The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle
පරණ පුරුදු විදිහටම මිස්ටික් ෆෝල්ස් නගරයේ “Miss Mystic Falls” තරඟය පවත්වනවා. මේක බලන්න ඩේමන් සහ ස්ටෙෆාන් දෙන්නත් එනවා. මතකනේ පලවෙනි සීසන් එකේ ඩේමන් සහ එලේනා මේ තරඟයේදී නටපු හැටි? අන්න ඒ වගේ මතකයන් මේ කොටසේදී ආයෙත් පෙන්නනවා.සිබිල් (Sybil) කොච්චර උත්සාහ කළත් ඩේමන්ව සම්පූර්ණයෙන්ම පාලනය කරන්න බැරි වෙනවා. ඩේමන් ගාව තියෙන එලේනාගේ මාලය නිසා එයාට එලේනා ගැන ආයෙත් මතක් වෙන්න ගන්නවා. සිබිල් කරන්නේ ඩේමන්ව මානසිකව වට්ටන්න මේ තරඟය පාවිච්චි කරන එක.ස්ටෙෆාන් තාමත් ඉන්නේ “Humanity Switch” එක ඕෆ් කරගෙන. එයා මේ උත්සවයට ඇවිත් එතන ඉන්න තරඟකාරියන්ට වගේම කැරොලයින්ටත් ලොකු කරදරයක් වෙනවා. ස්ටෙෆාන් දැන් හරිම අහංකාර සහ දරුණු විදිහට තමයි හැසිරෙන්නේ.සිබිල් සහ සලීන් (Seline) දෙන්නා අතර අර “සීනුව” (The Bell) සම්බන්ධයෙන් ලොකු තරඟයක් තියෙනවා. දෙන්නාම උත්සාහ කරන්නේ කේඩ් (Cade) ඉස්සරහා තමන් ලොකුයි කියලා පෙන්නන්න.