The Vampire Diaries (2009) [S08 : E05] Sinhala Subtitle
කලින් කොටසේදී ඩේමන් විසින් ටයිලර් ලොක්වුඩ්ව මරලා දැම්මානේ. මේ කොටසේදී ස්ටෙෆාන්, මැට්, කැරොලයින් සහ බොනීට ටයිලර්ගේ මිනිය හම්බවෙනවා. මේක හැමෝටම ලොකු කම්පනයක් වෙනවා.ඔවුන් ටයිලර් වෙනුවෙන් අවමංගල්‍යයක් පවත්වනවා. ඒ වෙලාවට ඩේමන් එතනට ඇවිත් හැමෝටම තර්ජනය කරනවා. ඩේමන් දැන් ඉන්නේ සම්පූර්ණයෙන්ම මනුස්සකම නැති වුණු, සිබිල්ගේ පාලනයට නතු වුණු කෙනෙක් විදිහටයි.ඩේමන් පාලනය කරන්න බැරි තරමටම නරක අතට හැරිලා නිසා, ස්ටෙෆාන්ට සිද්ධ වෙනවා ඩේමන්ව හිර කරන්න (Desperate measures). ස්ටෙෆාන් ඩේමන්ට වෙඩි තියලා පණ නැති කරලා හිර කරනවා.කැරොලයින්ගේ ළමයින්ව බලාගන්න සලීන්, ඇත්තටම සිබිල්ගේ සහෝදරිය කියලා ප්‍රේක්ෂකයන්ට තහවුරු වෙනවා. ඇය කැරොලයින්ගේ නිවුන් දියණියන් දෙන්නාව (Lizzie සහ Josie) රවට්ටගෙන කොහේදෝ අරන් යනවා.අවසානයේදී සිබිල් ආමරි (The Armory) එකේ හිර කරලා හිටපු තැනින් පැනලා යනවා. ඒ වගේම එයා ඩේමන්වත් නිදහස් කරගන්නවා.