Daily Dose of Sunshine (2023) [S01 : E12] Sinhala Subtitle
Park Bo-young, Yeon Woo-jin, Jang Dong-yoon
ප්‍රශ්න පත්තු වුණාට පස්සේ දැන් හැමෝම හෙමින් හෙමින් තමන්ගේ ජීවිත හදාගන්නවා. මේක නිකන් “Happy Ending” එකකට වඩා පට්ට යථාර්ථවාදී අවසානයක්.ඩා-යූන් දැන් රෝහලේ වැඩට හොඳට හුරු වෙලා. එයා දැන් ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නේ හෙදියක් විදිහට විතරක් නෙවෙයි, ඒ ලෙඩේම විඳපු කෙනෙක් විදිහට ලොකු අවබෝධයකින්. එයා තේරුම් ගන්නවා “සුව වීම” කියන්නේ ලෙඩේ සම්පූර්ණයෙන්ම නැති වෙන එක නෙවෙයි, ඒකත් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න එක කියලා.ඩොක්ටර් ගෝ-යුන් සහ ඩා-යූන් පට්ට සිරා ලව් එකක් කරනවා. ඩොක්ටර්ගේ අර ඇඟිලි පටලවන ලෙඩේ දැන් සම්පූර්ණයෙන්ම වගේ ඉවරයි. ඒ දෙන්නා එකතු වෙලා රෝහලේ ඉන්න ලෙඩ්ඩුන්ට මාර හයියක් වෙනවා.ඩා-යූන්ගේ යාළුවා යූ-චෑන් ආයෙත් ඔෆිස් රස්සාවකට යනවා. හැබැයි මේ පාර එයා ලොක්කන්ට බය වෙන්නේ නැහැ. තමන්ට පීඩනයක් දැනෙන වෙලාවට ඒක කෙළින්ම කියන්නත්, තමන්ගේ සීමාවන් තියාගන්නත් මූ ඉගෙන ගන්නවා.හෙඩ් නර්ස් ඇතුළු අනිත් සේවකයෝ හැමෝම තේරුම් ගන්නවා තමන්ගේ මානසික සෞඛ්‍යය ගැනත් බලාගන්න ඕනේ කියලා. අර වැඩ අධික නිසා මතකය නැති වුණු අම්මා පවා දැන් තමන්ට වෙලාව වෙන් කරගෙන සතුටින් ඉන්නවා.කතාව ඉවර වෙන්නේ හරිම ලස්සන පණිවිඩයකින්. “අපි හැමෝම ඉන්නේ ජීවිතේ එක එක කාලවලදී එන අඳුර අස්සේ. හැබැයි ඒ අඳුරට පස්සේ අනිවාර්යයෙන්ම ඉර පායනවා” කියලා ඩා-යූන් කියනවා.