Trending

Srinivasa Mangapuram (2026) Sinhala Subtitle

29 Views
මේ කතාව පටන් ගන්නේ ස්‍රීනු කියන තරුණයා තිරුපති නගරයට එන තැනින්. එයා එහේදී මංගා කියන ගෑනු ළමයව දැකලා එයාට ආදරේ කරන්න පටන් ගන්නවා. මුලදී මංගා ස්‍රීනුගේ ආදරය ප්‍රතික්ෂේප කරනවා. එයාගේ විවාහය වෙන කෙනෙක් එක්ක තීරණය කරලත් තියෙනවා. ඒත් ස්‍රීනු පස්සට යන්නේ නැතුව මංගාගේ හිත දිනාගන්න හැම විදියකින්ම උත්සාහ කරනවා.
මංගාගේ තාත්තා වන පෙඩ්ඩි රෙඩ්ඩි ඒ පළාතේ ඉන්න ගොඩක් බලවත් සහ දරුණු කෙනෙක්. මංගාගේ නැන්දා කෙනෙක් විවාහ ඡායාරූපවලින් ස්‍රීනුව අඳුරගෙන එයාට මංගාගෙන් ඈත් වෙන්න කියලා කියනවා. ඒත් ස්‍රීනු තමන්ගේ තීරණයේම ඉන්නවා. මේ අතරේ වෙනත් කල්ලියකින් පෙඩ්ඩි රෙඩ්ඩිගේ මිනිස්සුන්ව බේරගන්න සිදුවීම්වලින් පස්සේ ස්‍රීනුගේ ඇත්ත අනන්‍යතාව එළියට එන්න පටන් ගන්නවා.
ස්‍රීනු ඇත්තටම වාසු බාබු කියලා හෙළි වෙනවා. එයා ඇයි තිරුපතිවලට ආවේ, එයාගේ නම වෙනස් කරගත්තේ ඇයි, වෙන්කටප්පයියා නායුඩු එක්ක එයාට තියෙන සම්බන්ධය මොකක්ද කියන අතීත රහස් එකින් එක හෙළි වෙනවා. විරෝධතා මැද්දේ වාසුයි මංගායි රහසින් විවාහ වෙලා එකට ඉන්න තීරණය කරනවා.
පස්සේ මේ පවුල් දෙක අතර තියෙන ගැටුම් දරුණු සටන් බවට පත් වෙනවා. ඒ ගැටුම් අතරේ මංගාට බරපතළ තුවාල සිද්ධ වෙලා වාසු ගැනයි විවාහය ගැනයි තියෙන මතකය එයාට නැති වෙනවා. මංගාව ආයෙත් එයාගේ පවුලේ අය ළඟට ගෙනියනවා. වාසු ගොඩක් දුකෙන් තනි වෙනවා.
කතාවේ අවසාන භාගයේදී අතීතයේ ඇත්ත සහ වාසුගේ සැබෑ තත්ත්වය හැමෝටම තේරෙනවා. පවුල් අතර තිබ්බ තරහ මරහ ටිකෙන් ටික විසඳිලා අන්තිමේදී වාසුයි මංගායි ආයෙත් එකතු වෙනවා. එයාලව වෙන් කරපු හැම බාධකයක්ම ජයගෙන එයාලා සතුටින් එකතු වෙනවා.
දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
214 Movies
660 TV Series
874 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?
Home Movies Request Series
Search