The Vampire Diaries (2009) [S08 : E04] Sinhala Subtitle
සිබිල් තමන්ගේ අතීත කතාව ස්ටෙෆාන්ට කියනවා. අවුරුදු 2000කට කලින් සිබිල් සහ ඇගේ සහෝදරිය (තවත් සයිරන් කෙනෙක්) දූපතකට පිටුවහල් කරලා හිටපු හැටිත්, ඔවුන් ජීවත් වෙන්න මිනී මස් කන්න පුරුදු වුණු හැටිත් මේකෙදි හෙළි වෙනවා.සිබිල්ට තව සහෝදරියක් ඉන්නවා කියලා මේකෙදි දැනගන්න ලැබෙනවා. ඒ තමයි සලීන් (Seline). සලීන් තමයි කැරොලයින්ගේ ළමයින්ව (Twins) බලාගන්න “Nanny” විදිහට ඉන්නේ. ඒ කියන්නේ සතුරෙක් දැනටමත් ගේ ඇතුළටම ඇවිත් ඉන්නේ.සයිරන්ලා කාටද වැඩ කරන්නේ කියලා මේකෙදි හෙළි වෙනවා. ඒ තමයි කේඩ් (Cade). ඔහු තමයි “Hell” හෙවත් අපායේ අධිපතියා. සිබිල්ලා කරන්නේ පව් කරපු මිනිස්සුන්ව මරලා ඔවුන්ගේ ආත්ම කේඩ්ට පූජා කරන එක.ඩේමන් සිබිල් වෙනුවෙන් එක එක අද්භූත භාණ්ඩ හොයමින් යනවා. ඒ අතරතුර ඩේමන්ට පීටර් මැක්ස්වෙල් (මැට් ඩොනොවන්ගේ තාත්තා) හම්බවෙනවා. ඩේමන් පීටර්ව මරන්න හැදුවත් අන්තිමේදී මැට් ඇවිත් තාත්තාව බේරගන්නවා.