The Vampire Diaries (2009) [S08 : E01] Sinhala Subtitle
කතාව පටන් ගන්නේ කලින් සීසන් එකේ අන්තිමට වෙච්ච සිද්ධියෙන් මාස කීපයකට පස්සේ. ඒ කියන්නේ Damon සහ Enzo අර අද්භූත ගුහාව ඇතුළෙදි අතුරුදහන් වුණාට පස්සේ.මේ දෙන්නා දැන් ඉන්නේ අමුතුම “Siren” කෙනෙක්ගේ පාලනය යටතේ. මේ සයිරන් (Sybil) ට ඕන කරන්නේ පව් කරපු මිනිස්සුන්ව මරලා ඒ මස්වලින් පෝෂණය වෙන්න. ඉතින් Damon සහ Enzo කරන්නේ නරක මිනිස්සුන්ව හොයලා මරලා ඇයට ගෙනත් දෙන එක.Damon එයාගේ මනුෂ්‍යත්වය (Humanity switch) සම්පූර්ණයෙන්ම ඕෆ් කරගෙන ඉන්නේ. ඒත් Enzo එයාගේ මනුෂ්‍යත්වය රඳවාගන්න උත්සාහ කරනවා. ඒ නිසා එයා Bonnie ට හොරෙන් ඉඟි (clues) දෙනවා තමන් ඉන්න තැන හොයාගන්න කියලා.Stefan, Bonnie සහ Caroline හැමතැනම මේ දෙන්නව හොයනවා. Stefan ට ගොඩක් දුකයි තමන්ගේ අයියා මෙහෙම වුණ එක ගැන. Bonnie ට එයාගේ මැජික් බලයත් නැති නිසා ඇය ගොඩක් අසරණ වෙලා ඉන්නේ.අවසානයේදී මේ සයිරන් (Sybil) පළවෙනි වතාවට තටාකයකින් එළියට එනවා. ඇය ඇත්තටම කවුද සහ ඇයි මේ දේවල් කරන්නේ කියන එක තමයි මේ සීසන් එකේ ප්‍රධාන අභිරහස වෙන්නේ.