The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle
ඊලග වතාවේ කාවහරි රිද්දවන්න ඕන වුනොත් ඒ ඔයා
ස්ටෙෆාන් සහ කැරොලයින් ලස්සන නත්තල් රාත්‍රී ආහාර වේලක් ලෑස්ති කරනවා. හැබැයි ඒකට නොසිතූ විදිහට ඩේමන් සහ සිබිල් කඩාපාත් වෙනවා. ඒ මදිවට “අපායේ අධිපතියා” වන කේඩ් (Cade) පවා මේ පාටියට එනවා.කේඩ් විසින් ස්ටෙෆාන්ව අතීතයට අරන් යනවා. එහිදී 1917 කාලයේ ස්ටෙෆාන් “රිපර්” (Ripper) කෙනෙක් විදිහට කරපු දරුණු මිනීමැරුම් ගැන මතක් කරලා දෙනවා. කේඩ් උත්සාහ කරන්නේ ස්ටෙෆාන් කියන්නේ උපතින්ම නරක කෙනෙක් කියලා ඔප්පු කරන්නයි.ස්ටෙෆාන්ට කේඩ් එක්ක අලුත් ගිවිසුමකට එන්න සිද්ධ වෙනවා. කැරොලයින්ගේ ළමයින්ව බේරගන්න නම්, ස්ටෙෆාන්ට සිද්ධ වෙනවා ආයෙත් පරණ “රිපර්” කෙනෙක් වෙලා කේඩ් වෙනුවෙන් ආත්ම දඩයම් කරන්න.මේ කොටස අවසානයේදී ස්ටෙෆාන් සහ ඩේමන් දෙන්නා නගරයෙන් පිටවෙලා යනවා කේඩ්ගේ වැඩ පටන් ගන්න. යන්න කලින් ස්ටෙෆාන් තමන්ගේ “Humanity Switch” එක ඕෆ් කරනවා. ඒ කියන්නේ දැන් එයාට කිසිම හැඟීමක් දැනීමක් නැති දරුණු මිනීමරුවෙක්.ඩේමන් සිබිල්ට නත්තල් තෑග්ගක් දෙනවා. හැබැයි ඒක එයා හිතපු විදිහේ එකක් නෙවෙයි. ඩේමන් සිබිල්ගේ හදවත එළියට ඇදලා අරන් ඇයව මරන්න උත්සාහ කරනවා (හැබැයි සයිරන්ලා ලේසියෙන් මැරෙන්නේ නැහැ).