Daily Dose of Sunshine (2023) [S01 : E07] Sinhala Subtitle
Park Bo-young, Yeon Woo-jin, Jang Dong-yoon
මේ කොටස මූලිකවම කැරකෙන්නේ අර කලින් කොටසක හිටපු, තමන් ගේම් එකක ඉන්නේ කියලා හිතාගෙන ඉන්න සෝ-වන් කියන කොල්ලා වටේ.සෝ-වන් තාමත් හිතාගෙන ඉන්නේ එයා ඉන්නේ මැජික් ලෝකෙක කියලා. ඩා-යූන් ඒ කොල්ලට හෙනම සපෝට් එකක් දෙනවා. ඩා-යූන්ව එයා දකින්නේ එයාගේ ගේම් එකේ ඉන්න “මඟ පෙන්වන්නා” (Guide) විදිහට. ඒ කොල්ලා ඩා-යූන්ව සෑහෙන්න විශ්වාස කරනවා.ඩා-යූන් උත්සාහ කරනවා එයාට ඇත්ත ලෝකේ පෙන්නන්න. හැබැයි අනිත් හෙදියෝ සහ ඩොක්ටර්ස්ලා කියන්නේ ලෙඩෙක් එක්ක ඔයිට වඩා දුරස් වෙලා ඉන්න ඕනේ කියලා. ලෙඩ්ඩුන්ට ඕනෑවට වඩා ලං වුණාම හෙදියන්ට ඒක මානසිකව බලපාන හැටි මේ කොටසෙන් පට්ට විදිහට පෙන්වනවා.ඔන්න මේ කොටසේදී ඩොක්ටර් ගෝ-යුන් වැඩේ අතාරින්නේ නැතුව ඩා-යූන්ට තමන්ගේ හිතේ තියෙන දේ කියන්න උත්සාහ කරනවා. පොරට දැන් කෙල්ල නැතුවම බැහැ. හැබැයි ඩා-යූන් ඉන්නේ ලෙඩ්ඩුන්ගේ ප්‍රශ්න අස්සේ හිරවෙලා නිසා ඩොක්ටර්ගේ ආදරේ කෙල්ලට හරියට දැනෙන්නේ නැහැ.මේ කොටස අවසානයේදී පට්ටම සංවේදී දෙයක් වෙනවා. සෝ-වන්ට වාට්ටුවෙන් ටික කාලෙකට එළියට යන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි එයා එළියට ගියාම දකින ලෝකය එයා හිතපු තරම් ලස්සන නැහැ. සැබෑ ලෝකේ මිනිස්සුන්ගේ රළු ගතිය දරාගන්න බැරිව ඒ කොල්ලා ගන්න තීරණය නිසා මුළු වාට්ටුවම කම්පනයට පත්වෙනවා.