Red Sonja (2025) Sinhala Subtitle
රණශූරියකගේ නැගීම සහ අධිරාජ්‍යයෙකුගේ වැටීම
අද අපේ සබ්ස්.එල්කේ සයිට් එකට විශේෂ දවසක්. මොකද අද සයිට් එකේ 10 වන සංවත්සරය. 2015 අගෝස්තු 28 දින ආරම්භ කල මේ ගමනේදී, ගෙවුනු දස වසර පුරාවට අපට ශක්තියක් වූ කණ්ඩායම්වලට ස්තූතිය පිරිනමන්න මන් මේක අවස්ථාවක් කර ගන්නවා. මුලින්ම අපිට වැදගත් පිරිස තමයි රසික ඔබ. කමෙන්ට් එකකින් අප දිරිමත් කල, ඩවුන්ලෝඩ් එකකින් අපේ හිතට සතුටක් එක්කල සහ නිකම් හෝ සයිට් එක පැත්තට ඇවිත් අපට හිතවත්කමක් පාපු ඔයාල හැමෝටම මම මේ වෙලාවේ ගෞරව පූර්වක ස්තූතිය පුද කරනවා. ඊළඟට අපේ ලොකුම වත්කම තමයි, තමන්ගෙ වටිනා කාලය වැය කරලා, ඉතා වෙහෙසකර කාර්යයක ඵලයක් වන සිංහල උපසිරැසි වලින්, පසුගිය වසර දහය පුරාවටම සයිට් එක පෝෂණය කල අපේ සහෝදර උපසිරැසිකරුවන්. ඉතින් ඒ සහෘදයින්ගේ අමිල මෙහෙයත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම සයිට් එකේ අඩුපාඩු, බිඳ වැටීම් හදමින්, සයිට් එක හැඩ වැඩ කරමින් දිවා රෑ වෙහෙසෙන, ඔබත් අපත් යා කරන පාලම, සබ්ස්.එල්කේ නිර්මාතෘ, අපේ පෙරගමන්කරු, ඇඩ්මින් දමිත් ප්‍රියංකර සොයුරාටත් මම විශේෂයෙන්ම ස්තූති කරනවා. ඉතින් ඉදිරියටත් අප සමඟ රැඳී සිටින ලෙසට රසික ඔබට ආරාධනා කරමින් අපි අද චිත්‍රපටය දෙසට හැරෙමු.
ඉතින් දස වන සංවත්සරය වෙනුවෙන් අපි ඔයාලට අරගෙන ආවා 2025 අගෝස්තු 13 ඇමරිකාවේදී සීමිත තිරගත වීමකින් නිකුත් වුනු Red Sonja. මේක විනාඩි 110 ක් පුරා දිග හැරෙන Action / Adventure / Drama / Fantasy / Thriller / Superhero / Sword & Sandal වර්ගයේ හොලිවුඩ් නිර්මාණයක්. 1985 වසරේත් මේ නමින්ම හොලිවුඩ් චිත්‍රපටයක් එලි දැක්වුනා. ඒකෙ ප්‍රධාන චරිත රඟපෑවෙ Brigitte Nielsen සහ Arnold Schwarzenegger. ඒක බොක්ස් ඔෆීස් ආදායමකුත් ලබාගත්තා. ඒකට බොහෝවිට 'ආනෝල්ඩ්' කියන සාධකය බලපාන්නත් ඇති. මේ චිත්‍රපටයත් බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගන්න සමත්වෙලා තියෙනවා. හැබැයි ඒ කතාවෙයි මේ කතාවෙයි සම්බන්ධයක් නෑ. ඒක නොබැලුවා කියල මේක බලන්න ප්‍රශ්නෙකුත් නෑ. මේක ඒකෙ රීමේක් එකකුත් නෙමෙයි. පසුබිම හා චරිතය විතරයි සමාන. ඉතින් සොන්ජාගේ චරිතයට පණ දෙන්නෙ Matilda Lutz. ඇය සමග රංගනයෙන් එකතුවෙනවා. Wallis Day (ඇනීසියා), Robert Sheehan (ඩ්රේගන්), Luca Pasqualino (ඔසින්) සහ Rhona Mitra (පෙට්රා).
සොන්ජා කුඩා කාලයේ ඇගේ ගෝත්‍රයට ඇන්සස් නම් අධිරාජ්‍යයෙක් පහර දෙනවා. ඇය වනාන්තර පලා ගිහින් දිවි බේරාගන්නවා. ඇය දැන් තරුණියක්. ඒ අවුරුදු ගණනාව පුරාම ඇය කලේ ඉමක් කොනක් නැති හිර්කේනියන් වනාන්තරයේ තම ගෝත්‍රයේ අය හොයන එක. මේ අතර ඇන්සස් මරා අධිරාජ්‍යය පැහැරගත් ඩ්රේගන් නමැත්තෙක්, ඇන්සස්ටත් වඩා දරුණු පාලනයක් ගෙනියනවා. හිර්කේනියන් වනාන්තරයට සහ එහි සතා සිවුපාවුන්ට දැඩි තර්ජනයක් එල්ලවීමත් සමඟ, වනාන්තරය තම නිවස සහ ලෝකය කරගත් සොන්ජා ඩ්රේගන්ට විරුද්ධව හිටගන්නවා.
ඉතින් චිත්‍රපටය ගැන කිව්වොත් මුල ඉඳන් අගටම ඇක්ෂන් නොඅඩු, කිසිම බෝරින් එකක් නැතුව බලන්න පුලුවන්. කැලයේ අමුතු ජාතියේ සත්තු, ආදි කාලීන, ම්ලේච්ඡ ඇරීනා සටන්, ඔබව ඉතිහාසයටත් එහා හයිබෝරියානු යුගයට ඔබව අරන් යාවි. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. විශේෂයෙන් කියන්න ඕනෙ මේකෙ 18+ සීන් නම් මොකුත්ම නෑ. කිස් එකක්වත් නෑ. පවුලේ සැමට එකට ඉඳන් රස විඳින්න පුලුවන්.
ජය වේවා.
Quality // 720p - 1gb // 1080p - 1.8gb
♣♣ BRRip / WEBRip / 720p / 1080p ♣♣