The Vampire Diaries (2009) [S08 : E03] Sinhala Subtitle
සිබිල් දන්නවා ඩේමන් සහ එන්සෝ දෙන්නාටම බොනීව ගොඩක් වටිනවා කියලා. ඉතින් සිබිල් මේ දෙන්නාට අණ කරනවා බොනීව මරන්න කියලා. ඒකෙන් එයා බලන්නේ ඩේමන් සහ එන්සෝගේ හිතේ තියෙන මනුස්සකම සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නයි.සිබිල්ගේ බලපෑම නිසා ඩේමන් සහ එන්සෝට එකිනෙකා එක්ක සටන් කරන්න සිද්ධ වෙනවා. මේක බොනීට දරාගන්න බැරි ලොකු වේදනාවක් වෙනවා.බොනී උත්සාහ කරනවා එන්සෝව බේරගන්න. එයා සිබිල් එක්ක ගනුදෙනුවක් කරන්න පවා හදනවා. හැබැයි අන්තිමේදී සිබිල් බොනීව රවට්ටනවා.කලින් කොටසේ එලේනාගේ මතකයන් වෙනස් කරපු සිබිල්, මේ කොටසේදී ඩේමන්ගේ හිතේ බොනී ගැන තියෙන හොඳ මතකයන් පවා විනාශ කරනවා. ඩේමන් දැන් ඉන්නේ සම්පූර්ණයෙන්ම සිබිල් කියන දේ විතරක් අහන තත්ත්වයකට පත්වෙලා.මේ කොටස අවසානයේදී ස්ටෙෆාන් ඇතුළු පිරිස සිබිල්ව අල්ලගෙන “ආමරි” (The Armory) එකේ හිර කරනවා. හැබැයි එයා අහුවුණත්, ඩේමන් තවමත් එයාගේ පාලනය යටතේ ඉන්නේ.