• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Spider-Man: Into the Spider-Verse (2018) Sinhala Subtitle

Spider-Man: Into the Spider-Verse (2018) Sinhala Subtitle

2019/02/24 at 1:20 pm
Hasitha Prasad
 

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මාවල් රසිකයන් සෑහෙන උනන්දුවෙන් බලා සිටි චිත්‍රපටයක උපසිරැසිය තමයි අද මේ අරගෙන එන්නෙ, වැඩිය අටුවාටීකා අවශ්‍ය නෑ මේ තමයි සෝනි -මාවල් එකතුවෙන් නිර්මාණය වුණ Spider Man : Into Spider Verse (2019) චිත්‍රපටය. සුපිරි වීර චිත්‍රපට නිර්මාණය විය යුත්තේ කෙසේදැයි සිනමා ලෝකයටම පෙන්වමින් මේ වනවිටද අති සාර්ථක ගමනක් ගොස් සිටින මේ සජීවීකරණ චිත්‍රපටය Imdb සිනමා දර්ශකයේ 8.7ක දැවැන්ත අගයක් ලබාගෙන එම අඩවියේම හොඳම චිත්‍රපට 250 අතරේ 29වන ස්ථානයත් ( මේ ලිපිය ලියන 2019: පෙබ:24 වනවිට) තමන් සතු කරගෙන ඔස්කා සම්මානයකටද නිර්දේශව, තවත් සම්මාන 52කට උරුමකම් කියමින් එයින්ද නොනැවතී Rotten tomatoes අඩවියේද 97%ක අගයක්ද ලබා අවසන්. අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නෙ Bob Persichetti, Peter Ramsey,Rodney Rothman යන අධ්‍යක්ෂවරු තිදෙනා. ඊට අමතරව චරිත සඳහා තම හඬ දායකත්වය දක්වන්නෙ : ෂමෙක් මූර් ( මයිල්ස් මොරාලෙස්), ජේක් ජොන්සන් ( පීටර් බී. පාකර්), හේලි ස්ටේන්ෆීල්ඩ් (ග්වේන් ස්ටේසි), මහෙර්ෂලා අලි ( ඇරොන්), ලිලී ටොම්ලින් (මේ), ලූනා ලොරන් ( රියෝ මොරාලස්), සෝ ක්‍රැවිට්ස් ( මේරි ජේන්), ජෝන් මලනි ( ස්පයිඩර්-හැම්), කිමිකෝ ග්ලෙන් (පෙනී පාකර්),නිකලස් කේජ් ( ස්පයිඩර් මෑන්-නොයර්), කැතරින් හැන් ( ඩොක් ඔක්), ලිව් ෂිබර් ( විල්සන් ෆිස්ක්), ක්‍රිස් පයින් ( පීටර් පාකර්) වගේ පිරිසක්. මීට අමතරව පරිගණක සජීවීකරණ ශිල්පීන් පමණක් 180කගේ සහභාගීත්වයෙන් නිර්මාණය වන්නක් වන අතර එය මෙතෙක් සෝනි පික්චර්ස් සමාගමේ නිර්මාණයකට දායක වූ වැඩිම කාර්ය මණ්ඩලය බවත් සඳහන්. කෙසේ හෝ සුපුරුදු පරිසි ස්ටෑන් ලී කැමියෝ එකක් මෙයටද ඇතුලත් අතර වෙනොම් චිත්‍රපටය ස්ටෑන් ලී රංගන දායකත්වය දැක්වූ අවසන් කැමියෝ එක වන අතරේ මෙය ඔහු හඬ දායකත්වය සැපයූ අවසන් චිත්‍රපටය බවට පත්වෙනවා, ඒ පසුගිය වසරේ නොවැම්බර් 12 වන දින ඔහු මියයාම නිසා. එපමණක් නොවෙයි මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අවසන් වීමට ප්‍රථම ස්ටෑන් ලී හා සමග ස්පයිඩර් මෑන් චරිතය නිර්මාණයට දායක වූ ස්ටීව් ඩිට්කෝද මියගියා පසුගිය වසරේ ජූලි 6 වන දින.

ඒ නිසා ඔවුන් දෙදෙනා නමට මෙම චිත්‍රපටය නම් කර තිබෙනවා. මයිල්ස් මොරාලස්ගේ පියා ජෙෆර්සන්ගේ දුරකථනයේ අංක අතර එස්. ඩිට්කෝ නමින් ඔහුගේ නම සඳහන්ව තිබෙනු ඔබට දකින්නට ලැබේවි ඔහු සිහිවන්නට. සජීවීකරණය ගැන කියනවනම් ප්‍රේක්ෂකයාව තමන් මේ නරඹන්නේ චිත්‍රපටයක්ද නැත්නම් කොමික් පොතක්ද යන්න තීරණය කරගත නොහැකි දෙගිඩියාවක සිර කරන්නට ඩැනී ඩේමියන් ඇතුළු නිර්මාණකරුවන් ඉතාම දක්ෂ ලෙස සමත්වී තිබෙනවා. එහෙමනම් මේ ස්පයිඩර් මෑන් සමාන්තර විශ්වයන් කීපයක ස්පයිඩර් මෑන්ල කීපදෙනෙක් එක තලයකට ගෙන එන්නක් නිසා මම හිතනවා ඒ චරිත හඳුන්වා දීම සුදුසුයි කියල.



මාවල් බහු විශ්වය තුල ඒ එක එකට ආවේනික ස්පයිඩර් මෑන්ල බොහොමයක් ඉන්නව, ඔවුන් සියල්ල එකම විශ්වයකදී හමුවෙනවා මේ චිත්‍රපටය තුල. ඒ නිසයි මෙය ස්පයිඩර් වර්ස් නොහොත් ස්පයිඩර් විශ්වය වෙන්නෙ. මෙවර එහි නවතම සාමාජිකයා වෙන්නෙ මයිල්ස් මොරාලෙස් (ඔබට මතක ඇති ස්පයිඩර් මෑන් හෝම්කමින් චිත්‍රපටයෙන් පොඩි ඉඟියක් දුන්නා මයිල්ස් මොරාලස් ආගමනය ගැන). ඔහු ඇතුළු ස්පයිඩර් මෑන්ල පිරිස මෙන්න මේ විදියයි...

පීටර් පාකර් අංක 1

මේ තමයි අපිට හුරු ස්පයිඩර් මෑන්. මකුළු දෂ්ඨයකින් ස්පයිඩර් මෑන් බවට පත්වෙන, මේරි ජේන් හා ප්‍රේමයෙන් බැඳී සිටින නගරය උපද්‍රවයන්ගෙන් මුදාගන්න ඔහු ඉන්න විශ්වයෙමයි ඒ කියන්නෙ අල්ටිමේට් වර්ස් එකේමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අප්‍රිකානු- ඇමරිකන්-ලතින් සම්භවයක් සහිත මයිල්ස් මොරාලෙස් ඉන්නෙත්. මේ චිත්‍රපටය තුලදී ඔහුගෙන් ස්පයිඩර් මෑන් තනතුර මයිල්ස් මොරාලෙස් අතට යන විදිය කිව්වොත් ස්පොයිල් වීමක් නිසා මම එහෙම නොකර ඉන්නම්.

පීටර් පාකර් අංක 2 -පීටර් බී. පාකර් ( E-616 විශ්වය)

මෙයා තමයි අනිත් ස්පයිඩර් මෑන්, අපි මෙයා ගැනත් දන්නවා, ඔහුගෙ කතාව කලින් පීටර් හා සමානයි ඔහු මේරි ජේන් හා විවාහවීමත් එම විවාහයෙන් දරුවෙක් සිටීමත්, අවසානයේ මේරි ජේන්ගෙන් දික්කසාද වීමත්, ඒ වගේම ඔහුව හදාවඩාගත් ඔහුගේ නැන්දනිය මේ මියයාමත් හැරුණුකොට. ඒ නිසාම මේ පීටර් ටිකක් බලාපොරොත්තු කඩවීමකින් ඉන්න, තමන් තවදුරටත් ස්පයිඩර් මෑන්ව සිටීමෙන් පලක් තිබේද කියල හිතේ දෙගිඩියාවකින් ඉන්න කෙනෙක්, වසර 22ක් ස්පයිඩර් රාජකාරියේ යෙදී සිටි ඔහුගේ මේ වනවිට වයස 40ක්. ඒවගේම නිර්මාණකරුවන් කියන විදියට මේ තමයි ටොබී මැග්වයර් පණ පෙවූ ස්පයිඩර් මෑන්.ඒක එහෙමනම් අපිට ස්පයිඩර් මෑන් 3 චිත්‍රපටයෙන් පසුව ඔහුගේ ජීවිතයේ සිදුවූ දේ දැනගන්න පුළුවන් මේ චිත්‍රපටයෙන්.

ග්වේන් ස්ටේසි නොහොත් ස්පයිඩර් වුමන් (E-65 විශ්වය)

මේ තමයි ස්පයිඩර් විශ්වයේ එකම ස්පයිඩර් වුමන්. ඇය පොලිස් නිලධාරියකුගේ දියණියක්. චිත්‍රපටය පුරාවට පෙර සඳහන් දෙවන පීටර් පාකර්ගෙන් ගුරුහරුකම් ලබන මයිල්ස් මොරාලෙස්ගේ හිතවතිය වෙන්නෙත් මේ ග්වේන් ස්ටේසි.

ස්පයිඩර් මෑන් නොයර් නොහොත් කළු සුදු (E-90214 විශ්වය)

 

ඔහු 1933 වසරට අයිති කෙනෙක්. එම The great depression සමය නොහොත් ලෝකයේ දරුණුතම ආර්ථක අවපාත සමයේ ,අපරාධවලින් පිරි කාලයක පුද්ගලික රහස් පරීක්ෂකයෙක්ව සිටි ඔහුගේ සැබෑ නමත් පීටර් පාකර්. ඔහු ටිකක් විතර අඳුරු ගුප්ත චරිතයක්.

පෙනී පාකර් නොහොත් SP//DR (E-14512)

 

ඇගේ නැන්දනිය සහ මාමා SP//DR නම් බලවත් සයිබර්නෙටික ඇඳුමක් නිර්මානය කරමින් සිටින අය ඔස්කෝප් ආයතනයට. ඇයගේ පියා මියයනවා එම ඇඳුම ඇඳීමේදී සිදුවන අත්වැරදීමකින්. පියාගේ ඇවෑමෙන් එම ඇඳුම ගැලපෙන්නේ ඔහුගේ ජාන හිමි පෙනීට පමණයි . එහි මධ්‍යම සැකසුම් ඒකකය හා සම්බන්ධ වන්නට ඇයට සිදුවනවා කැමැත්තෙන්ම විකිරණශීලි මකුළුවෙකුගේ දෂ්ඨයකට ලක්වෙන්න.

ස්පයිඩර්-හැම් නොහොත් පීටර් පෝකර් (E-8311 විශ්වය)

මේ තමයි ස්පයිඩර් විශ්වයේ විකාරරූපීම ස්පයිඩර් මෑන්. මෙයාගෙ කතාවත් ඒ වගේ, මොකද අනිත් අය වගේ මකුළු දෂ්ඨ කිරිමකින් නෙමෙයි ඔහු ස්පයිඩර් මෑන් කෙනෙක් වෙන්නෙ, කලින් මකුළුවෙක්ව සිටි ඔහු ලක්වෙනවා ඌරෙකුගේ (මේ පෝකර්) සපාකෑමකට.ඒ නිසයි නම ස්පයිඩර්-හැම් වෙන්නෙ.


කතාවේ ප්‍රධාන චරිතය වන මයිල්ස් මොරාලෙස් (E-1610 විශ්වය) නොහොත් දෙවන අල්ටිමේට් ස්පයිඩර් මෑන් ඇරුණම කතාවට ස්පයිඩර් විශ්වයෙන් සම්බන්ධ වන ස්පයිඩර් චරිත තමයි ඉහලින් සඳහන් කලේ. දැන් අපි යමු මේ චිත්‍රපටයේ කතාව පැත්තට... මයිල්ස් මොරාලෙස් යනු ජෙෆර්සන් ඩේවිස් නම් කළු ජාතික පොලිස් නිලධාරියාගේ සහ රියෝ මොරාලෙස් නම් ලතින් ජාතික කාන්තාවගේ එකම පුත්‍රයා. නව යොවුන් වියේ සිටින ඔහු වාසය කරන්නෙ මව පියා සමග බෲක්ලින් ප්‍රදේශයේ. චිත්‍ර ශිල්පයට ඉතා ලැදි, වීදි චිත්‍ර ඇඳීමේ දැඩි ආශාවෙන් පෙලෙන ඔහුට ඒකට ඉඩක්නම් ලැබෙන්නෙ නෑ දැඩි නීතිගරුක පොලිස් නිලධාරියෙක් වන ඔහුගේ පියා ජෙෆර්සන්ගෙන්. කොහොමහරි අද තමයි ඔහු නව පාසලකට ඇතුල් වෙන දවස,ඒ තමයි බෲක්ලින් විෂන් ඇකඩමිය. කොහොමවුණත් පාසල අසලටම යන ඔහුගේ ඒතරම් කැමැත්තක් නෑ අලුත් පාසලට. කොහොමින්හරි මුල් දවස පාසලේ ගත කරන ඔහු තමන්ගේ පියාගේ මළනුවන් එහෙමත් නැත්නම් තමන්ගේ බාප්පා වන ඇරොන් සමග හොරෙන්ම යනවා ගමනක්.. එතනින් තමයි මේ මයිල්ස් මොරාලෙස්ගේ ජීවිතය වෙනත් පැත්තකට හැරෙන්නෙ... එහෙනම් මම ගිහින් එන්නම් , හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම. මතක ඇතුව පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයත් බලන්න.

"කල යුතු නිවැරදි දෙය එය නිසාත්, කල යුත්තේ හෝ සිදුවිය යුත්තේ එය නිසාත්, අනෙකාට පිහිට වන්නා සත්‍ය වශයෙන්ම සැබෑ සුපිරිවීරයෙකි." -ස්ටෑන් ලී-

උපසිරැසිය මාහට බාරදුන් දමිත්ට ස්තූතිය උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BLURAY යන පිටපත් ද්විත්වයටම උපසිරැසි අඩංගුවේ. ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න. ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක ‍WEB-DL සඳහා වන අතර ඊට පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ. විශේෂ :- 
  • පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනය තුලදී ස්පයිඩර් මෑන් 2099 නොහොත් මිගෙල් ඔ'හාරාවත් බලාගන්න පුළුවන්.
  • ස්පයිඩර් මෑන් සීරියල් උදෑසන ආහාර දැන්වීම (වීඩියෝ)
  • ස්පයිඩර් පොප්සිකල් අයිස් පලම් (වීඩියෝ)
  • මාවල් වුනා කියල DC කොමික්ස්වලට ආදරය කිරීම වරදක් නෙමෙයිනෙ. මයිල්ස්ගෙ කාමරේ බැට්මෑන්ව දැක්ක අය අත උස්සන්න. දැක්කෙ නැති අය මේ ඉමේජ් එක බලන්න
  • මයිල්ස් මොරාලස්ගෙ දුරකථනයේ බී. බෙන්ඩිස් සහ සාරා පිචෙලි ලෙස නම් දෙකක් තියනව පෙනෙයි. ඒ මයිල්ස් මොරාලස් චරිතයේ නිර්මාතෘන් දෙදෙනා සිහිවෙන්නයි.
බ්‍රයන් බෙන්ඩිස් •  මයිල්ස්ට ස්ටෑන් ලී හමුවෙන දර්ශනය හැරුණම මේකෙ නගර දර්ශනවල කීප තැනක ස්ටෑන් ලී චරිතය සිටින බව අන්තර්ජාලයේ සඳහන් වෙනව. මට එක තැනක් හම්බවුණා. බලන්න අනිත් තැන් හම්බවෙයිද කියල.
සිංහල උපසිරැසිය ලබා ගන්න 20023

Download Links:

720P පිටපත (Torrent)
720P පිටපත (Torrent)
1080P පිටපත (Torrent)
Spider-Man: Into the Spider-Verse
  • 3D (bluray)
    1.87 GB
    Download Torrent
  • 720p (bluray)
    1003.51 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.88 GB
    Download Torrent
  • 2160p (bluray)
    5.32 GB
    Download Torrent
  • 720p (web)
    995.38 MB
    Download Torrent
  • 1080p (web)
    1.87 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Saman Kodithuwakku User
    Android 8.1UC Browser 12.11

    Ela ela bro

    2019-05-18 at 12:46 pm
    Reply
  • yasi Unregistered User
    Windows 8.1Chrome 80

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….

    2020-02-19 at 4:31 am
    Reply
  • Chandimal Unregistered User
    Windows 10Chrome 81

    Thanks for the subtitles. Keep up the good work.

    2020-05-17 at 6:49 am
    Reply
  • Vishwa Ravindu User
    Android 9Chrome 81

    Film එක බාගන්න link ekak danna plz

    2020-05-28 at 3:53 am
    Reply
  • Nimansa Bandara Junior Subtitler
    Windows 10Chrome 84

    sub ekata bohoma sthuthi! mama asa karana kathawak

    2020-07-30 at 6:51 pm
    Reply
  • UPEK Unregistered User
    Windows 10Opera 68

    ♥♥Hey Guys i should say you guys are fucking awesome right, if no one is doing a job like this fucking SL would not get any of subtitiles, So bro ya all know none of american movie company release a single subtitle in Sinhala language but however you guys are translating it, I don’t care how you do that, maybe using a Online translater or something But you guys can turn those English Subtitiles into our Sinhala Speaking Language , So guys Thank you Very Much for your contribution , and i finally suggest you to make the Page more Colorful and use a Unique Font, And Thanks the Administor And aLL THE CREW

    2020-08-04 at 8:36 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms