Spider-Man: Into the Spider-Verse (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මාවල් රසිකයන් සෑහෙන උනන්දුවෙන් බලා සිටි චිත්‍රපටයක උපසිරැසිය තමයි අද මේ අරගෙන එන්නෙ, වැඩිය අටුවාටීකා අවශ්‍ය නෑ මේ තමයි සෝනි -මාවල් එකතුවෙන් නිර්මාණය වුණ Spider Man : Into Spider Verse (2019) චිත්‍රපටය. සුපිරි වීර චිත්‍රපට නිර්මාණය විය යුත්තේ කෙසේදැයි සිනමා ලෝකයටම පෙන්වමින් මේ වනවිටද අති සාර්ථක ගමනක් ගොස් සිටින මේ සජීවීකරණ චිත්‍රපටය Imdb සිනමා දර්ශකයේ 8.7ක දැවැන්ත අගයක් ලබාගෙන එම අඩවියේම හොඳම චිත්‍රපට 250 අතරේ 29වන ස්ථානයත් ( මේ ලිපිය ලියන 2019: පෙබ:24 වනවිට) තමන් සතු කරගෙන ඔස්කා සම්මානයකටද නිර්දේශව, තවත් සම්මාන 52කට උරුමකම් කියමින් එයින්ද නොනැවතී Rotten tomatoes අඩවියේද 97%ක අගයක්ද ලබා අවසන්. අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නෙ Bob Persichetti, Peter Ramsey,Rodney Rothman යන අධ්‍යක්ෂවරු තිදෙනා. ඊට අමතරව චරිත සඳහා තම හඬ දායකත්වය දක්වන්නෙ : ෂමෙක් මූර් ( මයිල්ස් මොරාලෙස්), ජේක් ජොන්සන් ( පීටර් බී. පාකර්), හේලි ස්ටේන්ෆීල්ඩ් (ග්වේන් ස්ටේසි), මහෙර්ෂලා අලි ( ඇරොන්), ලිලී ටොම්ලින් (මේ), ලූනා ලොරන් ( රියෝ මොරාලස්), සෝ ක්‍රැවිට්ස් ( මේරි ජේන්), ජෝන් මලනි ( ස්පයිඩර්-හැම්), කිමිකෝ ග්ලෙන් (පෙනී පාකර්),නිකලස් කේජ් ( ස්පයිඩර් මෑන්-නොයර්), කැතරින් හැන් ( ඩොක් ඔක්), ලිව් ෂිබර් ( විල්සන් ෆිස්ක්), ක්‍රිස් පයින් ( පීටර් පාකර්) වගේ පිරිසක්. මීට අමතරව පරිගණක සජීවීකරණ ශිල්පීන් පමණක් 180කගේ සහභාගීත්වයෙන් නිර්මාණය වන්නක් වන අතර එය මෙතෙක් සෝනි පික්චර්ස් සමාගමේ නිර්මාණයකට දායක වූ වැඩිම කාර්ය මණ්ඩලය බවත් සඳහන්. කෙසේ හෝ සුපුරුදු පරිසි ස්ටෑන් ලී කැමියෝ එකක් මෙයටද ඇතුලත් අතර වෙනොම් චිත්‍රපටය ස්ටෑන් ලී රංගන දායකත්වය දැක්වූ අවසන් කැමියෝ එක වන අතරේ මෙය ඔහු හඬ දායකත්වය සැපයූ අවසන් චිත්‍රපටය බවට පත්වෙනවා, ඒ පසුගිය වසරේ නොවැම්බර් 12 වන දින ඔහු මියයාම නිසා. එපමණක් නොවෙයි මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අවසන් වීමට ප්‍රථම ස්ටෑන් ලී හා සමග ස්පයිඩර් මෑන් චරිතය නිර්මාණයට දායක වූ ස්ටීව් ඩිට්කෝද මියගියා පසුගිය වසරේ ජූලි 6 වන දින.

ඒ නිසා ඔවුන් දෙදෙනා නමට මෙම චිත්‍රපටය නම් කර තිබෙනවා. මයිල්ස් මොරාලස්ගේ පියා ජෙෆර්සන්ගේ දුරකථනයේ අංක අතර එස්. ඩිට්කෝ නමින් ඔහුගේ නම සඳහන්ව තිබෙනු ඔබට දකින්නට ලැබේවි ඔහු සිහිවන්නට. සජීවීකරණය ගැන කියනවනම් ප්‍රේක්ෂකයාව තමන් මේ නරඹන්නේ චිත්‍රපටයක්ද නැත්නම් කොමික් පොතක්ද යන්න තීරණය කරගත නොහැකි දෙගිඩියාවක සිර කරන්නට ඩැනී ඩේමියන් ඇතුළු නිර්මාණකරුවන් ඉතාම දක්ෂ ලෙස සමත්වී තිබෙනවා. එහෙමනම් මේ ස්පයිඩර් මෑන් සමාන්තර විශ්වයන් කීපයක ස්පයිඩර් මෑන්ල කීපදෙනෙක් එක තලයකට ගෙන එන්නක් නිසා මම හිතනවා ඒ චරිත හඳුන්වා දීම සුදුසුයි කියල.

මාවල් බහු විශ්වය තුල ඒ එක එකට ආවේනික ස්පයිඩර් මෑන්ල බොහොමයක් ඉන්නව, ඔවුන් සියල්ල එකම විශ්වයකදී හමුවෙනවා මේ චිත්‍රපටය තුල. ඒ නිසයි මෙය ස්පයිඩර් වර්ස් නොහොත් ස්පයිඩර් විශ්වය වෙන්නෙ. මෙවර එහි නවතම සාමාජිකයා වෙන්නෙ මයිල්ස් මොරාලෙස් (ඔබට මතක ඇති ස්පයිඩර් මෑන් හෝම්කමින් චිත්‍රපටයෙන් පොඩි ඉඟියක් දුන්නා මයිල්ස් මොරාලස් ආගමනය ගැන). ඔහු ඇතුළු ස්පයිඩර් මෑන්ල පිරිස මෙන්න මේ විදියයි…
පීටර් පාකර් අංක 1

මේ තමයි අපිට හුරු ස්පයිඩර් මෑන්. මකුළු දෂ්ඨයකින් ස්පයිඩර් මෑන් බවට පත්වෙන, මේරි ජේන් හා ප්‍රේමයෙන් බැඳී සිටින නගරය උපද්‍රවයන්ගෙන් මුදාගන්න ඔහු ඉන්න විශ්වයෙමයි ඒ කියන්නෙ අල්ටිමේට් වර්ස් එකේමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අප්‍රිකානු- ඇමරිකන්-ලතින් සම්භවයක් සහිත මයිල්ස් මොරාලෙස් ඉන්නෙත්. මේ චිත්‍රපටය තුලදී ඔහුගෙන් ස්පයිඩර් මෑන් තනතුර මයිල්ස් මොරාලෙස් අතට යන විදිය කිව්වොත් ස්පොයිල් වීමක් නිසා මම එහෙම නොකර ඉන්නම්.
පීටර් පාකර් අංක 2 -පීටර් බී. පාකර් ( E-616 විශ්වය)

මෙයා තමයි අනිත් ස්පයිඩර් මෑන්, අපි මෙයා ගැනත් දන්නවා, ඔහුගෙ කතාව කලින් පීටර් හා සමානයි ඔහු මේරි ජේන් හා විවාහවීමත් එම විවාහයෙන් දරුවෙක් සිටීමත්, අවසානයේ මේරි ජේන්ගෙන් දික්කසාද වීමත්, ඒ වගේම ඔහුව හදාවඩාගත් ඔහුගේ නැන්දනිය මේ මියයාමත් හැරුණුකොට. ඒ නිසාම මේ පීටර් ටිකක් බලාපොරොත්තු කඩවීමකින් ඉන්න, තමන් තවදුරටත් ස්පයිඩර් මෑන්ව සිටීමෙන් පලක් තිබේද කියල හිතේ දෙගිඩියාවකින් ඉන්න කෙනෙක්, වසර 22ක් ස්පයිඩර් රාජකාරියේ යෙදී සිටි ඔහුගේ මේ වනවිට වයස 40ක්. ඒවගේම නිර්මාණකරුවන් කියන විදියට මේ තමයි ටොබී මැග්වයර් පණ පෙවූ ස්පයිඩර් මෑන්.ඒක එහෙමනම් අපිට ස්පයිඩර් මෑන් 3 චිත්‍රපටයෙන් පසුව ඔහුගේ ජීවිතයේ සිදුවූ දේ දැනගන්න පුළුවන් මේ චිත්‍රපටයෙන්.
ග්වේන් ස්ටේසි නොහොත් ස්පයිඩර් වුමන් (E-65 විශ්වය)

මේ තමයි ස්පයිඩර් විශ්වයේ එකම ස්පයිඩර් වුමන්. ඇය පොලිස් නිලධාරියකුගේ දියණියක්. චිත්‍රපටය පුරාවට පෙර සඳහන් දෙවන පීටර් පාකර්ගෙන් ගුරුහරුකම් ලබන මයිල්ස් මොරාලෙස්ගේ හිතවතිය වෙන්නෙත් මේ ග්වේන් ස්ටේසි.
ස්පයිඩර් මෑන් නොයර් නොහොත් කළු සුදු (E-90214 විශ්වය)

ඔහු 1933 වසරට අයිති කෙනෙක්. එම The great depression සමය නොහොත් ලෝකයේ දරුණුතම ආර්ථක අවපාත සමයේ ,අපරාධවලින් පිරි කාලයක පුද්ගලික රහස් පරීක්ෂකයෙක්ව සිටි ඔහුගේ සැබෑ නමත් පීටර් පාකර්. ඔහු ටිකක් විතර අඳුරු ගුප්ත චරිතයක්.
පෙනී පාකර් නොහොත් SP//DR (E-14512)

ඇගේ නැන්දනිය සහ මාමා SP//DR නම් බලවත් සයිබර්නෙටික ඇඳුමක් නිර්මානය කරමින් සිටින අය ඔස්කෝප් ආයතනයට. ඇයගේ පියා මියයනවා එම ඇඳුම ඇඳීමේදී සිදුවන අත්වැරදීමකින්. පියාගේ ඇවෑමෙන් එම ඇඳුම ගැලපෙන්නේ ඔහුගේ ජාන හිමි පෙනීට පමණයි . එහි මධ්‍යම සැකසුම් ඒකකය හා සම්බන්ධ වන්නට ඇයට සිදුවනවා කැමැත්තෙන්ම විකිරණශීලි මකුළුවෙකුගේ දෂ්ඨයකට ලක්වෙන්න.
ස්පයිඩර්-හැම් නොහොත් පීටර් පෝකර් (E-8311 විශ්වය)

මේ තමයි ස්පයිඩර් විශ්වයේ විකාරරූපීම ස්පයිඩර් මෑන්. මෙයාගෙ කතාවත් ඒ වගේ, මොකද අනිත් අය වගේ මකුළු දෂ්ඨ කිරිමකින් නෙමෙයි ඔහු ස්පයිඩර් මෑන් කෙනෙක් වෙන්නෙ, කලින් මකුළුවෙක්ව සිටි ඔහු ලක්වෙනවා ඌරෙකුගේ (මේ පෝකර්) සපාකෑමකට.ඒ නිසයි නම ස්පයිඩර්-හැම් වෙන්නෙ.
![]()

කතාවේ ප්‍රධාන චරිතය වන මයිල්ස් මොරාලෙස් (E-1610 විශ්වය) නොහොත් දෙවන අල්ටිමේට් ස්පයිඩර් මෑන් ඇරුණම කතාවට ස්පයිඩර් විශ්වයෙන් සම්බන්ධ වන ස්පයිඩර් චරිත තමයි ඉහලින් සඳහන් කලේ. දැන් අපි යමු මේ චිත්‍රපටයේ කතාව පැත්තට… මයිල්ස් මොරාලෙස් යනු ජෙෆර්සන් ඩේවිස් නම් කළු ජාතික පොලිස් නිලධාරියාගේ සහ රියෝ මොරාලෙස් නම් ලතින් ජාතික කාන්තාවගේ එකම පුත්‍රයා. නව යොවුන් වියේ සිටින ඔහු වාසය කරන්නෙ මව පියා සමග බෲක්ලින් ප්‍රදේශයේ. චිත්‍ර ශිල්පයට ඉතා ලැදි, වීදි චිත්‍ර ඇඳීමේ දැඩි ආශාවෙන් පෙලෙන ඔහුට ඒකට ඉඩක්නම් ලැබෙන්නෙ නෑ දැඩි නීතිගරුක පොලිස් නිලධාරියෙක් වන ඔහුගේ පියා ජෙෆර්සන්ගෙන්. කොහොමහරි අද තමයි ඔහු නව පාසලකට ඇතුල් වෙන දවස,ඒ තමයි බෲක්ලින් විෂන් ඇකඩමිය. කොහොමවුණත් පාසල අසලටම යන ඔහුගේ ඒතරම් කැමැත්තක් නෑ අලුත් පාසලට. කොහොමින්හරි මුල් දවස පාසලේ ගත කරන ඔහු තමන්ගේ පියාගේ මළනුවන් එහෙමත් නැත්නම් තමන්ගේ බාප්පා වන ඇරොන් සමග හොරෙන්ම යනවා ගමනක්.. එතනින් තමයි මේ මයිල්ස් මොරාලෙස්ගේ ජීවිතය වෙනත් පැත්තකට හැරෙන්නෙ… එහෙනම් මම ගිහින් එන්නම් , හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම. මතක ඇතුව පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයත් බලන්න.
“කල යුතු නිවැරදි දෙය එය නිසාත්, කල යුත්තේ හෝ සිදුවිය යුත්තේ එය නිසාත්, අනෙකාට පිහිට වන්නා සත්‍ය වශයෙන්ම සැබෑ සුපිරිවීරයෙකි.” -ස්ටෑන් ලී-
උපසිරැසිය මාහට බාරදුන් දමිත්ට ස්තූතිය
උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BLURAY යන පිටපත් ද්විත්වයටම උපසිරැසි අඩංගුවේ. ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න. ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක WEB-DL සඳහා වන අතර ඊට පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ.
විශේෂ :-
- පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනය තුලදී ස්පයිඩර් මෑන් 2099 නොහොත් මිගෙල් ඔ’හාරාවත් බලාගන්න පුළුවන්.

- ස්පයිඩර් මෑන් සීරියල් උදෑසන ආහාර දැන්වීම (වීඩියෝ)
- ස්පයිඩර් පොප්සිකල් අයිස් පලම් (වීඩියෝ)
- මාවල් වුනා කියල DC කොමික්ස්වලට ආදරය කිරීම වරදක් නෙමෙයිනෙ. මයිල්ස්ගෙ කාමරේ බැට්මෑන්ව දැක්ක අය අත උස්සන්න. දැක්කෙ නැති අය මේ ඉමේජ් එක බලන්න
- මයිල්ස් මොරාලස්ගෙ දුරකථනයේ බී. බෙන්ඩිස් සහ සාරා පිචෙලි ලෙස නම් දෙකක් තියනව පෙනෙයි. ඒ මයිල්ස් මොරාලස් චරිතයේ නිර්මාතෘන් දෙදෙනා සිහිවෙන්නයි.

![]()
• මයිල්ස්ට ස්ටෑන් ලී හමුවෙන දර්ශනය හැරුණම මේකෙ නගර දර්ශනවල කීප තැනක ස්ටෑන් ලී චරිතය සිටින බව අන්තර්ජාලයේ සඳහන් වෙනව. මට එක තැනක් හම්බවුණා. බලන්න අනිත් තැන් හම්බවෙයිද කියල.
sub ekata thanks bro…digatama me wage sub denna.e wagema puluwan nam mgicians season 4 eke sub tika karan illeema ganath poddka salakalaa balanna honde….!!!!!
බොහොම ස්තූතියි, සහන්. ටී.වී සීරීස් ඇදගෙන යන එක තමයි, මල්ලි ,ප්‍රශ්නෙ. ෆිල්ම් එකක්නං, කලා, එන විදියට අප්ඩේට් දුන්නා, කතාව ඉවරයි. ඒ වුණාට ටී.වී සීරීස් එකකදි අනිවාර්යයෙන් සතියට කොටසක් දෙකක්වත් දුන්නෙ නැත්තං ඉන්න වෙන්නෙ නෑ. ඔයා විශ්වාස කරයිද දන්නෑ මම මැජීෂන්ස් එක සීසන් 2 වලින් මෙහාට බැලුවෙත් නෑ, ඇත්තම කිව්වොත්.
බොහොම ස්තුතියි සුපිරි වැඩක්
Brother,,සබ් එක alternative cut එකට ගැලපෙන්නනත් එක්ද දීල තියෙන්නෙ ..
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
නියමයි.බොහොම ස්තූතියි සහෝ
cold pirsuit film ekata sub denna puluwanda
තාම කැම් ප්‍රින්ට් නේ, මල්ලි. අපරාදෙ දැම්ම දුන්නොත්. බලමු හොඳ ප්‍රින්ට් එකක් ආවම.
නියමයි මචං.. සබ් එක හොඳටම කරල තියනව. තෑන්ක්ස් බං………..
– උඹ උඹ මාතලී බස් එකේ ස්කෝලේ ගිය කෙනෙක්ද මචං. අපිත් ඒකේ ගියේ මාදම්පෙ කුලියපිටි පාරේ..
බොහොම ස්තූතිය, එරංග. මොකද එහෙම ඇහුවෙ? මම මාතලී වචනෙ 😀 සබ් එකට දාල තිබුණ හින්දද? එතන තිබුනෙ Personal chauffeur කියල, ඒ කියන්නෙ පුද්ගලික රියදුරා කියන එක .අපි සාමාන්‍යයෙන් ඔය පර්සනල් ඩ්‍රයිවර්ලට මාතලී කියනවනෙ විහිළුවට, ඒකයි මම එහෙම දැම්මෙ එතෙන්ට. By the way මම රත්නපුරේ .
ella good work bro
ස්තුතියි සහෝ සබ් එකට..
Green Book එකටත් ඔයගෙන් උපසිරැසියක් ලැබුණේත් හොදයි කියල තියල හිතෙනව .ඔස්කාර් උලෙළේ හොදම ෆිල්ම් එකලු සහෝ. .
Green book ෆිල්ම් එක ඊයෙ ඩවුන්ලෝඩ් කලා, මිතුන්.
බලන්න ඕනෙ අද රෑට. මම සබ් දෙන්න ට්‍රයි එකක් දෙන්නම්.
Green book ලඟදීම 😉
Elaa brother supirima film ekaka
ela ban..tnx
උපසිර ලබාදුන්නට ස්තූති..සහෝ..බුදු සරනයි!