• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Sicario: Day of the Soldado (2018) Sinhala Subtitle

Sicario: Day of the Soldado (2018) Sinhala Subtitle

2018/09/13 at 4:51 pm
Hasitha Prasad

    ආයුබෝවන් අදත් ඔන්න අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් තමයි මේ ඉෂ්ට කරන්න හදන්නෙ. ඒ නිසා මුලින්ම ස්තූතිය ඔහුට. මේ තමයි 2015 වසරේ තිරගත වූ Sicario චිත්‍රපටයේ දෙවන නිමැවුම Sicario- The Day Of Soldado (2018). මේ කතා දෙකේ එකිනෙක යම් සම්බන්ධකම් තියෙන නිසා මුල් චිත්‍රපටය නරඹලා නැති අය ඉන්නවනම් මුලින්ම එය නරඹල එන්න , ඒ වගේම ලිපිය මින් ඉදිරියට කියවීම ඒ අයගේ රසවින්දනයට බාධාවක් විය හැකියි. මං කතාව පටන්ගන්නම් 2015 වර්ෂයේ තිරගතවූ මුල් චිත්‍රපටයෙන්ම. ක්‍රියාදාම, අපරාධ, නාට්‍යමය යන තුන් වර්ගයටම අයත් වුණ Sicario(2015) චිත්‍රපටය ටයිලර් ෂෙරිඩන්ගේ රචනයෙන් අධ්‍යක්ෂ ඩෙනිස් විලනිව්ගේ අධ්‍යක්ෂ දායකත්වයෙන් නිමවුණ එකක්. ඩෙනිස් විලනිව් කිව්වම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ Blade Runner 2049 එහෙම ඔහුගේ තමයි. නරඹපු සියලු දෙනාගේම මතකයේ නොමැකෙන විදියට සටහන් වුණ Sicario (2015) චිත්‍රපටයේ එන දේශසීමාව අසල වාහන තදබදය අවස්ථාව එහෙම චිත්‍රපටය නරඹපු අයට කිසිදාක අමතක වෙන එකක් නැහැ. ආයිත් ඒක බලන්න කැමතිනං මෙන්න ඒක. කොහොමින්හරි ත්‍රාසයෙන් භීතියෙන් උපරිමව පිරුණ ,ඔස්කා සම්මාන තුනකට පවා හිමිකම් කියපු මුල් චිත්‍රපටය තිරගතවී දැනට වසර තුනක් පමණ ගෙවී ඇති නිසා මම මේ හදන්නෙ චිත්‍රපටය නරඹපු නමුත් දැන් කතාව අමතක අයට පොඩි ආරම්භයක් අරගෙන දෙන්නයි.

                                SICARIO (2015) RECAP

ඇරිසෝනා ප්‍රාන්තයේ චැන්ඩ්ලර්හීදී FBI නියෝජිත කේට් මේසි (එමිලි බ්ලන්ට්) සහ රෙජී වේන් විසින් මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් කාටෙලයක බවට සැකකෙරෙන ආරක්ෂිත නිවස්නයක් වටලනවා. එම නිවස තුල තිබී ඔවුන්ට මලසිරුරු බොහෝ ගණනක් හමුවෙනවා, ඒ වගේම එහි අටවා තිබූ බෝම්බයකට අසුව නිලධාරීන් දෙදෙනෙකුද මියයනවා. මේ මෙහෙයුමෙන් පසුව කේට්ගේ ඉහල නිලධාරියා ඇයව  නිර්දේශ කරනවා අධිකරණ දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ විශේෂ කාර්ය බලකායකට, එහි ප්‍රධානියා වෙන්නෙ මැට් ග්‍රේවර් ( ජොෂ් බ්‍රොලින්). ඔවුන්ට පැවරෙන කාර්යය වෙන්නෙ සෙනෝරා කාටලයේ  මැනුවෙල් දියෙස්ව අත්අඩංගුවට ගැනීම.

මෙහෙයුම සඳහා ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ වෙත ගුවනින් ගමන් කරද්දි කේට්ට අඳුනාගන්න ලැබෙනවා මැට් ග්‍රේවර්ගෙ අභිරහස් සගයා, ඇලහැන්ඩ්‍රෝ ගිලික්ව (බෙනීෂියෝ ඩෙල් ටෝරෝ). එල්පාසෝවලදී නිලධාරීන් රැසකගෙන් සමන්විත කණ්ඩායමක් ඔවුන්ට එකතු වෙනවා. ඔවුන් මෙක්සිකෝවේ සියඩෑඩ් යුවාරෙස් වෙත ගමන් කරනවා මැනුඑල් දියෙස්ගේ සොහොයුරා මෙන්ම කාටෙලයේ ප්‍රධාන චරිතයක් වන ගිලෙමෝ දියෙස්ව ඇමරිකාවට රැගෙන එන්නට.දේශසීමාව අසලදී ප්‍රහාරයකට කොටුවන මේ පිරිස අතින් මෙක්සිකානු කාටෙල වෙඩික්කරුවන් රැසක් මියයනවා. එක්සත් ජනපද හමුදා කඳවුරකදී ගිලෙමෝට වධහිංසා පමුණුවන ඇලහැන්ඩ්‍රෝ ඒ මගින් දැනගන්නවා කාටෙලයන් විසින් එක්සත් ජනපදය තුලට මත්ද්‍රව්‍ය ආදිය ප්‍රවාහනය කිරීමට යොදාගන්නා රහස් උමගක් ගැන.

කොහොමහරි මේ කණ්ඩායම ක්‍රියාකරන ආකාරය ගැන පැහැදීමක් නැති කේට් ,ඔවුන් යොදාගන්නා ක්‍රම සහ විධි ගැන ප්‍රශ්ණ කරන්න ගන්නවා. ඒ වගේම ඇයට සැකයක් තිබෙනවා ඇලහැන්ඩ්‍රෝ සැබෑවටම වැඩ කරන්නේ තමන්ට නොවෙන බව.

කණ්ඩායම රැඳවුම්භාරයේ සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසකගෙන් ප්‍රශ්ණ කිරීමට ඇරිසෝනාවට යනවා. එහිදී රෙජී සහ කේට් අහනවා මැට්ගේ සැබෑ සැලැස්ම ගැන. එතනදී මැට් එලිදරව් කරනවා තමන්ගේ සැබෑ සැලැස්ම වුණේ දියෙස්ව අත්අඩංගුවට ගැනීම නොව ඔහුගේ ප්‍රධානියා වන සොනෝරා කාටලයේ නායක ෆොස්ටෝ ඇලකන් විසින් ඔහුව ආපසු මෙක්සිකෝවට කැඳවන තෙක්ම මත්ද්‍රව්‍ය ජාවාරම කඩාකප්පල් කර, ඉන් පසු දියෙස් පසුපස ගොස් ෆොස්ටෝව අත්අඩංගුවට ගැනීම බව. ඉන්පසුව මේ කණ්ඩායම දියෙස්ගේ මුදල් විශුද්ධි කරන බැංකුවක් වටලනවා, කාටෙලයේ මුදල් සංසරණයට බාධා කිරීමට. නමුත් එය සාර්ථක වෙන්නේ නෑ ඉහලින් එන නියෝගයක් නිසා. මේ ගැන කළකිරීමෙන් තැබෑරුමක සිටින අතරේ රෙජී විසින් කේට්ව අඳුන්වා දෙනවාතම මිතුරෙකු වන ටෙඩ් නම් පොලිස් නිලධාරියෙකුට. කේට් යනවා ටෙඩ්ගේ නිවසට, එතනදී කේට් දැනගන්නවා ටෙඩ් රහසින් කාටෙලය සමග වැඩ කරන බව. ටෙඩ් විසින් කේට්ව මරාදැමීමට උත්සාහ කලත් එවෙලේම එතනට පැමිණෙන ඇලහැන්ඩ්‍රෝ එය වලක්වනවා. ඇලහැන්ඩ්‍රෝ සහ මැට් කේට්ට පවසනවා, බැංකු වැටලීමේදි කාටෙලය විසින් කේට්ව දැක තිබූ බැවින් නියත වශයෙන්ම ඇයව ඝාතනය කිරීමට කාටෙලය කටයුතු කරන බව දැන සිටි නිසා තමන් කේට්ව ඇමක් ලෙස භාවිතා කල බව. ඇලහැන්ඩ්‍රෝ සහ මැට් දෙදෙනා ටෙඩ්ටද වධහිංසා පමුණුවමින් දියෙස්ට වැඩ කරන අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ නම් ගම් දැනගන්නවා.

ඒ සමගම වාගේ මේ කණ්ඩායමට දැනගන්නට ලැබෙනවා තමන් බලාපොරොත්තු වූ ලෙසම දියෙස්ව මෙක්සිකෝවට කැඳවා ඇති බව. එහිදී කේට් කණ්ඩායම සමග වාද කරනවා මෙක්සිකෝව තුල මෙහෙයුමකට තමන්ට කිසිදු බලයක් නැති බවට. එතනදී මැට් පවසනවා තමන්ට රෙජීව සහ කේට්ව අවශ්‍ය වුණේ මෙහෙයුමට අවශ්‍ය නීතිමය පරිසරය සකසා ගැනීමට පමණක් බව. මෙයින් කෝපයට පත්වන රෙජී මෙහෙයුමෙන් ඉවත්ව යමුයැයි කේට්ට යෝජනා කලත්, කේට් කියන්නේ රහස් උමග අසල සිදුවන සැබෑ  ක්‍රියාකාරකම් හරියාකාරව දැනගැනීම සඳහා මෙහෙයුමේම රැඳී සිටිය යුතු බව.උමග අසල මෙහෙයුමේදී උමගේ සිටි සියලු දෙනා මරා දමන අතර ඇලහැන්ඩ්‍රෝ උමගේ මෙක්සිකානු අන්තය වෙත ලඟාවෙනවා.. එතනදී ඔහු විසින් දියෙස්ට වැඩ කරන තවත් දූෂිත පොලිස් නිලධාරියෙක් වන සිල්වියෝව පැහැරගන්නවා. ඒ සිදුවීම දකින කේට් උත්සාහ කරනවා ඇලහැන්ඩ්‍රෝව අත්අඩංගුවට ගැනීමට, නමුත් ඇගේ වෙඩි නොවදින කබායට වදින ලෙස ඇයට වෙඩි තබන ඇලහැන්ඩ්‍රෝ සිල්වියෝවත් රැගෙන පලායනවා.

ඇලහැන්ඩ්‍රෝ මෙලෙස නීතිවිරෝධී ලෙස හැසිරෙන්නේ තම කණ්ඩායමේ සහය ඇතිව බවත්, ඇලකොන් හෝ දියෙස්ට එරෙහිව නීතිමය මාර්ගයකින් කටයුතු කිරීමේ අදහසක්ද නොතිබුණ බවත් වටහාගන්නා කේට් සහ මැට් බහින්බස් වෙනවා, උමගේ එක්සත් ජනපද අන්තයේදී.එතනදී මැට් පැහැදිලි කරනවා තමන් උත්සාහ කරන්නේ මැඩෙලින් කාටෙලය පමණක් එක්සත් ජනපදය තුල ජාවාරම් සිදුකල කාලයට නැවත යාමට බවත් , එය එක්සත් ජනපද රජයට වාසිදායක වූ බවත්,ඇමරිකානුවන් කොකේන් භාවිතය නවත්වන තෙක් කල හැකි හොඳම දෙය එය බවත්.

                 ඒ වගේම ඔහු කේට්ට එලිදරව් කරනවා ඇලහැන්ඩ්‍රෝ මෙඩ්ලින් කාටෙලයට වැඩ කල සිකාරියෝවරයෙක් ( කුලී ඝාතකයෙක්) බවත් , ඔහුව තම කණ්ඩායමට ගැනීමට හේතුව ඔහු ලවා සොනෝරා කාටෙලයේ ප්‍රධානී ඇලකොන්ව ඝාතනය කරවීමට බවත්, ඇලහැන්ඩ්‍රෝගේ බිරිඳ සහ දියණිය මරාදැමීමට නියෝගය දුන්නේද ඇලකොන් බවත්, ඒ නිසාම මෙය ඇලහැන්ඩ්‍රෝගේ පුද්ගලික එදිරිවාදිකමක් බවත්. සිල්වියෝවත් රැගෙන උමග අසලින් මෙක්සිකෝවට පලාගිය ඇලහැන්ඩ්‍රෝ සිල්වියෝ මාර්ගයෙන් දියෙස් සිටින තැනට ගොස්, සිල්වියෝව මරා දමා, දියෙස්ව ජීවග්‍රහණයෙන් අල්ලා ගෙන ඉන් අනතුරුව දියෙස් හරහා ඇලකොන්ගේ මන්දිරය අසලට ගොස් දියෙස්ව, මන්දිරයේ ආරක්ෂකයන් සියලු දෙනාව සහ ඇලකොන්ව ඔහුගේ දරුවන් බිරිඳ ඇතුළු මුළු පවුලම මරා දමනවා.

ඉන්පසුව කේට්ගේ නිවසට යන ඇලහැන්ඩ්‍රෝ ඇයට පිස්තෝලයක් පෙන්වා තර්ජණය කරනවා මෙහෙයුම නීත්‍යානුකූල එකක් බවට සහතික කල ලියවිල්ලකට අත්සන් කරන ලෙස. ඇලහැන්ඩ්‍රෝ එතනින් පිටව යද්දී කේට් ඔහුට වෙඩි තැබීමට පිස්තෝලය දිගුකලද ඇයගේ සිත එයට ඉඩදෙන්නේ නෑ.

චිත්‍රපටය අවසන් වන්නේ සිල්වියෝගේ වැන්දඹු බිරිඳ තම පුත්‍රයා පාපන්දු තරඟයක් ක්‍රීඩා කරන අයුරු නරඹන තැනකින්, එතනදි වෙඩි හඬක් ඇසීමෙන් තරඟයට බාධාවක් ඇති වුවත්, තරඟය දිගටම පැවැත්වෙනවා....

මේ ටික ලියන්න උදවු කරගත්තෙ මෙන්න මේ වීඩියෝව. මුළු චිත්‍රපටයම ලස්සනට පැහැදිලිව සාරාංශගත කරල තියනව මේ මිනිත්තු හතරක වීඩියෝව තුල.

                    Sicario: The Day of the Soldado(2018)

මේ කාලය වනවිට මෙක්සිකෝව එක්සත් ජනපදය අතර මත්ද්‍රව්‍ය ජාවාරම බොහොම නිවී සැනසිල්ලේ කෙරීගෙන යනවා. ඒ වගේම දේශසීමාව හරහා මෙක්සිකෝවේ සිට නීතිවිරෝධී සංක්‍රමණිකයන් එක්සත් ජනපදයට රැගෙන ඒමත් අඩුනැතිවම සිදුවෙනවා. සියල්ලටම මෙක්සිකානු ජාවාරම් කල්ලි (කාටෙල) සෘජුවම සම්බන්ධයි. හැබැයි මේ සියල්ලම බොහොම නිහඬව සූක්ෂමව කෙරීගෙන යන්නෙ.කෙසේ හෝ මේ සියල්ල වෙනස් වෙන්නෙ එක්සත් ජනපදයේ කැන්සාස්සිටිවලට එල්ල වෙනබෝම්බ ප්‍රහාරයන් මාලාවක් සමගයි. එහි සුල මුල සොයාගෙන යන විට දැනගන්නට ලැබෙනවා මේ ප්‍රහාරය එල්ල කල ත්‍රස්ථාවාදීන් එක්සත් ජනපදයට පැමිණ තිබෙන්නේ මේ මිනිස් ජාවාරම්කරුවන්ගේ සහ කාටෙලවල සහායෙන් බවට..එතනදී ඇමරිකානු රජය නැවතත් පිහිට පතන්නේ මැට් ග්‍රේවර්ගෙන්මයි...

Imdbවෙතින් 7.3ක අගයක්ද Rotten Tomatos වෙතින් 63%ක අගයක්ද ලබා ගූගල් පරිශීලකයන් 84%ක ප්‍රසාදයද සමගින් සම්මාන ද්විත්වයකටද නිර්දේශව ඇති මේ චිත්‍රපටය මෙවරනම් අධ්‍යක්ෂණය කරන්නෙ ඩෙනිස් විලනිව් නෙමෙයි, ඊට හේතුව වී ඇත්තේ ඔහු Blade Runner: 2049 චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කාර්යය නිසා කාර්යබහුලව සිටීමයි. මෙවර අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නෙ ස්ටෙෆානී සොලීමා. ඒ වගේම බොහෝ අය බලාපොරොත්තු වූ කේට් මෙසී චරිතයත් මෙවර චිත්‍රපටය තුල දකින්නට නැහැ. රචක ටයිලර් ෂෙරිඩන් පවසා ඇත්තේ කේට්ගේ චරිතය මෙවර කතාවට එකතු කිරීමට හැකි තැනක් තමන් නොදුටු බවයි. රංගනයෙන් දායක වෙන්නෙ බෙනීෂියෝ ඩෙල් ටෝරො (ඇලහැන්ඩ්‍රෝ), ජොෂ් බ්‍රොලින් (මැට්ග්‍රේවර්), ඉසබෙලා මොනර් (ඉසබෙල් රේයස්) , ජෙෆරි ඩොනවන් ( ස්ටීව් ෆෝසින්), කැතරින් කීනර් (සින්තියා ෆෝ(ර්)ඩ්ස්, මැතිව් මොඩින් (ජේම්ස් රයිලි) වගේ නළු නිළියන් පිරිසක්. මුල් චිත්‍රපටයෙ රසිකයෙක් විදියට මට මෙවර චිත්‍රපටය දැනුනෙ හැබැයි මුල් නිර්මාණයට කල යම් අසාධාරණයක් විදියට. මම හිතන්නෙ Sicario (2015) රසිකයො ගොඩක් අය මාත් එක්ක එකඟ වෙයි ඒ කාරණයෙදි. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු ලඟදීම තවත් උපසිරැසියකින්..

ස්පාඤ්ඤ භාෂා දෙබස්ද පරිවර්තනය කර ඇත.

WEB-DL සහ BLURAY පිටපත් ද්විත්වයටම උපසිරැසි උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය.

ඉහලින් ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එක WEB-DL පිටපතට වන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ.

විශේෂ :-

Sicario - සිකාරියෝ යන නමේ තේරුම තමයි කුලී ඝාතකයා කියන එක. මෙය Sicarii (සිකාරි) යන හීබෲ වචනයෙන් උපන් වචනයක්. සිකාරි නමේ අර්ථය කිනිසිකරුවන් කියන එකලු, ඔවුන් දෙවන ටෙම්ප්ලර් සමයේ රෝමානුවන්ට එරෙහිව සටන් වැදුණ ප්‍රචණ්ඩකාරී යුදෙව් කණ්ඩායමක්.

Soldado - ස්පාඤ්ඤ බසින් සොල්ඩාඩෝ කියන්නෙ සොල්දාදුවාට.

සිංහල උපසිරැසිය ලබා ගන්න 11792

Download Links:

720P පිටපත (Torrent)
720P පිටපත (Torrent)
Sicario: Day of the Soldado
  • 720p (bluray)
    1.03 GB
    Download Torrent
  • 1080p (bluray)
    1.97 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.56 GB
    Download Torrent
  • 2160p (bluray)
    5.46 GB
    Download Torrent
  • 720p (web)
    1.04 GB
    Download Torrent
  • 1080p (web)
    1.98 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • chamika Unregistered User
    Windows 7Firefox 60

    thanks elaaaaaaaaaaaaaa

    2018-09-14 at 11:44 am
    Reply
  • Gayan Unregistered User
    Windows 7Firefox 62

    Thank you bro.

    2018-09-14 at 12:53 pm
    Reply
  • හසිත ප්‍රසාද් Junior Admin
    Windows 7Opera 55

    ප්‍රතිචාර දැක්වූ සහ දක්වන සියලුම දෙනාට බොහොමත්ම ස්තූතියි 👍❤

    2018-09-14 at 2:30 pm
    Reply
  • silent$ Unregistered User
    Android 4.4Chrome 67

    Thanxxxxx

    2018-09-14 at 3:35 pm
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 55

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    2018-09-14 at 3:40 pm
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-09-14 at 6:09 pm
    Reply
  • Kavisha Methruwan ExPERT Subtitler
    Android 5.1Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-09-15 at 3:03 am
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 68

    පට්ට ෆිල්ම් එක .❤️

    2018-09-15 at 8:40 pm
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 68

    ඔන්න මෙක බ්ලුරෙ ආව සහෝ.._______++++ආපහු නම් ගන්න අදහසක් නැ Web-dl එක හොදටම හොදයි..ෆිල්ම් එකත් සුපිරි එකටම වැදුන හින්ද…මොකටත් අප්ඩෙට් එකක් දෙමු නෙද එක වටිනවනෙ

    2018-09-21 at 7:27 am
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7Opera 55

      UPDATED 😉

      2018-09-24 at 12:32 am
  • niduk Unregistered User
    Windows 7Chrome 73

    නියමයි මට අද තමයි මේ සයිට් එක සෙට් වුනෙ.

    2019-04-10 at 9:56 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms