මේ කතා මාලාවත් එක්ක එකතු වෙලා ඉන්න අය දන්නවා මේක කොයි වගේ කතා මාලාවක්ද කියලා. මේක කතාංග එකිනෙක සම්බන්ධ නැති නිසා ඔයාලට මේ කතාව මෙතන ඉඳන් බලන්න පටන් ගන්න පුලුවන්. ඒත් මන් නම් කියන්නේ මුල ඉඳන්ම බලන්න කියලා. බැලුවට පාඩුවක් වෙන එකක් නම් නෑ. මේ කතාවේ මූලික සංකල්පය තමා තාක්ෂණය නිසා නිසා මානවයා කෙරෙහි ඇතිවන අහිතරක / අඳුරු බලපෑම හොවා දැක්වීම. තාක්ෂණය කිව්වාම අපි දකින මේ තාක්ෂණය නෙමේ. අවුරුදු ගාණක් ඉස්සරහට වර්තමානයේ දකින්න පුලුවන් තාක්ෂණයක්. ඒවගේම අඳුරු පැතිකඩක් පෙන්නන නිසා ඔයාලට වීරාත්මක අවසානයක් දකින්නේ ලැබෙන්නේ නෑ. වැදගත් සමාජ පණිවිඩ එක්ක දුක්ඛාන්තයක් තමා දකින්න වෙන්නේ.
ඉතින් මේ කතාව නොරඹන අය වෙනුවෙන් මේ කියන්නේ. ඡන්දදායකයින් 395,883කින් IMDB අගය 8.8ක් ගැනීමට මේ කතාමාලාව සමත්. එමී සම්මාන 6ක් ඇතුළුව තවත් සම්මාන 24ක් ලබා ගන්න මේ කතාවට පුලුවන් උනා. Drama, Scifi, Thriller කියන කාණ්ඩවලට අයිති.
අහසින් කඩන් පාත් වීම.
එහෙනම් අද කතාංගය දිහාවට හැරෙමුකෝ. සමාජයේ හොඳ මෙන්ම නරක මිනිස්සුත් ඉන්නවා කියලා දන්නවා. ඒත් කෙනෙක් හොඳයි කියලා අපි කියන්නේ කොහොමද? එහෙම කියන්න සාධකය මොකද්ද? මොකද්ද මනින මිම්ම? ඒවගේම ඔයාලා දන්නවා පික්මී ඌබර් වගේ නැත්නම් දුරකථන ජාලා, පීසා කේඑෆ්සී වගේ ඔන්ලයින් කෑම ගේන අයගේ සේවාවේ ගුණාත්මකභාවය තහවුරු කරන්න අපිට පුලුවන් එයාලව රේට් කරන්න. අර තරු ලකුණු දෙන්නේ. අන්න ඒ වගේ. එතකොට එයා හොඳයිනම් අපි එයාව ඉහළින් රේට් කරනවා. ඒ වගේ හැම කෙනෙක්ටම රේට් කරන්න වුනොත් කොහොමද? ඔයාලගේ අල්ලපු ගෙදර කෙනා උදව්වක් කරොත් ඔයා හොඳට රේට් කරනවා. එයා ඔයා එක්ක කොක්කක් දාගත්තොත් ඔයා අඩුවෙන් රේට් කරනවා. නිකමට හිතලා බලන්න ඒ තත්වේ කොහොමට තියෙයිද කියලා. එතකොට සමාජයට අඩු රේඑටින්ග් තියෙන අය නරක මිනිස්සු. හොඳ රේටින්ග් තියෙන අය හොඳ මිනිස්සු. හැබැයි ඒක එහෙම්මමද කියලා මේ කතාංගය බලද්දී තේරෙයි.
ඉතින් එහෙම වතාවරණයක් තියෙද්දී ලේසී පවුන්ඩ්ට පරන ස්කෝලේ කාලේ යාළුවෙක් ආරාධනා කරනවා එයාගේ වෙඩිමට දෙවන මනමාලිය විදියට ඇවිල්ලා කතාවක් කරන්න කියලා. ලේසී මේකට කැමති වෙනවා මොකද වෙඩිමට ඉහළ පැලැන්තියේ නැත්නම් ඉහළ රේටින්ග් තියෙන අය නිසා. වෙඩිමට ගිහිල්ලා ඇඩෙන්න කතාවක් දීලා ලේසී හදන්නේ රේටින්ග් ටිකක් වැඩි කරගන්න. ඒ මොකටවත් නෙමේ ලේසීගේ රේටින්ග් අගය 4.2යි ඒ වෙනකොට. එයාට ගෙයක් ගන්න ඕන වෙනවා. 4.5ක රේටින්ග් අගයක් ඕනා ඒකටත්. ඉතින් සැලසුම් කරගෙන වෙඩිමට යන්න හැදුවත් අන්තිමට ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.
ජුරාසික් පාක් වල ප්‍රධාන නිළිය Bryce Dallas Howard ලේසී පවුන්ඩ් විදියටත්, ඒ වගේම Alice Eve, Cherry Jones, Alan Ritchson (Titans එකේ හෑන්ක්) රංගනයෙන් දායක වෙනවා.
තාමත් සැක සහිතයි වගේ නම් ට්‍රේලර් එකකුත් බලලම බලන්න තීරණය කරන්න. බලලා ඉවර වෙලා යන ගමන් කොමෙන්ටුවකුත් දාගෙන යන්න අමත කරන්න එපා හොඳේ. අපි ගියා එහෙනම්..
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් දෙන්න 👊👊👊..
ජය වේවා.!
බොහොම ස්තූතියි
ගේන්නම් ඉතුරු කොටස් වලටත්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි
මේක දෙනකන් සෑහෙන්න දවසක් බලන් හිටිය. ගොඩක් ස්තුතියි. අනිත් ටිකත් ඉක්මනට ඕන
හරි සහෝ
බොහොම ස්තූතියි
ගේන්නම් ඉතුරු ටිකත්
බොහොම ස්තුති සහො උපසිරැසියට..
බොහොම ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
බොහොම ස්තූතියි
සබ් එකට තෑන්ස්, මචං s2 එකේ එපි හතරක් තියනවා නේද..?? 🤔
ස්තූතියි සහෝ සබ් එකට
කට්ටිය තවත් series එක බලනවා ඔයාට පිං සිද්ධ වෙන්න❤