Daily Dose of Sunshine (2023) [S01 : E10] Sinhala Subtitle
Park Bo-young, Yeon Woo-jin, Jang Dong-yoon
ඩා-යූන් දැන් ප්‍රතිකාර අරගෙන ටිකක් සුව වෙලා වාට්ටුවෙන් පිටවෙලා ගෙදර එනවා. හැබැයි ඇත්තම සටන පටන් ගන්නේ එතකොටයි.ඩා-යූන් මානසික රෝහලක හිටියා කියලා ආරංචි වුණාම, වටපිටාවේ මිනිස්සු ඒ ගැන එක එක කතා හදනවා. “ඔය ඉන්නේ අර පිස්සන් වාට්ටුවේ හිටපු කෙල්ල නේද?” කියලා මූණට වගේම පිටිපස්සෙන් කියනවා. ඩා-යූන්ට මේවා ඇහෙද්දී ආයෙත් පරණ අගාධයටම වැටෙන්න යනවා.මිනිස්සු මොනවා කිව්වත් ඩා-යූන්ගේ අම්මා කෙල්ලව වට්ටන්න දෙන්නේ නැහැ. අම්මා අසල්වැසියන්ට පවා බැණලා, තමන්ගේ දුවව ආරක්ෂා කරනවා. “මානසික ලෙඩක් හැදෙන එක හෙම්බිරිස්සාවක් හැදෙනවා වගේ දෙයක්” කියලා අම්මා කියන කතාව පට්ටම වටිනවා.ඩා-යූන්ට ආයෙත් රෝහලට වැඩට යන්න ඕනේ වුණත්, එයා බයයි අනිත් හෙදියන් සහ ලෙඩ්ඩු එයා දිහා බලන විදිහ ගැන. එයා හිතනවා “ලෙඩෙක් වුණු මම කොහොමද තව කෙනෙක්ට බෙහෙත් කරන්නේ?” කියලා.ඔන්න මේ කොටසේදී ඩොක්ටර් ගෝ-යුන් තවදුරටත් මේක හංගගෙන ඉන්නේ නැහැ. එයා කෙළින්ම ඩා-යූන්ට කියනවා තමන් එයාට ආදරෙයි කියලා. ඩා-යූන් කොච්චර වැටිලා හිටියත්, ඩොක්ටර්ට එයා තමයි ලෝකේ ඉන්න වටිනාම කෙනා. ඩොක්ටර්ගේ ඒ ආදරේ ඩා-යූන්ට ලොකු හයියක් වෙනවා.අන්තිමේදී ඩා-යූන් හිත හයිය කරගෙන ආයෙත් රෝහලට යනවා. හැබැයි එතනදීත් සමහර අය ඩා-යූන්ව පිළිගන්න අකමැති වෙනවා.