12 Monkeys (2015) [S01 : E01] Sinhala Subtitle

April 28, 2021 Junior Admin
Subtitle by Hasitha Prasad
ස්ප්ලින්ටර් වීම

“12 monkeys” කිව්වොත්, ඔබට නිතැතින්ම මතකයට එන්නේ කුමක්ද? ඒ 1995 වසරේදී තිරගතවූ බෲස් විලීස් හා බ්‍රැඩ් පිට් රංගනයෙන් දායකවූ 12 Monkeys චිත්‍රපටය. එයම පසුකලෙක, නිවැරදිවම කියන්නේනම්, 2015 වසරේ සිට 2018 වසර දක්වා සම්පූර්ණ කතාසමයන් 4කින් සමන්විත කතාමාලාවක් බවට පත්ව අප හමුවට එනවා විද්‍යා ප්‍රබන්ධයන්ටම ප්‍රසිද්ධියක් උසුලන Sy-fy නාලිකාව හරහා. මෙහි වැදගත්ම දෙය වන්නේ, මෙම සංකීර්ණ කතාව සරලවද, ප්‍රේක්ෂකයා අතරමං නොකරමින්ද, අනවශ්‍ය ලෙස විශාල කතාමාලා ප්‍රමාණයකට ඇදගෙන ගොස් ඔවුන් වෙහෙස නොකරමින්ද ඉතාම සාර්ථකව අවසන් වීමයි 2018 වසරේදී. මෙය නිකුත්වූ 2015 වසරට වඩා මෙහි කතාව යම් යම් අතින් වර්තමාන ලෝක තත්වයටද ගැලපෙනවා මෙහි විද්‍යා ප්‍රබන්ධමය කොටස් පසෙකින් තබා බැලූ කල. කෙසේ හෝ කතාමාලාවලට උපසිරැසි කිරීම මාගේ ඒතරම් සිත් ගත්තක් නොවූවත්, (මාත් ඇතුළුව) අප පවුලේ සාමාජිකයන් කීපදෙනෙක්ම මෙම කතාමාලාවෙ දැඩි රසිකයන් වීම නිසා මට සිදුවුණා මෙයට උපසිරැසි කරන්නට, ඒ මීට කලකට පෙර. අන්තර්ජාලයේ මෙහි සිංහල උපසිරැසි ඇති බව දකින්නට ලැබීම හේතුවෙන් මෙය අප සබ්ස් එල් කේ අඩවියේ පලකරන්නට උනන්දුවක් මට තිබුණේ නෑ. එහෙත් දැන් මෙහි වීඩියෝ පිටපත් සියල්ල මාගෙ පරිගණකයෙන් ඉවත්කර දැමීමට වුවමනා නිසා මම කල්පනා කලා ඊට පෙර කතාසමයන් හතරේම සම්පූර්ණ උපසිරැසි සියල්ලම අඩවියේ පළ කරන්නට, අඩුපාඩු බලා අවසන් කිරීමෙන් පසුව. එවිට මෙය නරඹා නැති අප හිතවතුන්ටද අවශ්‍යනම් මේ අපූර්ව නිර්මාණය නැරඹීමේ අවස්ථාව උදාවන නිසා. එහෙනම් නරඹන්න 12 Monkeys (2015-2018) කතාමාලාවේ සබ්ස් එල් කේ උපසිරැසි සංස්කරණය. මුලින්ම කියන්නට අවශ්‍යයි මුළු කතාසමයන් හතරේම උපසිරැසි ලබාදෙන්නට බලාපොරොත්තු වන්නේ නවතම Blu-ray පිටපත් සඳහා වන අතර මෙම උපසිරැසි HDTV පිටපත්වලට නොගැලපෙන බව කරුණාවෙන් සලකන්න. ලබාදී ඇති වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක්වල ඇති පිටපත්වලට උපසිරැසි සියයට සියයක්ම ගැලපෙන බවටත් සහතික විය හැකියි.

12 Monkeys චිත්‍රපටය සහ මෙම කතාමාලාව සැබැවින්ම මිනිත්තු 28ක ධාවන කාලයකින් යුත් 1962 වසරේදී නිකුත්වූ විද්‍යා ප්‍රබන්ධ/ප්‍රේමාන්විත යන දෙවර්ගයට අයත් La Jetée නම් ප්‍රංශ කෙටි චිත්‍රපටයක කතාව ඇසුරින් සැකසූ එකක්. එහි තිබෙන්නේ උපකල්පිත තෙවන ලෝක යුද්ධයකට පෙර අතීතය, වර්තමානය හා අනාගතය ගැන පසු විපරමක් හා ලෝකයේ ඉරණමට විසඳුමක් සොයා කාලය හරහා සැරිසරන වහලෙකුගේ කතාවක්.


 12 Monekys (දොළොස් වඳුරු හමුදාව)

IMDb වෙතින් 7.7ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 88%ක අගයක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 87%ක්ද ලබා ඇති මෙම නිර්මාණය ට්‍රැවිස් ෆිකට් සහ ටෙරී මතාලස් යන දෙදෙනාගේ නිර්මාණයක්. රංගනයෙන් දායක වන්නේ ඇරොන් ස්ටැන්ෆඩ් (ජේම්ස් කෝල්), ඇමන්ඩා ෂුල් (වෛද්‍ය කැසන්ඩ්‍රා රේලි), කැතරිනා ජෝන්ස් (බාබරා සුකෝවා),එමිලි හැම්ප්ෂයර් (ජෙනිෆර් ගොයින්ස්),ටොඩ් ස්ටැෂ්වික් (ඩීකන්),කර්ක් අසුවේදු (හොසේ රැම්සි),ඇන්ඩෲ ගිලියස් (ආචාර්ය ජුලියන් ඇඩ්ලර්),ඇලිසන් ඩවුන් (ඔලීවියා),ඩෙමෝ බාන්ස් (විට්ලි),මරේ ෆරෝ (ආචාර්ය ලැස්කි), බෲක් විලියම්ස් (හැනා ජෝන්ස්),නෝඅ බීන් ඇරොන් මාකර්), ජේම්ස් කැලිස් (ඒතන්) ඇතුළු පිරිසක්. (මේ අතරින් හොඳම රංගනය මම දකින විදියට කැනඩා ජාතික නිළි එමිලි හැම්ප්ෂයර්ගේ)

කතාවට ආරම්භයක් අරගෙන දෙන්නම් මම මේ විදියට.

වර්ෂ 2043, ලෝකය තිබෙන්නේ වෛරසයක් හේතුවෙන් විනාශව ගොසින්, කැතරිනා ජෝන්ස් නම් ජර්මානු ජාතික විද්‍යාඥවරිකගේ නායකත්වයෙන් ක්‍රියාත්මක “ප්‍රොජෙක්ට් ස්ප්ලින්ටර්” නම් විද්‍යාඥ එකතුවක් විසින් ජේම්ස් කෝල් නම් ස්කැවෙන්ජරයෙක් ( අන් සතු දේ කොල්ලකමින් ජීවත්වන්නෙක්) ව බඳවාගන්නවා 2015 වසර දක්වා කාලයෙන් අතීතයට ගොස් එම කාලයේදී කෙරෙන මාරාන්තික වෛරස නිදහස් කිරීමක් වළක්වාලන්නට, ඒ එම කාලයේ වෙසෙන වෛද්‍යවරියකගේ උදව් ඇතිව. 2043 වසර වනවිට ලෝක ජනගහණයෙන් බිලියන ගණනක් මරු තුරුලට යවා තිබෙන මෙම වෛරසය කීපවරක්ම Mutate හෙවක් විකෘත වීම්වලටද ලක්ව තිබෙනවා. මෙම වෛරසය ලෝකයට මුදාහැරීම වළකාලන්නට ජේම්ස් කෝල් හා මෙම වෛද්‍යවරිය ඇතුළු පිරිස කාලයෙන් ඉදිරියට පසුපසට යමින් ගන්නා වෑයමයි කතාමාලාව තුල දකින්නට ලැබෙන්නේ. එහෙනම් මේ විදියට මෙහි මුල් කොටස වන Splinter තමයි මේ ඔබ වෙත රැගෙන එන්නෙ. මෙය 8.1ක අගයක් ලබා තිබෙනවා IMDb වෙතින්. මෙහි කොටස් සියල්ලම උපසිරැසි කර අවසන්ව තිබෙන නිසා ඉක්මනින්ම අඩවියේ පල කරන්නට බලාපොරොත්තු වෙනවා. ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වලින් අවශ්‍ය කොටස පමණක් හෝ සියල්ලම එකවර හෝ ලබාගත හැකියි. නරඹන අය ඩවුන්ලෝඩ් කර තබාගන්න. දිනකට කොටස් දෙකක් හෝ තුනක් වශයෙන් අඩවියේ පලකරන්නට සිතාගෙන සිටිනවා මම.

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
DIR
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (4)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සහෝ බලන්න ඕන ෆිල්ම් එක බැලුවට සීරීස් එක බලල තිබ්බෙ නෑ

  • Pubudu hrshana Unregistered
    Windows 10 Chrome 90

    mega eke decrypt key ekak illanawaneh

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      වෙන්න බෑනෙ, මට මේ දැනුත් ඩවුන්ලෝඩ් වෙනව. වෙන බ්‍රවුසර් එකකින් බලන්න.

  • Chandika Unregistered
    Android 10 Chrome 114

    Thank you for subtitle

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search