Trending

The Man from Earth: Holocene (2017) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මතකද මම මීට ටික කාලෙකට කලින් අරගෙන ආව The Man from Earth (2007) චිත්‍රපටය? ආගම් ගැන වෙනස් කෝණයකින් කතාකල මේ චිත්‍රපටයේ දෙවැන්න The Man from Earth:Holocene නමින් නිකුත් වුණා පසුගිය වසරේදි. ඉතින් මට හිතුණ ඒකටත් උපසිරැසි කලානම් හොඳයි කියල.   මුලින්ම කියන්න ඕනෙ මේකත් ඒක වගේමයි මතභේදාත්මක වියහැකි කරුණු රැසක් ඇතුලත්. ඒ නිසා මේක පරිවර්තනයක්ම පමණක් බව මතකයේ තියාගෙන බලන්න. ඒ වගේම මේක නරඹන්න කලින් අනිවාර්යයෙන්ම මුල් චිත්‍රපටය බලල ඉන්නම වෙනවා.
  චිත්‍රපටයේ විස්තර දිහාට යන්න කලින් කියන්න ඕනෙ මේකටොරන්ට් හරහා චිත්‍රපට බාගත කරන අයට විශේෂ චිත්‍රපටයක්. ඒකට හේතුව අනිකුත් චිත්‍රපට නිෂ්පාදකයින්, ආයතන එහෙම ටොරන්ට් අඩවිවල, ජාත්‍යන්තර උපසිරැසි අඩවිවල මලගම සටහන් කරන්න දැඩි උත්සාහයක් දරද්දි, මේ චිත්‍රපටයේ නිර්මාණකරුවන් බොහොම පෙරළිකාරී තීරණයක් ගත්ත එක, ඒ තමයි ඔවුන් විසින්ම මෙය ටොරන්ට් අඩවි වෙත නිකුත් කිරීම . .එයට හේතුව විදියට අධ්‍යක්ෂක රිචඩ් ෂෙන්ක්මන් දක්වල තියෙන්නෙ ඉතාම සුළු පිරිවැයකින් නිර්මාණය කල තම පළමු චිත්‍රපටය ලබාගත් විශාල ප්‍රසාදයට (Imdb ආදී ප්‍රසිද්ධ සිනමා දර්ශකවල අගයන්වලදීත් ) වැඩි වශයෙන් දායක වුණේ චිත්‍රපට නීතිවිරෝධී අයුරින් නරඹන්නේයැයි හංවඩු ගැසෙන අපි සියලු දෙනා නිහඬව දායක වන ෆයිල් ෂෙයාරින් කමියුනිටි එක බව. ඒ විතරක් නෙමෙයි ඔවුන් ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ ස්තූති කර පවා තිබෙනවා. එයින් නොනැවතුණු ඔවුන් දශකයකට පස්සෙත් ෆයිල් ෂෙයාරින් කමියුනිටි එක අමතක නොකර පයිරේට් බේ අඩවිය ඇතුළුටොරන්ට් අඩවි වෙත මේ චිත්‍රපටයේ විවිධ ප්‍රමාණවල බ්ලූරේ පිටපත් කීපයක් සෘජුවම ලබාදී තිබෙනවා. එසේ නරඹා චිත්‍රපටය ගැන සතුටු අයට ඒ වෙනුවෙන් තමන්ට හැකි පමණින් මූල්‍යමය දායකත්වයක් දැක්වීමට ක්‍රමයක්ද ඔහු විසින් සකස් කර තිබෙනවා. ඒ ගැන විස්තරයක් චිත්‍රපටය ආරම්භයේදී සහ අවසානයේදී දැකිය හැකියි. චිත්‍රපටයක් නිතිවිරෝධී ආකාරයෙන් නරඹන ඔබ අප පවා චිත්‍රපටයක ජනප්‍රියත්වය කියන සාධකයෙදි වැදගත් කොටස්කරුවන් බව ප්‍රසිද්ධියේ පිළිගත් The Man of Earth කණ්ඩායමට අපේ හදපිරි ස්තූතිය….

හරි ඔන්න දැන් ඔබ පළමු චිත්‍රපටය නරඹපු නැති කෙනෙක්නම් මේ ලිපිය මින් ඉදිරියට කියවීම ඔබේ රසවින්දනයට බාධාවක් වියහැකි නිසා ගිහින් මෙහි පළමු චිත්‍රපටය වන
The Man from Earth (2007)නරඹල එන්න .

මතකනේ 2007 අවුරුද්දෙදි තමන්ගේ විශ්වවිද්‍යාල ආචාර්ය මිත්‍රයො වටකරගෙන
කතන්දරයක් කියන්න ගිය ජෝන් ඕල්ඩ්මන්ට වුණ ඇබැද්දිය. අන්තිමේ වුණේ තමන් වසර ගාණක් ආශ්‍රය කරපු මිතුරන්ට ඔහු ගැන වැරදි වැටහීමක් ඇතිවුණ එක සහ සමහරු  අමනාප වුණ එක විතරයි. මතකයිනෙ ජෝන් ඕල්ඩ්මන් වසර 10කට විතර සැරයක් තමන්ගෙ පදිංචිය ආදී සේරම වෙනස් කරනවනෙ, ඒකට හේතුවත් ඒ චිත්‍රපටය අවසානයේ  ඕගොල්ලන්ට දැනගන්න ලැබුණනෙ.ඔන්න ඊට වසර 10කට පසුව අදවෙනකොට ජෝන් ඕල්ඩ්මන් ඉන්නෙ තවත් ප්‍රදේශයක ඇති විද්‍යාලයක ,ලෝකයේ විවිධවූ ආගම් සම්බන්ධව උගන්වමින්. ඔහුගේ ඉගැන්වීම් කලාව සහ ඔහු සතු අතිවිශාල දැනුම් සම්භාරය නිසා පාසල තුල ඔහු අතිශයින් ජනප්‍රියයි. හැබැයි මේ ඉන්න අතරෙදි පාසලේ සිසුන් පිරිසකට ජෝන්ගේ යම් අමුත්තක් දැනෙනවා, දැනිල නිකං ඉන්නෙ නෑ ඔවුන් මේ ගැන හොයන්න පටන්ගන්නවා… ඊට එහාට මම කියන්න යන්නෙ නෑ, ඉදිරිය ඔයගොල්ලන්ට බාරයි…

කොහොම නමුත් මුල් චිත්‍රපටය තරම් විශාල ප්‍රසාදයක් දිනාගන්නනම් මේ චිත්‍රපටය සමත් වෙලා නෑ, දැනට Imdb අගය සටහන් වෙන්නෙ 5.3ක් විදියට.. නමුත් Rotten Tomatos වලින් නම් 60%ක අගයක් ලබාගන්න චිත්‍රපටය සමත් වෙලා තියනවා. ඒ කරුණු එහෙම වුණත් අපිට හිතන්න දෙයක් ඉතුරු කරන චිත්‍රපටයක් බවත් කියන්නම  ඕනෙ.


විශේෂ :-
* මේකෙ පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයක් තියනවා. ඒ නිසා අවසන් වෙනකම්ම බලන්න.

* 666-
මේක බයිබලයේ සඳහන් ලෝකාවසානයේදි පැමිණෙන හිස් හතක් ඇති මෘගයාට දී තිබෙන
අංකය.  පහල තියන ලින්ක් එකෙන් බලන්න හොඳ පැහැදිලි කිරීමක් තියනවා.

https://www.jw.org/si/බයිබල්-ඉගැන්වීම්/ප්‍රශ්න/666-සංඛ්‍යාවෙන්-අදහස්-කරන්නේ-මොකක්ද/

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 726.46 MB x264
▲20 · ▼8
Magnet GET
1080p bluray 1.51 GB x264
▲49 · ▼10
Magnet GET
Discussion (20)
  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Chrome 62

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට..?ඔබට ජය..??

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52

      බොහොම ස්තූතියි, සුමින්ද.. ඔයාගෙ ලිස්ට් එකත් අමතක කරල නෑ, හොඳේ..

  • Kalpajith Unregistered
    Android 6 Chrome 64

    Mm th dakka. Dala tynwa sub dla tibbe nathi nisa gtte nha. Ela ela .. 1 weni eka supiriyta tibba ..mekath ehena athi kiyla hithamu.. jayen jaya

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34

    wow ම‍ෙක‍ෙ ද‍ෙව‍ෙනි එකකුත් ආවද?ලිපිය‍ෙ තියන විස්තරය දැක්කමම කියන්න පුලුවන්න‍ෙ ව‍ෙනස් විදිහට හිතන මිනිස්සුන්ග‍ෙහැටි.එක පාරම ට‍ොරන්ට් එවපු එකනම් මරැ වැඩ‍ෙ.??ග‍ොඩාක් ස්තුති සහ‍ො ම‍ෙවග‍ෙ අන්තිමට හිතන්න පුලුවන් ද‍ෙයක් තියන film ග‍ෙනවට amigo

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52

      මේක ටොරන්ට්වලට ඇවිත් දැන් මාස දෙකක් විතර. ඔව්නෙ තමන්ගෙ මහන්සිය එකපාරම ටොරන්ට්වලට දානව කියන්නෙ පුදුම මිනිස්සු? . ඒකත් ෆිල්ම් එකේ DVD ,Bluray මාකට් එකේ තියෙද්දිම.කොහොමහරි අධ්‍යක්ෂක කියන කතාව ඇත්ත. Imdbවලදි එහෙම වැඩියෙන්ම ෆිල්ම් රේටින් වෙන්නෙ, රිවීව් ලියවෙන්නෙ ෆයිල් ෂෙයාරින් කට්ටිය අතින් වෙන්න ඕනෙ. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, මිත්‍රයා 🙂

  • sampath Unregistered
    Windows 8.1 Chrome 64

    thax machan godakme wage dekata sub denawa kiyanna uba sirama porak

  • Prabodha Unregistered
    Android 4.4 Firefox 52

    Godak sthuthi sahooo sub ekata…

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57

    “Along.With.the.Gods.The.Two.Worlds.2017.720p.HDRip.1GB.MkvCage”me film ekata sub danna puluwanda saho….

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52

      අ…බලමු. මම දෙන්න බලන්නම්,Kantha.

  • හසිත ප්‍රසාද් Junior Admin
    Windows XP Firefox 52

    ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තූතියි ❤

  • Jayasanka Unregistered
    Android 7 UC Browser 12.2

    කියල වැඩක් නෑ friend දැන් මාස දෙකක ඉදල මෙකෙ sub දානකමිම් බලන් හිටිිියෙ. Subtitles දාන හැම web එකකම බැලුවා. මම සාමාන්‍යයෙන් comment දානවා අඩුයි. ඒත් මේකටනම් comment එකක් නොදා යන්න බැරි උනා. Thanks bro…….

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52

      ❤ Thanks!

  • ඩිල්ෂාන් Unregistered
    Windows 8.1 Chrome 64

    මම තාම මේකේ පලවෙනි එකේ සීන් එක ගැන හිතනවා. සුපිරි ෆිල්ම් එකක්. ස්තූතියි සබ් එකට බ්‍රෝ

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • Kalpajith Unregistered
    Android 6 Chrome 64

    Tnx mchn..

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search