Sky Hunter (2017) Sinhala Subtitle
ඉතින් කොහොමද අපේ යාළුවන්ට?ආයුබෝවන් වේවා හැමෝටම.ටික කාලෙකින් උපසිරැසියක් කලෙත් නෑනෙ.ඒ අතරෙ අපේ කවීෂ සහෝදරය තමයි මේ Sky Hunter චිත්‍රපටයෙ උපසිරැසිය කරමු කියල කිව්වෙ.බාරගත්තට මොකද මේ උපසිරැසියට තරම් බාධක ආවෙ නෑ වෙන කිසිම උපසිරැසියකට.එකක් තමයි මේකට කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නෑ මේ ලිපිය ලියන මොහොත (2017 :නොවැ:30)වනතෙක්ම.කොහොමින්හරි හොඳ වෙලාවට YTS (YIFY) එකෙන් නිකුත් කරල තිබුණ ටයිම්ලයින් සෙට් එකක් හම්බවුණා.ඒකෙ පොඩි පොඩි නිවැරදි කිරීම් කීපයක් කරල වැඩේට ඕනවිදියට හදාගන වීඩියෝ පිටපතේ තියන හාඩ්කෝඩ් සබ් ටයිටල් එක බලාගෙන තමයි උපසිරැසිය කලේ.ඊලඟ බාධකේ විදුලිය, මේ දවස්වල නිරන්තරේ සිදුවන විදුලිය විසන්ධිවීම් නිසා (අද දවසම නෑ.දැන් ටිකකට කලිනුයි ආවෙ) හිතුවට වඩා උපසිරැසියට කාලය ගියා.දැන් ඒ කතා ඇතිනෙ නේද?අපි යමු චිත්‍රපටයෙ විස්තර පැත්තට…
මේ චිත්‍රපටය නමින් Sky Hunter (2017).යුධමය, ක්‍රියාදාම, නාට්‍යමය සහ ප්‍රේමණීය (War, Action, Drama and Romance) ඝනයට අයත් චීන චිත්‍රපටයක් වන මෙහි IMDB අගය 5.1ක් (මේ වනවිට).ගූගල් පරිශීලකයන් 89%කගේ ප්‍රසාදයත් මේ චිත්‍රපටයට ලැබී තිබෙනවා.අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නෙ Chen Li…
කතාව මම කෙටියෙන් කියන්නම්.ස්කයි හන්ටර් කියන්නෙ චීන ගුවන් හමුදා විශේෂ ඒකකයක්.ගුවන් නියමු පාසලෙන් පිටවූ ආධුනික ගුවන් නැවියන් පිරිසක්ව මේ ස්කයි හන්ටර් ඒකකයට තෝරාගන්නවා.ඔවුන් දක්ෂයන් නමුත් කවදාවත් සැබෑ යුද්ධයකට මුහුණ දී නෑ.ඔය අතරේ මාබූ සමූහාණ්ඩුවේ සිටින චීන ජාතිකයන් පිරිසක්ව ත්‍රස්ත කණඩායමක් විසින් පැහැරගන්නවා.ඔවුන්ව බේරාගැනීමේ මෙහෙයුම බාර වෙන්නෙ මේ ආධුනිකයන් පිරිසටයි.එහෙනම් නරඹලම බලන්න ඔවුන්ට මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයිද කියල.චිත්‍රපටයේ උපසිරැසිය බාරදුන්න කවීෂ සහෝදරයටත් ස්තූති කරමින්ම මම ගිහින් එන්නම්.ආයිත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු…
වීඩියෝ පිටපත :- WEB-DL එකක් නිසා පිටපත හොඳටම හොඳයි.බය නැතුව ඩවුන්ලෝඩ් කරගන්න.හාඩ්කෝඩ් උපසිරැසිය තියෙන්නෙ පොඩි ෆොන්ට් සයිස් එකකින් නිසා කරදරයක් නැතුව සිංහල උපසිරැසිය එක්ක බලන්න පුළුවන්…
Spoiler Warning : Several Air Force pilots are given a sudden test to be selected into a secret Air Force base called the Sky Hunter. Wu Di and Ling Weifeng pass the test while Hao Chen gets eliminated. Wu Di and four other soldiers are the only ones who made it to the base after a series of training. One day, news broke that Hao Chen has been captured by the rebel army of another country. Determined to rescue his old teammate, Wu Di gathers several groups of air pilots to be ready for Hao Chen’s rescue mission…
සුපිරි ෆිලුමකටනේ සහෝ සබ කරලා තියෙන්නේ..මාත් ඉතින් චයිනීස් ෆිල්ම්ස් බලනවනේ..සබ් එකට තුති සහෝ…??
බොහොම ස්තූතියි, සුමින්ද 🙂
Thanks for sub
උපසිරැසියට තුති සහෝ
ඔබට ජය???
බොහොම ස්තූතියි, පසිඳු 🙂
Thank bro sub ekata….
නියමයි.බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි, මධූෂ 🙂
Thanks bro for Sub ?????
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
හැමදාමත් දක්වන ප්‍රතිචාරයට ස්තූතියි, කාන්ත 🙂
තෑන්ක්ස් සහෝ උපසිරැසියට.
බොහොම ස්තූතියි, ලහිරු 🙂
thnks broo
අඩේ පට්ටයි මචන්…
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..
elama saho thanks
හැමදාම දක්වන ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, අසිත 🙂
thanks bro….
tnx ela patta