No Mercy (2010) Sinhala Subtitle
13 වසරකට පෙර විදේශගතවූ තම දියණිය නැවත සියරට එන ප්‍රීතියෙන් තම දීර්ඝකාලීන රැකියාවෙන් විශ්‍රාම ගොස් ඇයත් සමගින් කල් ගත කිරීමට පෙරුම් පුරණ අති දක්ෂ අධිකරණ වෛද්‍යවේදියෙක්….
විශ්‍රාම සුවය අතමානයේ තිබියදී ඔහුට පැවරෙන ඝාතනයට ලක්වූ තරුණියකගේ පශ්චාත් මරණ පරීක්ෂණයක්…
අපරාධයේ විමර්ශණයට සම්බන්ධ වෙන දක්ෂ තරුණ පරීක්ෂකවරියක්…
විමර්ශණයේ ප්‍රතිඵලයක් ලෙස පහසුවෙන් නීතියේ රැහැනට හසුවන සැකකරුවෙක්…
ඝාතනය සිදුකලේ තමන් බවට ඔහු කරනා පාපොච්චාරණයක්….
වරදකරුවකු සිටියදී පවා එතනින් නිමානොවෙන දීර්ඝ කතාවක්……..
වෙනදාට වඩා වෙනස් විදියෙ ලිපියක් එක්ක අද මේ අරගෙන එන්නෙ 2010 වසරේ එලිදැක්වූනු කොරියානු චිත්‍රපටයක්. ක්‍රියාදාම,අපරාධ, ත්‍රාසජනක යන තුන් වර්ගයටම අයත් මේ චිත්‍රපටයේ කොරියානු නම Yongseoneun eupda.ඉංග්‍රීසියෙන්නම් No Mercy. අධ්‍යක්ෂණය Hyeong-Joon Kimගෙන් .Imdb අගය 7.4ක්ද ගූගල් පරිශීලකයන් 89%ක ප්‍රසාදයද දිනා ඇති මෙය සම්මාන දෙකකට නිර්දේශව එයින් එක් සම්මානයක් තමන් සතුකරගත් චිත්‍රපටයක්. ඒ තමයි 2010 වසරේ කොරියානු චන්සා සිනමා කලා සම්මාන උළලේ හොඳම නළුවාට හිමි සම්මානය, එය හිමිවන්නේ මෙහි ආචාර්ය කැන්ගේ චරිතයට පණ පොවන Kyung-gu Sol හටයි. හරි, ඔන්න ඔහොමයි ඉතින් චිත්‍රපටයෙ වතගොත. අපේ මිතුන් සහෝදරය කොරියානු චිත්‍රපටයකට උපසිරැසි ඉල්ලපු නිසා කොරියානු චිත්‍රපට හොය හොය අන්තර්ජාලය පීරද්දියි මට මේක හම්බවුණේ. 2010 නිකුත්වුණ එකක් නිසා බොහෝවිට මේක ගොඩක් අය බලලත් ඇති. තාම මේකට සිංහල උපසිරැසි නිකුත් වෙලා නැති නිසාත්, චිත්‍රපටය හිතට අල්ලල ගිය නිසාත් මම තීරණය කලා මේකට උපසිරැසි කරන්න. මට මේ චිත්‍රපටය මෙන්න මේ වගේ කියන්න කොරියානු සිනමාවෙන්ම උදාහරණයක් දෙන්න පුළුවන් වුණත්, එහෙම කලොත් ඒක නරඹන අයට අසාධාරණයක් නිසා මම එහෙම නොකර ඉන්නම්. කෙසේ හෝ ආරම්භයේ ඉඳන්ම අපිව කුතුහලයෙන් බැඳල තියාගන්න මේ චිත්‍රපටය සමත් බවත් කියන්නම ඕනෙ. ඒ වගේම වැඩිහිටි පාර්ශවය විතරක් නරඹන්න කියලත් මතක් කරන්න කැමතියි. එහෙනම් මම ගිහින් එන්නම් උදෑසන 2යි වෙලාව. නිදිමතයි සැරටම. හමුවෙමු අපි ලඟදීම.
Coming soon… Ready Player One (2018)
බොහොම ස්තූතියි අයියෙ මේ වගෙ සුපිරිම කතාවක් තියෙන කොරියන් මූවි එකකට සබ් එක දුන්නට.. 😍💛
ආ අයියෙ තව දෙයක් කියන්න අමතක වුනා.. Avengers Infinity War එකෙ Web-DL එක රිලීස් වුනා.. 😍💛
ඔන්න WEB-DL අප්ඩේට් කලා,මල්ලි.
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
Thanks for sub thawa supiri thiriller movies denna
Puluwannam deewange 2002 hindi movie eka denna supiri film ekak
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි❤
බොහොම ස්තුතියි හසිත සහෝ..ඔයා සබ් දුන්න Operation Red Sea ඩව්න්ලෝර් කරා .. එක සුපිරි එකක් වගේ කලිම් මෙක දැක්ක.. සබ් හිටම් තිබ්බ එත් ගත්තෙ නැ හසිත රෙකමන්ඩ් කරා කියන්නෙ දෙපාරක් හිතුවෙ නැ. මෙකත් ගන්නව හිමිට😍 තැන්ක්ස් ගොඩක් .ඔයාගෙ හැමදේම සාර්ථක වේලා හැමදාමත් අපිට සබ් දේවා😍😃😁💖💖💖
එතකොට Roman J. Israel, Es එක නියම ස්ටොරි එක.. එච්චර නම් රස වින්දෙ සබ් එක හින්දමයි නැතිනම් මලාට බැරිවෙයි💖 එක කොයි කාලෙද ඩව්න්ලෝර්ඩ් කලෙ දැම් බලලා සති 3ක් විතර ඇති.. බොහොම හිමිට බලම් එද්දී ලස්සනට ෆිල්ම් එක දැනෙනව… Denzel Washington ගෙ තව එකක් දැනටමත් ඇවිත් තියෙන්නේ එක නම් ස්ටොරි නෙවේ සුපිරිම එකක්.. The Equalizer 2 .ඔකෙ පලවෙනි එක ඩිවිඩි තැටියක බැලුවෙ
මේ වගේ Thriller,Suspense වගේ චිත්‍රපට අරන් එනවට ගොඩක් ස්තූතියි.ජයවේවා!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
මෙන්න මේ වගේ Korean movies ගේන්න මෙවා පට්ට. ජය වේවා!! බොහෝම ස්තූතියි.
Avengersඑක බ්ලුරේ වලටත් හදන්නකො
Thanks machan……jayawewa…..!