Carnival Row (2019) [S01 : E03] Sinhala Subtitle

September 12, 2019 Moderator

!…සඳෙහි රාජධානිය…!(18+)
කොහොමද ඉතින් හැමෝටම. ඔන්න තුන්වෙනි කොටසත් අරං ආවා. කට්ටියට බලන්න හදිස්සි ඇති නේ. එහෙනම් යමු කතාව පැත්තට. හොඳයි මේ කොටස නම් වෙලා තියෙන්නේ Kingdoms of the Moon කියලා. ලබා ගෙන ඇති imdb අගය 8.1.

ඔයාලා කලින් කොටසේ දකින්න ඇති එහෙනම් අපේ වින්යැට්ට අර ස්පර්න්රෝස් අයුතු කාර විදිහට බලහත්කාරකම් කරන්න ගිහින් වුණු දේ, හොඳ වේලාවට වින්යැට් එයාව මැරුවේ නැහැ. කොහොම හරි ඒක නිසා එයා කළු කපුටන් කියන සංවිධානයට බැඳෙන හැටි සහ එයා ඒ සඳහා තමන්ව ඔප්පු කරන්න සිද්ද කරපු දේ. ඒ වගේම වින්යැට්ට මේ දේ වෙලා තියෙන්නේ තමන් කියලා නිසා හිතාගෙන ඒකට උදව්වක් වශයෙන් ස්පර්න්රෝස් ගාවට ගිහින් එයාව නිදහස් කරන මුදල ගෙවලා ඇයව නිදහස් කරනවා. ඒ වගේම දන්නේ නැති මායාවියෙක් නැත්නම් පික්ස් කෙනෙක් මැරිලා ඉන්නවා. ඇයි එයාව එහෙම පෙන්නුවේ, විශේෂ කරලා? දන්නේ නැහැ නේද? මාත් දන්නේ නැහැ තමා. බලන්නම ඕනේ එයා කවුද කියලා. හොආ ගත්තු විදිහට නම් ඒ ඈශ්ලින්ග් ක්වෙරෙල්. ඇය ප්‍රසිද්ධ ගායිකාවක් විදිහට ඉඳලා එක පාරටම ඒ දේවල් වලින් ඈත් වෙලා පස්සේ හුදකාලවම ජීවත් වුණු කෙනෙක්. නපුර විසින් එයාව විනාශ කරලා දැම්මා. ඇත්තටම එතැනදී වුණේ එයා අර නලාවෙන් පොඩි සංගීතයක් පිම්ඹ නිසා අර සතාට ඇහිලා ඌ ඇවිත් ඈශ්ලින්ග්ව අරං ගියපු එක. ඉතින් කෙසේ හෝ එයාගේ මරණ පරීක්ෂණයත් වෙන කෙනෙක් විසින්ම තමයි කරන්නේ. ඒ වගේම පෙන්වනවා අපේ ජෝනා නැත්නම් චාන්සලර්ගේ පුතාව පැහැරගෙන තියෙන්නේ කවුද කියලා. ඉතින් දැනට අපිට ප්‍රශ්නයක් තියනවා “කවුද මේ ඈශ්ලින්ග් කියන්නේ?”. අනාගතයේදී ඔයාලා ඒක හොයා ගනීවී.

ඉතින් කතාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මොකද ඔයාලා ඒක හොයා ගනිද්දී ඔයාලගේ ඇස් වලින් කඳුළු පල්ලෙහාට සෑහෙන්න වැටේවී කියන එක නම් මම කියනවා. ඉතින් මේ කොටසේදී වෙන්නේ අර උඩ මාතෘකාවෙන් තියන දේ. හොයා ගන්න ඕනෙද? එහෙනම් දැන්ම ගිහින් බලන්න මොකක්ද මේ කියලා.

සබ් එක කරාට ලිපියක් ලියන්න වෙලාවක් තිබ්බෙ නෑ. ඒ වෙලාවට බෑ නොකිය උදවු කරපු සහන් මල්ලිට ගොඩක් ස්තුතියි .. මේක අපේ සයිට් එකේ 1500 වෙනි සබ් එක.කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඊලග කොටසත් මම තමයි සබ් කරන්නෙ එහෙනම් දිගටම රැදිල ඉන්න carnival row සමග..
ඔබ සැමට ජය වේවා..

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (30)
  • ashan lankanath Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Thanks …………….good luck ……………………

  • Sasidu Unregistered
    Android 8 Chrome 72

    Thanks bro

  • Sampath Unregistered
    Windows 10 Chrome 91

    sub eke ubalage nama apita peyak withara yawanna epa buruwo 1 wasare podi eketa kiyawanna wage. moda harak.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search