මුළින්ම කියන්න ඕන මේ කොටසින් තමයි කථාව පටන්නගන්නේ. කලින් කොටස් ටික හරියට කථාවේ අත්තිවාරම වගෙයි. මම මෙහෙම කියන්නේ ඇයි කියලා ඔයාලාට තේරෙයි මේ කොටස බැලුවට පස්සේ. පළවෙනි කොටස් 5 ගත්තම ඒවගෙනුත් හොදම එපිසෝඩ් එක තමයි මේක. ස්ටෙෆන් වැම්පයර් කෙනෙක් වුණාට එයාට තමන්ව පාලනය කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එයා මිනිස් ලේ බොන්නෙත් නෑ. ඒත් ස්ටෙෆ්න්ගේ සහෝදරයා ඩේමන් නම් තනිකරම ස්ටෙෆන්ගේ අනිත් පැත්ත. කොහොම හරි ස්ටෙෆන්ට පුළුවන් වුණා ඩේමන්ව කොටු කරගන්න. එලේනා කියනේ ස්ටෙෆන්ගේ කළින් මැරුණ පෙම්වතියගේ රූපයට සමාන රූපයක් තියෙන කෙනෙක්. ඒ නිසාම ස්ටෙෆන් එලේනාට ලංවෙනවා. ඒත් ස්ටෙෆන්ගෙ තියෙන ගුප්ත භාවයත් එක්ක ඒ දෙන්නා අතර තියෙන විශ්වාසය පළුදු වෙනවා. තමන් වැම්පයර් කෙනෙක් කියලා කොහොම කියන්නද. ස්ටෙෆන් ප්‍රශ්ණ ගොඩක පැටලෙනවා. ඔයාලා කලින් කොටස් බැළුවනම් දකින්න ඇති බොනීගේ පොඩි පොඩි වෙනස්කම් කීපයක් වෙනවා. එයාට ආධ්‍යාත්මික බලයක් තියෙනවා. ඇත්ත්ටම බොනීට තියෙන්නේ මොන වගේ බලයක්ද කියලත් අද ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. ඒත් හොදම දේ ඒක නෙවෙයි. එලේනා ස්ටෙෆන් ගැන ඇත්ත දැන ගන්නවා අද. එහෙනම් අද කොටස බලන්නකෝ.





Windows 8.1Opera 32
මරු….මරු ….ඔක්කොටම දෙන්න….සබ් එකට තැන්ක්ස්….පුලුවන්න්නම් Season 7 එකත් සමගාමිව දෙන්න…තාම එක එපියිනේ අවේ…
Android 5.1Chrome 43
Season 8 එකට නම් සමගාමීව දෙනවා බ්‍රෝ…
Windows 10Chrome 70
Sub ekata thanks saho
Android 5.1Chrome 70
සබට තෑන්ක්ස් බ්‍රෝ!
Android 5.1Chrome 80
Thanks bro..