12 Monkeys (2015) [S01 : E02] Sinhala Subtitle

April 28, 2021 Junior Admin
Subtitle by Hasitha Prasad
මනසින් අපසාරික

දොළොස් වඳුරු හමුදාව පලමු කතාසමයේ දෙවන කොටසයි මේ රැගෙන එන්නේ. Mentally Divergent (මනසින් අපසාරී) නමින් නම්වන මෙම කොටසට IMDb වෙතින් 8.0ක අගයක් ලැබී තිබෙනවා.

පසුගිය කොටස කෙටියෙන්…

වෛද්‍ය කැසී රේලි දේශනයකදී පැහැදිලි කරනවා ලෝකයට තවත් වසංගත තත්වයක් (epidemic) උදාවන බවත් එය බොහෝවිට ගෝලීය වසංගතයක් (pandemic)විය හැකි බවටත්. තම මෝටර් රථය වෙත යමින්, ඇය තම පෙම්වතා වන ඇරොන් හා දුරකථනයෙන් කතාබහ කරනවා, ඔහු වෘතියෙන් රොයිස් නම් සෙනෙට් සභිකයෙකුගේ සහායකයෙක්. රථය තුලට ගොඩවන කැසී වෙතට රථය තුල සිටින ජේම්ස් කෝල් නම් නාඳුනන පුද්ගලයෙක් කඩාපනිනවා. ඔහු සිටින්නේ දැඩි කෝපයකින් තමන්ව වුවමනාවට වඩා දුරක් කාලයෙන් අතීතයට එවා තිබීම නිසා. මේ කතාව නිසා ඔහු උන්මත්තකයෙක්යැයි කැසී සිතුවත් මේ මිනිසා කාල පරස්පරතාවක් (Time Paradox) ඇති කර ඔප්පු කර පෙන්වනවා තමන්ගේ කතාවෙ ගත යුත්තක් ඇති බවට.

කැසීව සොයා පොලිසිය එම ස්ථානයට පැමිණෙන පොලිසිය කෝල්ට වෙඩි තබන අතර, එයින් ඔහු තුවාල ලබනවා. පිලඩෙල්ෆියාහි ජෝන් ඇඩම්ස් හෝටලයේදී තවත් වසර දෙකකින් තමන්ව හමුවන ලෙසට කැසීට පවසා, කැසීගේ ඇස් ඉදිරිපිටම කෝල් අතුරුදන්ව යනවා.

වසර දෙකකට පසු, කැසී සතියක් පමණ ජෝන් ඇඩම්ස් හෝටලයේ නවාතැන් ගෙන සිටිනවා කෝල් කිවූ පරිදිම පැමිණේදැයි බලමින්, වසර දෙකකට පෙර එල්ල වූ වෙඩි පහරේ තුවාලයද සමගින් ඔහු පොරොන්දු වූ ලෙසම හෝටලයට පැමිණෙනවා. කැසී ඔහුට ප්‍රතිකාර කරන අතර ඔහු නැවත අවදිවන්නේ දින තුනකින්. සිහි එලඹි කෝල්ගෙන් සත්‍යය ඉල්ලා සිටින කැසීට ඔහු සත්‍යය පවසනවා අනාගතයේදී වසංගතයකින් බිලියන හතක ජනතාවක් මෙලොවින් තුරන්වන බවත්, වෛරසය ලොවට නිකුත් වීම වළකන්නට තමන්ව කාලයෙන් අතීතයට එවිය හැකි උපකරණයක් එයින් දිවි ගලවාගත් අය සතුව ඇති බවත්. මෙම කාර්යයට නායකත්වය දෙන්නේ ජෝන්ස් නම් ජර්මානු ජාතික විද්‍යාඥවරියක්.

මෙහිදී අපට දැනගන්නට ලැබෙනවා 2015 වසරේදී කැසී විසින් අනාගතයට පණිවිඩයක් එවා ඇති බවත්, එහි ජේම්ස් කෝල්ගේ නම සඳහන් කර ඇති බවත්, ඔහු මේ මෙහෙයුමට පැමිණෙන්නේ ඒ නිසා බවත්. තවද එම පණිවිඩයේදී ඇය වෛරසයේ ආරම්භකයා ලීලන්ඩ් ෆ්‍රොස්ට් නැමැත්තෙක් බවටත් පවසා තිබෙනවා. මෙම වසරදෙකක කාලය තුල කැසී විසින් ලීලන්ඩ් ෆ්‍රොස්ට්ව සොයමින් සිට ඇති අතර, ඇය එයට ජෙරමි නම් හිටපු NSA (ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය) නිලධාරියකුගේ සහය ලබාගන්නවා.

මේ සෙවීමේදී ලීලන්ඩ් ෆ්‍රොස්ට් නැමැත්තෙක් ඔවුන්ට හමුව නැති අතර පසුව දැනගන්නට ලැබෙන්නේ ඔහුගේ සැබෑ නාමය ලීලන්ඩ් ගොයින්ස් බවයි, ඔහු මාක්රිජ් නැමැති දැවැන්ත සමූහ ව්‍යාපාරයක විධායක නිලධාරියෙක්, ෆ්‍රොස්ට් යනු ආයතනය තුල ඔහුව හඳුන්වන කේත නාමයක්.

වොෂින්ටන් DC අගනුවර ගොයින්ස්ගේ නිවසේ පැවැත්වෙන විශාල සාදයකට කූට ලෙස ඇතුල්වන්නට කැසී සහ ජේම්ස් කෝල් සමත්වෙනවා, ඒ මේ වනවිට කැසීගෙන් වෙන්ව සිටින පැරණි පෙම්වතා ඇරොන්ගේ උදව්වෙන්. කෝල්ගේ අරමුණ වන්නේ ගොයින්ස්ව මරාදැමීම වන නමුත් කැසී උත්සාහ කරනවා ඔහුගේ සිත වෙනස්කරන්නට. එහෙත් ඔහු එම කීම නාසා ගොයින්ස්ව මරාදමන්නට තැත් කලත් තැත වැරදී යාමෙන් ඔහු හා කැසී දෙදෙනා අත්අඩංගුවට පත්ව මාක්රිජ් සමූහයේ කාර්යාල වෙත රැගෙන යනවා.

අත්අඩංගුවට පත් කෝල්ව පරීක්ෂා කිරීමේදී මාක්රිජ් සමාගමේ විද්‍යාඥයන් සොයාගන්නවා ඔහු ජීව තාක්ෂණ අංශයේ ප්‍රමුඛයෙක් වන මාක්රිජ් සමාගම සතු දැනුමටත් වඩා වසර 20ක් පමණ ඉදිරියෙන් සිටින අධාගත නොහැකි තරමට දියුණු අයෙක් බව. පසුව කෝල්ව නිදහස් කෙරෙන අතර ඔහු කැසීට පවසනවා තමන් ස්ප්ලින්ටර් වීමට ආසන්න බව, එවිට කැසී විසඳුමක් ලෙස පවසන්නේ පැය පහක් පමණ අතීතයට ගොස් දෙදෙනාම මේ ප්‍රශ්ණයෙන් මුදාගන්නා ලෙස, එහෙත් යම් හේතු නිසා එය නොකෙරෙන අතර ලීලන්ඩ් ගොයින්ස් එම ස්ථානයට පැමිණෙනවා. ඔහු ඔවුන්ට පවසනවා 1987 වසරේදී, එනම් අතීතයේදී, තමන්ට කෝල්ව මුණගැසී ඇති බවත්, එය තවමත් සිදුව නැති බවත්.

කෝල්ව විච්ඡේදනය කර අත්හදාබැලීම් කරන බවට ගොයින්ස් තර්ජණය කරන විට, කෝල් කාල පරස්පරතාවක් ඇති කරනවා කැසීගේ අත් ඔරලෝසුව හා ඔහු 2043 වසරේදී සොයාගන්නා කැසීගේ අත්ඔරලෝසුව එකට යාවෙන සේ තැබීමෙන් ( ඔබට මතක ඇති ඔහු මුල් කොටසේදී 2015 ඔරලෝසු මුහුණත පිහියකින් සූරනවා, එම සීරීම් ලකුණ 2043 ඔරලෝසුවේත් දකින්නට ලැබෙනවා අපිට).එයින් කාලයේ ගලායාම මන්දගාමී වනවා කැසීව බේරාගෙන එතනින් පිටවන්නට ප්‍රමාණවත් කාලයක් කෝල්ට ලබාදෙමින්. එයින් පසු කෝල් විසින් ගොයින්ස්ව වෙඩි තබා මරාදමනවා. එයින් කාල ගලනයේ සිදුවන වෙනස නිසා කෝල් ලොවෙන් මැකීයායුතු වුවත්, එසේ සිදුවන්නේ නෑ.

තමන්ට නැවත ඇයව දැකීමට ලැබේදැයි නොදන්නා බව කැසීට පවසන කෝල්, අතුරුදන් (ස්ප්ලින්ටර්) වී අනාගතයට යනවා. ජෝන්ස් උදහස් වනවා ගොයින්ස් මරාදැමීමෙන් වෛරසය නිදහස් වීම නැවතී නැති බව දැනගැනීමෙන්, එහෙත් ඔවුන්ට නව තොරතුරක් ලැබෙනවා වෛරසයේ මූලාරම්භය පිලිබඳ තොරතුරු සටහන් කරගෙන සිටින බිත්තියේ රූප අතර තිබී දොළොස් වඳුරු හමුදාවේ ලාංජනය හමුවීමෙන්.

මේ අතරවාරයේ, අතීතයේදී, ගොයින්ස්ගේ සේවකයෙක් J.D පීපල්ස් මානසික ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගොස් ජෙනිෆර් ගොයින්ස්ට පවසනවා ඇගේ පියා මියගිය බව. ජෙනිෆර් දැඩිව සිහිවිකල්වූ තැනැත්තියක්. පියාගේ හදිසි ඈවෑමෙන් ඇයට හිමිවනවා විශාල ධනයක් සහ මාක්රිජ් සමාගම. ඇය යමක් අඳිනවා මානසික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ බිත්තියේ, ඒ වඳුරෙකුගේ මුහුණක දැවැන්ත රූපයක්. දෙවන කොටස එතැන් සිට… හමුවෙමු මීලඟ කොටසින්.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
DIR
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (1)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සහෝ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search