Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle
  • Genres
  • Action
  • Shazam! (2019) Sinhala Subtitle

Shazam! (2019) Sinhala Subtitle

May 16, 2019 Expert Subtitler

 

කොහොමද ඉතින් කට්ටියටම.ටික දවසකට පස්සේ ඔන්න මම අද ආවා මගේ 50 වෙනි උපසිරසිය නැත්නම් පලවෙනි කඩයිම එක්ක.පලවෙනි එක කරද්දී නම් මෙච්චර දුරකට එන්න ලැබෙයි කියලා ටිකක් හිතුනත් ඒක ගැන ගොඩක්ම හිතුවේ නැහැ.මොකද මම දැන් උසස් අධයාපනය හදාරමින් අධ්‍යාපන වැඩ කටයුතු වල නිරත වෙන නිසා.ඉතින් කෙසේ හෝ අපේ ඇඩ්මින් පසිදු අයියා කිව්වා පනහට ෆිල්ම් එකක් කරමු නේද කියලා.ඉතින් Sub කරන්න මම ෆිල්ම්ස් 10 කට වඩා බා ගත්තා.එතනින් 8 විතර Sub නැහැ අනිත් එකක ගැලෙපන Sub නැහැ අනිත් එක ටිකක් බෝරින්ග් Love Story එකක්.ගොඩක් කට්ටිය ඒ වගේ ඒවාට කැමති නැති හින්දා අලුතෙන් ආපු කතාවකට Sub කරන්න යනකොට සෑහෙන්න හොඳ කතා තිබ්බා. ඔක්කොම කැමරා කෝපි.හයියෝ ඉතින් මම විඳපු දුක දන්නේ මම විතරයි.ඉතින් මේ අවනඩුව ගැන ඉතින් පසිදු සහෝට කිව්වා.ඉතින් එයා අපේ තමොද් සහෝදරයා එක්ක කතා කරලා මට මේ ෆිල්ම් එක අරං දුන්නා කරන්න කියලා.මොකද මේ ෆිල්ම් එක බාර අරගෙන හිටියේ ඒ සහෝදරයා නිසා.ඉතින් විශේෂ ස්තුතියක් හිමි වෙනවා ඒ දෙන්නට.

ඉතින් එක්තරා දවසක The Magicians කතාවේ Sub හොය හොය යනකොට තමයි මට මේ Site එක හම්බ වුණේ.ඉතින් එකේ Sub කරලා තිබ්බේ වෙන කවුරුත් නෙවෙයි අපේ හසිත සහෝදරයා.ඉතින් එයාට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ එයා නිසා මට මේ සයිට් එකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන.මම sub හදන්න ගත්තේ සාමන්‍ය පෙළ හදාරන කාලේ වගේ. 2017 දෙසැම්බර් මම එහෙම එකතු වුණු මම මගේ පලවෙනි Sub එක දැම්මේ ගිය අවුරුද්දේ අප්‍රේල් වල වගේ.පුරා අවුරුද්දක් ඇතුලත සාමන්‍ය පෙළ විභාගය කරන ගමන් මේ කරන වැඩේ නිසා මගේ අධ්‍යාපනයට ඒකෙන් මහත් රුකුලක් පවා වුණා.ඉතින් කෙසේ හෝ මම මගේ පලවෙනි sub එක වෙන Princess Protection Programe කියන ෆිල්ම් එකේ sub එක හදලා යැව්වහම මට මතක විදිහට මට Reply කරේ සමීර සහෝදරයා.ඉතින් විවිධ කම් කටොලු බාධක මැදින් නිමක් නොපෙනෙන මේ Sub කන්ද නගින අපි වගේ කට්ටියට තෝතැන්නක් ඉදිකරලා දුන්නු සමීර(අපිට ගුරු හරුකම් ලබා දෙන සහෝදරයා), කවීෂ(වොන්ඩි අක්කා, දැන් නම් දිය දෙයියෝ කියලා තමයි කියන්නේ. මේ දවස් වල පේන්නවත් නැහැ) සාරංග (Vikings එකට පිස්සු හැදුණු කෙනෙක් හිකිස්) සහ අපේ Site එකේ මේ විදිහට සෑහෙන්න User Friendly සහ උපසිරසි කරන අපි වගේ අයටත් Site එකේ ඕනෑම වෙලාවක උපසිරසියක් පල කිරීම වගේ දේවල් හැදුව දමිත් සහෝ(Spiderman සහ අයන්මෑන් පිස්සෙක්) ඇතුලු අපේ ඇඩ්මින් මඬුල්ල සහ සහෝදර උපසිරසි නිර්මාණ කරුවන්ට සහ නිර්මාණ කාරිනියන්ට මම මගේ ස්තුතිය පුද කරනවා.ඒ වගේම ගෙදර ඉන්න ඉන්ටර්නෙට් එකේ බිල ගෙවන මට කන්න අඳින්න දෙන මගේ ආදරණීය අම්මා, තාත්තා සහ ඉංග්‍රීසී වචන දන්නේ නැති වේලාවට කියලා දෙන මගේ සහෝදරියටත් මම ස්තුති වන්ත වෙනවා අවුරුද්දකටත් වඩා කාලයක් තිස්සේ මේ කරදර වැඩේ ඉවසගෙන ඉන්නවට.

ඉතින් සමස්තයක් වශයෙන් ගත්තම හැමදාම අදහසකින් සංග්‍රහ කරලා යන ප්‍රේක්ෂක ඔයාලටත් ඉංග්‍රීසී Sub හදන ඒ උපසිරසි කරුවන්ටත් මම ස්තුති කරනවා.ඒ වගේම නැවතත් අපිට ගුරු හරුකම් ලබා දෙන අපි දන්නේ නැති දෙයක් ඇහුව්ව ගමන් ටක් ගාලා කියලා දෙන ඇඩ්මින් අයියලා සෙට් එකට නැවතවාරයක් ස්තුති කරනවා.ඉතින් මේ දක්වා කරපු Sub වල සාරාංශයක් මම පහලින් දානවා.කැමති නම් අරගෙන බලන්න හොඳේ.

  1. Princess Protection Programe
  2. Fifty Shades Freed
  3. Troy: Fall Of A City
  4. The New Legends Of Monkey
  5. Midnight, Texas
  6. A Discovery Of Witches
  7. Black Lightning
  8. Legacies
  9. American Gods
  10. Shazam(50)

මේ ෆිල්ම් එකත් එක්ක මම කරපු ෆිල්ම් නම් තුනයි අනිත් ඒවා ඔක්කොම ටෙලි කතා මාලා.ඉතින් අපේ ප්‍රේක්ෂකයන්ගෙන් මම ඉල්ලනවා Sub හදන අයට බනින්න එපා දෙයක් තියනවා නම් වැරැද්දක් තියනවා නම් ඒක විතරක් පෙන්වලා දෙන්න.අනික Sub හදන අය මේක කරනේ විනෝදාංශයක් හැටියට.ඒක නිසා එයාලා මේවා කරන්නෙත් වෙලාව තියන වේලාවට.එහෙම කරන නිසා එයාලා ඔයාලගෙන් ඉල්ලන එක Comment එකක් දා ගෙන යන්න කාරුණික වෙන්න.ඒ වගේම Sub හදන්න කැමති අය ඉන්නවා නම් අපිත් එක්ක එකතු වෙන්න කියලත් ආරධනා කරනවා.ඒ වගේම නැවතුන සීරීස් වලට බනින්න එපා.ඒවා කරන සහෝදරයන් මේ දවස් වල සෑහෙන කාර්ය බහුල නිසයි නැවතිලා තියෙන්නේ.ඒ නිසා පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න කියලා කියනවා.ඒ වගේම ප්‍රේක්ෂකයන් වෙන ඔයාලා Sub පරක්කුයි කියලා කෑ ගහන්න එපා.විශේෂයෙන් එහෙම ගොඩක් වේලාවට කියන්නේ ඒ වේලාවට් විතරක් Comment දාන උදවිය.ඉතින් කාරුණිකව ඉල්ලනවා එහෙම කරන්න එපා කියලා.Sub දෙන අය ටිකක් පරක්කු වෙලා හරි දෙයි.මොකද අපිට බැහැ නිකන් අකුරු ටිකක් විතරක් Type කරලා දෙන්න.එහෙම කරලා වැඩක් නැති නිසා.හොඳ දේ දෙන්න නම් ටිකක් වෙලාව යනවා නේද? ඉතින් පොදුවේ හැමෝටම නැවතත් ස්තුතියි කියලා කියනවා. හ්ම්ම් එහෙනම් ඇති පහලට යන්න.

!….Shazam….!

හොඳයි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.ශසෑම්… කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැහැ.එහෙනම් අපි යමු මෙයාගේ කොමික් ඉතිහාසය පැත්තට.ඔයාලා පුදුම වෙන්න පුළුවන් කැප්ටන් මාර්වල් තමයි ශසෑම් කියලා කිව්වොත්.කොමික් පොත් වලින් ගත්හම කැප්ටන් මාර්වල් නැත්නම් පලවෙනි ශසෑම් බිහි වෙන්නේ Fawcett Comics කොමික් වලින්.ඒ 1939-1953 අතර කාලවකවානු වල තමයි මෙයා ඉන්නේ.පස්සේ කොහොම හරි මෙය 1972 වන විට DC කොමික් ආයතනය මෙහි හිමිකාරීත්වය ලබා ගන්නවා.මෙය පළවෙනියට කොමික් පොත් මාලාවක් හරහා ප්‍රේක්ෂකයන් වෙත එන්නේ Whiz Comics කියලා 1940 වසරේදී ආපු කොමික් පොත් මාලාවක් මගින්.මෙහි නිර්මාතෘවරුන් වන්නේ Bill Parker සහ C. C. Beck.කොහොම හරි Fawcett Comics ආයතනය විසින් කැප්ටන් මාර්වල් නැත්නම් ශසෑම් චරිතය නිර්මාණය කරන්නේ DC කොමික් ආයතනයේ සුපර්මෑන් වගේම.ඉතින් මේක නිසා DC කොමික් ආයතනය විසින් Fawcett ආයතනයට නඩු පවරලා අවුරුදු කිහිපයකට පස්සේ නඩුවෙන් දිනනවා.ඊට පස්සේ ඉතින් Fawcett Comics ආයතනය මේ කැප්ටන් මාර්වල් වැඩේ අත හැරලා දානවා.ඊට පස්සේ තමයි 1972 ඉඳන් DC කොමික් ආයතනය මේ කතාවේ අයිතීන් එයාලා යටතට අරගෙන මේ කතාව ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න පටන් අරගෙන තියෙන්නේ.

ඊට පස්සේ කොහොමද කැප්ටන් මාර්වල්, ශසෑම් බවට පත් වුණේ? ඔන්න ඔතන තමයි DC කොමික්ලට කෙල වුණේ.මේ කාලය වෙනකොට Marvel කොමික් ඇවිල්ලා තියෙන්නේ.ඉතින් එයාලගේ හැම කතාවක්ම නමේ මාර්වෙල් කියලා කොටසක් තියනවා ඔයාලා දන්නවා ඇති.ඒක නිසා DC කොමික් ආයතනයට තවදුරටත් මේක කරගෙන යන්න බැරි වුණා කැප්ටන් මාර්වල් නමේ කොටසක මාර්වල් කියලා කියලා තියන නිසා.ඉතින් ඔන්න ඔහොම තමයි පස්සේ DC කොමික්ලා කැප්ටන් මාර්වල්ව ශසෑම් බවට පත් වුණේ.ඉතින් ඇත්තම කැප්ටන් මාර්වල් තමයි මේ ශසෑම් කියන්නේ.මෙන්න මේ හේතුව නිසා තමයි කැප්ටන් මාර්වල් ෆිල්ම් එක ගොඩක් ආදායම් ලැබුවත් කට්ටියගේ එච්චර ප්‍රසාදය දිනා ගන්න බැරි වුණේ.ඒ වගේම ශසෑම් එකේ ආදායම ටිකක් අඩු වුනත් එකේ ප්‍රේක්ෂක ප්‍රාසාදය දිනා ගන්න හේතු වෙලා තියෙන්නෙත් මේ කරුණම තමයි.

ඉතින් 95,000 කට අධික සංඛ්‍යාවකගේ දායකත්වයෙන් මෙය Imdb මීටරේ 7.5 කරකවන්න සමත් වෙලා තියනවා.ඒ වගේම Rottentomatoes වලින් Tomato මීටරේ 90% සහ එහිම audience මීටරේ 87% ලබා ගන්නත් මේ ෆිලුම සමත් වෙලා තියනවා.ඒ වගේම ගූගල් පරිශීලකයන්ගෙන් 92% ප්‍රසාදයක් සහ Facebook ජනතාවගෙන් 4.8/5 ලබා ගන්නත් මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා.මෙය පළමුවෙන්ම මුදා හරිනු ලැබුවේ ඇමරිකාවේ 2019 අප්‍රේල් 5 වෙනිදා. Action, Adventure, Comedy යන වර්ග වලට අයත් වන මෙය පැය දෙකයි මිනිත්තු 12 පුරාවටම තිරයේ දිව යනවා.ඉතින් මේ කතාව නිර්මාණය සඳහා ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන 100 ක්.දැනට ලබා ඇති Box Office ආදායම ඩොලර් මිලියන 359.ටිකක් විතර මදි ගතියක් තිබුනත් මේ අවුරුද්දේ තිර ගතවුණු 6 වෙනියට වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටියද මෙය වෙනවා.ඒ වගේම ඇමරිකාවේදී පමණක් ඩොලර් මිලියන 137 ලබා ගන්න මෙය සමත් වෙලා තියනවා අප්‍රේල් 13 වෙනිදා වෙනකොට.ඒ වගේම මෙහි නිෂ්පාදන ස්ථාන වලට යොදාගෙන ඇත්තේ ටොරොන්ටෝ, ඔනාරියෝ සහ කැනඩාව වගේ ස්ථානයි.

ඉතින් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David F. Sandberg වන අතර තිර පිටපත සහ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ Henry Gayden විසින්. Zachary Levi(ශසෑම්),Mark Strong(ඩොක්ටර් සිවානා),Asher Angel(බිලීබැට්සන්),Jack Dylan Grazer(ෆ්‍රෙඩී ෆ්‍රීමන්),Adam Brody(සුපිරි වීර ෆ්‍රෙඩී),Djimon Hounsou(මායාකාරයා),Faithe Herman(ඩාර්ලා ඩඩ්ලි),Meagan Good(සුපිරි වීර ඩාර්ලා),Grace Fulton(මේරි බෝම්ෆීල්ඩ්),Michelle Borth(සුපිරි වීර මේරි),Ian Chen(ඉයුජින් චෝයි),Ross Butler(සුපිරි වීර ඉයුජින්),Jovan Armand(පෙඩ්රෝ),D.J. Cotrona(සුපිරි වීර පෙඩ්රෝ),Marta Milans(රෝසා) ලෙසත් රඟ පානවා.ඒ වගේම මෙම චිත්‍රපටිය එළිදක්වලා තියෙන්නේ වෝනර් සහෝදරයෝ ආයතනය සහ Pictures ආයතනය එකතුවෙන් RealD 3D, Dolby Cinema, ශ IMAX 3D යන මුහුණවරවල් වලින්ය.නිෂ්පාදන ආයතන ලෙස New Line Cinema,DC Films,The Safran Company,Seven Bucks Productions දැක්විය හැකිය.

S-H-A-Z-A-M

ඉතින් අපි බලමු මේ SHAZAM කියන නම හැදුනේ කොහොමද කියලා.මේ එක අකුරට අකුරක් ගානේ ග්‍රීක ඉතිහාසය සම්බන්ධ ප්‍රසිද්ධ චරිත සහ දෙවිවරු ඉන්නවා.ඉතින් එයාලට විශේෂ බලයන් පවා තිබිලා තියනවා. ඉතින් ශසෑම්ට මේ බලයන් සියල්ල තියනවා කියලයි කොමික් ඉතිහාසයේ සඳහන් වෙන්නේ.ඉතින් කතාවේ මායාකරුවා විසින් අර බිලී බැට්සන් නමැති පොඩි කොල්ලට දෙන බලයන් අයිති පුද්ගලයන්ගේ නම් තමයි අර අකුරු හයෙන් පෙනවලා දීලා තියෙන්නේ.

  • S – Solomon: ඔයාලා නිතර පරණ ෆිල්ම්ස් අලුත් ඉංග්‍රීසී ෆිල්ම්ස් බලනවා නම් මේ නම් අහුවෙන්නේ නැතුව තියෙන්නේ නම් නැහැ.ඔව් මේ තමයි සොලමන් රජතුමා.නුවණට අධිපති දෙවියා කියලත් මෙයාව හඳුන්වනවා.ඉතින් ශසෑම් ගේ බුද්ධිමත් බාවය ඉතාමත් ඉහළ වෙන්නේ මෙන්න මෙයා නිසා තමයි.
  • H – Hercules: මෙයා ගැන නම් ගොඩක් කට්ටිය දන්නවා ඇති.මෙයා තමයි දෙවියන් අතරින් ශක්තිමත් දෙවියා.ඒ වගේම ශක්තියට අධිපති දෙවියා.ඔයාලා අහලා ඇතිනේ නෙම් සිංහයාව මරපු කතාව ගැන එහෙම.මෙයා සියුස්ගේ පුතෙක්.සියුස්ගෙන් සාමාන්‍ය ගැහැනියකගෙන් ලද පුතෙක්.එත් ශක්තිය ගැන කතා කිරීමේදී මෙයාට පෘතුවිය නිකන්ම උසාගෙන එහා මෙහා අරං යන්න පුළුවන් තරම් බලයක් තියනවා කියලයි කියන්නේ.මෙයා නිසා තමයි ශසෑම්ට සුපිරි ශක්තියක් ලැබෙන්නේ.
  • A – Atlas: මෙයා ගැන නම් මමවත් වැඩිය අහලා නැහැ.එත් අන්තර්ජාලයේ තියන විදිහට මෙයා තමයි මේ ලෝකය නැත්නම් පෘතුවිය කර උඩ තියාගෙන ඉන්නේ.මෙයාගෙන් ශසෑම්ට හිමිවන බලය තමයි දරා ගැනීමේ හැකියාව.
  • Z – Zeus: සියලු දෙවිවරුන්ගේ ප්‍රධානියා.ප්‍රධාන දෙවිවරු තුන් දෙනාගෙන් එක්කෙනෙක් තමයි මෙයා.ඒ වගේම මෙයා ඉන්නේ ඔලිපස් වල.DC කොමික් වලට අනුව මෙයා වොන්ඩර් වුමන් ගේ, ඒරිස් ගේ සහ හර්කියුලීස්ගේ පියා වෙනවා.මෙයා නිසා තමයි ශසෑම්ට අකුණු ගසන්න පුළුවන් වෙලා තියෙන්නේ.
  • A – Achilles: මම අපේ site එකේ දුන්නු පලවෙනි ටෙලිකතාවේ මෙයා ඉන්නවා.troy fall of a city ඒකෙ.මෙයා නිසා තමයි ශසෑම්ට ඕනෑම සටනකට නිර්භීතව මුහුණ දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ.ට්‍රෝජන් සටනේදී සුපිරියටම නීතියට සටන් වැදුණු පුද්ගලයා මෙයා කිව්වොත් නිවැරදියි.
  • M – Mercury: මෙයාව අපි සාමන්‍ය විදිහට දන්නේ හර්මිස් කියලා.ඔයාලා පර්සි ජැක්සන් කියන කතාව බැලුවා නම් පෙනෙයි මෙයා තමයි දෙවියන්ගේ ප්‍රධාන පණිවිඩකරුවා. ඒ වගේම වේගය, මුදල්, සන්නිවේදනය, වාසනාව සහ ව්‍යාපාර ඒ වගේම සුපිරි විදිහට කතා කිරීම යන දේවල් වල අධිපති තමයි මේ හර්මිස් නැත්නම් මර්කරි.ඒ වගේම මම උඩ පේලියේ කිව්ව දේවල් තමයි මෙයාගෙන් ශසෑම්ට හම්බ වෙන්නේ.

Seven Deadly Sins/මරණීය පව්කාරකම් හත.

  1. Gluttony/කෑදරකම: මෙයා තමයි අපි ගාව තියන අධික ලෙස ගිජු බවක් දක්වන කෙනා.අපිට අරක මදි මේක මදි කියන්නේ මෙයා නිසා තමයි.
  2. Lust/තණ්හාව: සල්ලි, ලිංගික බව සහ රත්‍රන් ආභරණ සහ මිල මුදල් ළඟ තබාගෙන පාවිච්චි කරන්නේ නැතුව කාටවත් දෙන්නේ නැතුව ඉන්න තමයි මෙයා හදන්නේ.
  3. Greed/ලෝබය: කොච්චර දේවල් තිබ්බත් කිසිම කෙනෙක්ට දෙන්න නැතුව ඉන්න එක සහ තමන්ට ඕන දේවල් අධික ලෙස මවා ගන්නෙත් මෙයා තමයි.
  4. Sloth/කම්මැලි බව: කිසිම වැඩක් නොකර ඔහේ ඉන්න කෙනා තමයි මෙයා.
  5. Wrath/ක්‍රෝධය: කේන්තිය හැම තිස්සෙම දුම්මල වරම අතට අරගෙන ඉන්න කෙනා තමයි මෙයා.
  6. Envy/ඊර්ෂ්‍යාව: තමන්ට නැති දේවල් වෙන කෑ ගාව හරි තියනවා නම් ඒකට කැමැත්තක් හෝ එයා ගාවින් ඒක විනාශ වෙලා යන්න කියලා පතන කෙනා තමයි මෙයා.
  7. Pride/ආඩම්බරය: තමන්ගේ ලස්සන තමන් තමයි එකම සුපිරි පොර කියලා හඳුන්වාගන්නේ මෙන්න මෙයා තමයි.

ඔන්න ඉතින් මරණීය පව්කාරකම් හත ගැනත් කිව්වා.ඉතින් මේවා නම් කතාව බලද්දී එච්චරම ඕන වෙන දේවල් නෙවෙයි.එත් ඉතින් කස්ටියගේ කුතුහලය නිසා තමයි ඔන්න මම දැම්මේ.ඉතින් මෙයාලා බොහොම ඉස්සරහ මිනිස්සුන්ගේ හැඟීම් අධික ලෙස වැඩි කරපු නිසා අර මායාකාර ශසෑම් මෙයාලව සදාකලිත්වයේ පාෂාණය මත නැත්නම් Rock of Eternity වල පිළිම බවට පත් කරලා තියනවා.ඉතින් මේකේ ඉන්න අපේ සුපිරි දුෂ්ටයා මෙයාලව නිදහස් කරලා…..ඉතින් එතන ඉඳන් කතාව බලන එක ඔයාලට බාරයි.

විශේෂ –

  • Rock of Eternity – මේක තමයි සදාකාලීත්වයේ පාෂාණය.DC කොමික් පැත්තෙන් ගත්තොත් මේක තමයි පෘතුවියේ තිබෙන බලවත්ම ස්ථානය.
  • Superman VS. Shazam – මේ දෙන්නා හැප්පුනොත් කවුද දිනන්නේ? මම නම් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඔට්ටු අල්ලන්නේ නැහැ.බලය අනුමාන කරන්න පුළුවන් වෙන්නේ එකම එක අවස්තාවකදී විතරයි.කොමික් වලදී මේ දෙන්න ගහගන්නවා.දිනන්නේ නම් සුපර්මෑන් වුනාට DC කොමික් ලෝකයේ සුපර්මෑන්ට වඩා බලවත් වෙන්නේ Shazam තමයි.මෙයා පොඩි ළමයෙක් නිසා තමයි සුපර්මෑන්ට පැරදිලා තියෙන්නේ.ඒ මොකද මෙයාගේ සටන් හැකියාව මදි නිසා.එත් ඇත්ත බලය තේරුම් අරං ගහ ගන්නවා නම් අනිවා Shazam දිනනවා.
  • Shazam VS. Captain Marvel – මම මේ කියන්න යන්නේ නම් මාර්වල් කේ කැප්ටන් මාර්වල් ගැන හොඳේ.කොමික් ලෝකයේදී කියන විදිහට නම් කැප්ටන් මාර්වල් විසින් ශසෑම්ව පරාද කරා කියලා තමයි කිය වෙන්නේ.(මේක ගැන හරියටම දන්නේ නැතෝ)
  • Game Of Thrones – මේක ලෝකයේ දැනට අධිකම මිලකින් නිෂ්පාදනය වුණු ලෝකයේ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් රසවිඳින අංක එකේ ටෙලි කතා මාලාවයි.
  • Harry Potter – සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රසාදය දිනා ගනිමින් අපිව මායාලොක්යක් වෙත කැන්දන් ගියපු J.K.රෝව්ලින් මහත්මිය විසින් රචනා කරපු එයම සිනමා පටයක් බවත් පත් වුණු අපූරු චිත්‍රපටි 8 ක්.

හම්මෝ සෑහෙන දිග ලිපියක් ලිව්වා.සඳුදා තමයි Sub එක හදන්න ගත්තේ.ඉතින් මේ දවස් ටිකේම උදේ 9 ඉඳන් හවස 3 වෙනකම් පන්ති තිබ්බ නිසා තමයි මෙච්චර පරක්කු වුණේ.ඉතින් ඒක ගැන කස්ටියගෙන්ම මම සමාව ඉල්ලනවා.ඉතින් මෙච්චර දිග ලිපියක් ලියලා කියවන්නෙත් නැතුව Sub එක අරං ගියාට කමක් නැහැ.ඒ වගේම කැමති නම් විතරක් මේ මගේ පලවෙනි කඩයිම නිසා Comment එකක් දාලා යන්න.ඒ වගේම sub එක ගැලපෙන්නේ නැත්නම් හරි Sub එකේ වැරදි අඩු පාඩු එහෙම තියනවා නම් අනිවා කියන්න. ඒ වගේම ලිපියේ වැරදි තියනවා නම් අනිවා කියන්න හොඳේ.එහෙනම් මම යනවා නැවතත් Sub එකකින් හමු වෙමු කියන ගමන් අදට සමු ගන්නවා ඔයාලා හැමෝටම ජය වේවා.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
20428 වාරයක්
Download Links
720P
DIR
720P
DIR
1080P
DIR
Available Torrents
3D bluray 2.11 GB
GET
720p bluray 1.1 GB
GET
1080p bluray 2.11 GB
GET
2160p bluray 6.1 GB
GET
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (33)
Newer →
  • prabash Jayawardane Unregistered
    Windows 7 Firefox 66
    2019-05-16

    good job Malli.
    දිගටම කරගෙන යමු.ඒ වගේම අධ්‍යාපන කටයුතුත් සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    Reply
    • ashan lankanath Unregistered
      Android 5.1 Samsung Browser 3.5
      2019-05-16

      Thanks ………..good luck …………The magicians season 04 sinhala sub denna …………………………

    • රුමේක්ෂ් Unregistered
      Android 9 Chrome 75
      2019-08-12

      50* වන කඩයිමක් උපසිරසි ගෙන ආ ඔබට සුබ පැතුම්

  • Darshana sampath sandaruwan Unregistered
    Android 8 Chrome 73
    2019-05-16

    Sub ekata thanks machan

    Reply
  • Subhash Unregistered
    Android 4.3 UC Browser 12.11
    2019-05-16

    Thnx sub ekata

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 74
    2019-05-16

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • Denuwan121 User
    Windows 8.1 Chrome 74
    2019-05-16

    thanks for sub & congratulations

    Reply
  • Sameera Chandrasena New Subtitler
    Windows 10 Chrome 74
    2019-05-16

    ගොඩ දවසක් ගොඩ දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු උපසිරැසියකින් පනස් වෙනි කඩයිම සම්පූර්ණ කිරීම ගැන හරිම සතුටුයි! සහන් මල්ලි කියන්නෙ වෙබ් අඩවියට සැබෑ ආදරයක් බැදීමක් තියෙන හොද ගති ගුණ තියෙන කාගෙවත් හිත රිද්දන්න හරිම අකමැති කතාවෙදි උනත් මාරම සංවර මනුස්සයෙක්. ඒක අපි එක්ක කතාබහ කරද්දි හොදට තේරුණු දෙයක්. විවිධ භාධක මැද්දෙ උපසිරැසි 50ක් කරලා නිම කිරීම ගැන බොහොම ස්තූතියි වන්ත වෙනවා, වෙබ් අඩවිය වෙනුවෙන් සහා අති විශාල වූ ප්‍රේක්ෂක පිරිස වෙනුවෙන්! ලග එන විභාග කටයුතු සියල්ල ඉතා සාර්ථක වෙන්න සියලුම බලාපොරොත්තු ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ලිපියෙදි මාවත් ඉතා ධනාත්මක ලෙසින් මතක් කෙරුවට බොහෝම ස්තූතියි! ජයවේවා!

    Reply
    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 74
      2019-05-16

      ස්තුතියි සමීර අයියේ.

  • kavinda Unregistered
    Windows 7 Chrome 65
    2019-05-16

    බොහොම වටිනවා හැමදෙනා වෙනුවෙන් මේ කරනා උතුම් සේවය ඒ වගේම 50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා .

    Reply
  • Thamod Indusara Unregistered
    Android 5.1 Chrome 74
    2019-05-16

    Ammo meke sub eka denakan godak kal balagena hitiya.anith eka mamath me film ekata sub hadana eka katahari denna kiyala thama hithn hitiye.mn hithan hitiye hasitha Ayyata sub eka bara denna.passe pasindu Ayya thama kiwwe ape sahan sahota demu kiala 50th ekata.ithin mn eka payinma kemathi wuna meke sub eka oyata krnna dena eka gana mkda mn dannawa meka oata hoda awasthawak kiyala.ithin man thawa mukuth nokiya innm.
    Eevageema 50sweni kadayima wenuwen suba pathanawa.Eevageema anith katayuthuth saarthaka wenna kiala praarthana karanawa.sub ekata thanks.jaya wewa.

    Reply
    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 74
      2019-05-16

      ස්තුතියි සහෝදරයා මේ ෆිල්ම් එක මට දුන්නට.කරන්න ෆිල්ම් එකක් නැතිව දවස් ගානක්ම හිටියා.ස්තුතියි අදහසට සහෝදරයා.

  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7
    2019-05-16

    පළවෙනි කඩයිමට හදවතින්ම සුබ පතනවා යාළුවා.
    මෙවැනි ආකාරයෙන්ම ඊළඟ කඩයිම් පසු කරන්නත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඒවගේම ඔබගේ අධ්‍යාපන කටයුතුත් සාර්ථක වේවා.

    Reply
    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 74
      2019-05-16

      ස්තුතියි සහෝදරයා අදහසට.

  • පසිදු සාරංග Expert Subtitler
    Android 5.1 Samsung Browser 3.3
    2019-05-16

    ඇත්තටම සතුටුයි අපේ තවත් සහෝ කෙනෙක් 50හ ගහපු එක පිලිබදව.. මට කියන්න දෙයක් නෑ සමීර කියන්න තියෙන හැමදේම කියල තියෙනවා…ඒ වගේම මාවත් ලිපියේ මතක් කලාට ස්තුතියි..උපසිරැසි 50ට සුභ පැතුම්!! ඉදිරියට තවත් මෙවැනි උපසිරැසි ලබා දෙන්න ශක්තිය වගේම අද්‍යාපන කටයුතුත් සාර්ථක වෙන්න කියලා පතනවා……

    Reply
    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 74
      2019-05-16

      අදහසට ස්තුතියි සහෝදරයා.

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Opera 58
    2019-05-16

    ගොඩක් ගොඩක් ස්තුතියි සබ් එකට වගේම.ගොඩක් ගොඩක් සුබ පැතුම් මුල්ම් කඩයිම පසු කලාට.තව ලොකු විස්තරයකින් අපි දන්නේ නැති ලොකු විස්තරයක් කියලා දුන්නටත් කාර්යබහුලත්වය එක්ක මෙහෙම කොහොම හරි සබ් දෙන එකටද ස්තුත්යි.
    තව මගේ හැම කතාවකටම වගේ comment දැම්මට ගොඩක් ස්තුතියි මට එකට ස්තුතියි කරන්න වෙලාවක් ලැබුනේ නැහැ.
    සබ් දැම්මට කමක් නෑ මල්ලි විභාග කටයුතු වලටත් මහන්සි වෙන්න.අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වෙන්න පතනවා.50 කඩයිම පසු කළා වගේ ඉතිරි කඩයිම් පසු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    Reply
    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 74
      2019-05-16

      ඔයාටත් එහෙමයි සහෝදරිය.මේ දවස් වල නම් සාමන්‍ය පරිදි තමයි වැඩ කර ගෙන යන්නේ.මොකද පාසල් ආරම්භ වුණු නැති නිසා.පස්සේ යනකොට මාව දකින්නවත් නැති වෙයි.හිකිස්.කරන්න ගත්තට මොකද උසස් පෙළ දැන් පිස්සු හැදෙන්න අරගෙන තියෙන්නේ.පස්සේ මාව අංගොඩ අරං යන්න වෙයි.sub කරන ඒකෙන් තමයි පොඩ්ඩක් හරි හිතට නිදහසක් ලැබෙන්නේ.ඒ වගේම ඔයාගේ අදහසට ස්තුතියි සහෝදරිය.අහ්හ් අනේ memories ofalhambra එකට sub ඕනේ.මම බලාගෙනයි ඉන්නේ එනකම්.

  • Gayan Chandana Junior Admin
    Android 4.4 Chrome 68
    2019-05-16

    සුබ පැතුම් සහෝදරයා !
    ජය වේවා !
    👍👍👍

    Reply
    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 74
      2019-05-16

      ස්තුතියි අදහසට.

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
දමිත් ප්‍රියංකර 179
#4
Rasika Samanjith 176
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved