Daily Dose of Sunshine (2023) [S01 : E05] Sinhala Subtitle
Park Bo-young, Yeon Woo-jin, Jang Dong-yoon
වාට්ටුවට අලුතින් ලෙඩෙක් එනවා. එයාගේ අම්මා කොච්චර උත්සාහ කරනවාද කියනවා නම් තමන්ගේ දරුවාට පිස්සු කියලා පිළිගන්න අකමැතියි. එයා හිතන්නේ මේක පොඩි අසනීපයක් විතරයි කියලා. ඒ අම්මා සමාජයට බයේ මේ ලෙඩේ හංගන්න දඟලන හැටි දැක්කම පපුව පැලෙනවා.ඩා-යූන්ගේ අම්මාත් මේ කොටසේදී මතු වෙනවා. ඩා-යූන් තමන්ගේ රස්සාව ගැන සහ වාට්ටුවේ ඉන්න ලෙඩ්ඩු ගැන අම්මා එක්ක කතා කරනවා. එතකොට අපිට පේනවා ඩා-යූන් වුණත් මේ හැමදේම දරාගෙන ඉන්නේ හෙන අමාරුවෙන් කියලා.ඔන්න ඩොක්ටර් ගෝ-යුන් කොහොම හරි ඩා-යූන්ව කෑමකට සෙට් කරගන්නවා. හැබැයි එතනදීත් ඩා-යූන් කතා කරන්නේ ලෙඩ්ඩු ගැනමයි. ඩොක්ටර්ට තේරෙනවා ඩා-යූන් කියන්නේ තමන්ගේ රෝගීන් වෙනුවෙන් පණ වුණත් දෙන ජාතියේ කෙල්ලෙක් කියලා.අර ඩා-යූන්ගේ යාළුවා (යූ-චෑන්) තමන්ගේ Panic Disorder එක ඩා-යූන්ගෙන් හංගන්න හැදුවට, මේ කොටසේදී ඩා-යූන්ට ඒක අහුවෙනවා. යාළුවා විඳින දුක දැක්කම ඩා-යූන් තවත් අසරණ වෙනවා.වාට්ටුවෙන් පිට වෙලා ගිය ලෙඩෙක්ට අසල්වැසියන් සලකන විදිහ සහ රස්සාවලින් අයින් කරන හැටි මේකේ පට්ට විදිහට පෙන්වනවා. “මූ පිස්සෙක්, මූව ආශ්‍රය කරන්න එපා” කියන මතය නිසා හොඳ වෙන්න ඉන්න ලෙඩ්ඩුත් ආයේ ලෙඩ වෙන හැටි මෙතනදී පේනවා.