The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle
කලින් කොටසේදී සලීන් (Seline) විසින් පැහැරගත්ත කැරොලයින්ගේ නිවුන් දියණියන් දෙන්නාව (Lizzie සහ Josie) හොයන්න කැරොලයින් සහ ස්ටෙෆාන් ලොකු උත්සාහයක් දෙනවා. සලීන් උත්සාහ කරන්නේ මේ ළමයින්ව කේඩ්ට (Cade) පූජා කරන්නයි.සිබිල්ට ඕනේ වෙන්නේ තමන්වයි තමන්ගේ සහෝදරියවයි (සලීන්) කේඩ්ගේ පාලනයෙන් නිදහස් වෙන්න. ඒ වෙනුවට වෙනත් පිරිසක් කේඩ්ට බිලි දෙන්න එයා ලෑස්ති වෙනවා.ළමයින්ව බේරගන්න නම් සිබිල් සහ කේඩ් එක්ක ගනුදෙනුවක් කරන්න ස්ටෙෆාන්ට සිද්ධ වෙනවා. කේඩ් ළමයින්ව නිදහස් කරන්න එකඟ වෙනවා, හැබැයි ඒ වෙනුවට ස්ටෙෆාන් සහ ඩේමන් දෙන්නාට සිද්ධ වෙනවා කේඩ් වෙනුවෙන් වැඩ කරන්න.ස්ටෙෆාන් තමන්ගේ ආත්මය කේඩ්ට පූජා කරන්න එකඟ වෙනවා (එයාට ආයෙත් රිපර් කෙනෙක් වෙන්න සිද්ධ වෙනවා). මේක කැරොලයින්ට දරාගන්න බැරි ලොකු දුකක් වෙනවා, මොකද ස්ටෙෆාන් සහ කැරොලයින් කසාද බඳින්නයි හිටියේ.