස නේද… මුලින්ම කියන්නම් සුබම සුබම උපන්දිනයක්. දැන් විස්සයි නේද.. තව ටික කාලෙකින් කසාදයක් ඒමත් බදී නේද??
උපන්දිනය දවසෙම 50නස් වෙනි උපසිරැසියත් දීලා… ඒකත් වෙබ් අඩවියට එකතු වෙලා අවුරුද්දක් පිරුණු දවසෙම. අද නම් ලොකු පාටියක් දාන්න ඕන දවසක්..?
මෙච්චර කල් හිටියා වගේ… සහයෝගෙන් අපිත් එක්ක වැඩේ කරගෙන යන්න කියලා ඉල්ලීමකුත් කරන්න ඕන.. මොකද උපසිරැසි පල කිරීමෙදි යම් යම් ප්‍රමාද වීම් වෙනකොට අපෙ අතින්… දමලා ගහලා ගිය කෙනෙක් නෙවෙයි පසිදු සහෝ. ඒ දේම අගය කරන්න ඕන. ?
අද සුවිශේෂ දවස සමරන ගමන්… 50ටත් සුබ පතන ගමන්.. 100, 150, 200 – 10000 වෙනකන්ම සබ් කොටන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. මොකද ආ මග කෙටියි. යා යුතු මග දුරයි? එහෙනම් ජය වේවා.. උපසිරැසියටත් ස්තූතියි?
හසිතගෙන් පස්සෙ දෙවෙනි 50… ඒ ගැනත් මාරම සතුටක් තියෙන්නෙ..?
බොහෝමත් ස්තූතියි සමීර?
අනිවාර්යයෙන් යායුතු මග දුරයි?
නියමයි.සුබ උපන්දිනයක් වේවා කියනගමන්ම 50 වැනි උපසිරසියටත් සුබපතනවා
සහෝට.බොහොම ස්තූතියි.උපසිරැසිකරනයේ දිගු ගමනක් යාමට අවශ්‍ය කාලය,
දිරිය වැඩියෙන් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.ජයෙන් ජයම වේවා!
හැමදාමත් මට කමෙන්ටුවකින් හරි සුභ පතන ඔබටත්
බොහොමත් ස්තූතියි මදූශ
ඔක මන් ර හසිත කියල ස්පාඤ්ඤ උපසිරැසි කරුට කියන්නත් කියල පස්සෙ නොකිව්වා. මෙක සුපිරි එකක් වගේ කියල ගුගල් සර්ච් දෙද්දි මටත් හිතුන.මලාට හිතුවෙ නැ මෙවගෙ එකකට සබ් වැටෙයි කියල මට ටොරෙන්ට් එකක් සෙට් උනෙ නැ එදා හරිහමන් .දැම් නම් එකෙන්ම බානව. අර කලින් දුන්න එකක් බැවද කොහෙද සබ් එක දැකල. අසම ටයිප් .
කොහොම උනත් ස්තුතියි සහෝදරයා සබ් එකට.
Happ birthday එකකුත් වේවා එහෙනම් ජය❤️
බොහොමත් ස්තූතියි මිතුන් සහෝ??
උපසිරසි ලබා දෙන ඔබට
……. මාගේ ප්‍රණාමය…..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
සුබ උපන්දිනයක් වේවා !.. 50 වැනි උපසිරසියටත් සුබපතනවා..!
බොහොමත්ම ස්තූතියි කාන්ත සහෝදරයා