Daily Dose of Sunshine (2023) [S01 : E09] Sinhala Subtitle
Park Bo-young, Yeon Woo-jin, Jang Dong-yoon
අර කලින් කොටසේ වුණු කම්පනය නිසා ඩා-යූන්ගේ Depression (විසදය) ලෙඩේ දරුණු වෙනවා. කෙල්ලට ඇඳෙන් නැගිටින්නවත් පණක් නැහැ. අන්තිමට ඩා-යූන්ට සිද්ධ වෙනවා තමන් වැඩ කරපු රෝහලටම රෝගියෙක් විදිහට ඇතුළත් වෙන්න.ඩා-යූන් වාට්ටුවට ආවම එයාට හරි අමුතුයි. එයා කලින් බෙහෙත් දුන්නු අය එක්කම දැන් ලෙඩෙක් විදිහට ඉන්න වෙනවා. එයාට හිතාගන්න බැහැ තමන්ට කොහොමද මෙහෙම වුණේ කියලා. එයා හෙන ලැජ්ජාවෙන් සහ බයෙන් ඉන්නේ.ඩා-යූන්ගේ අම්මා මේ කොටසේදී පට්ට විදිහට දුක් වෙනවා. තමන්ගේ කෙල්ල අනුන්ගේ ලෙඩ සුව කරන්න ගිහින් අන්තිමට එයාටම පිස්සු හැදුණා නේද කියලා අම්මා හිතනවා. හැබැයි අම්මා පට්ටම හයියක් වෙලා කෙල්ල ළඟ ඉන්නවා.ඩා-යූන් ලෙඩෙක් වුණාට ඩොක්ටර්ගේ ආදරේ වෙනස් වෙන්නේ නැහැ. පොර හැමදාම කෙල්ලව බලන්න එනවා. පොර කෙල්ලට තේරුම් කරලා දෙනවා “මේක අසනීපයක් විතරයි, ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි” කියලා. ඒ දෙන සපෝට් එක නම් පට්ට.අර ඩා-යූන්ගේ යාළුවා (යූ-චෑන්) තමන්ගේ Panic Disorder එක පාලනය කරගෙන, දැන් ඩා-යූන්ට උදව් කරන්න උත්සාහ කරනවා. මෙතෙක් කල් ඩා-යූන් කරපු දේ දැන් එයා ඩා-යූන් වෙනුවෙන් කරනවා.මේ කොටසේ අන්තිමට පෙන්වනවා ඩා-යූන් හෙමින් හෙමින් තමන්ගේ ලෙඩේ පිළිගන්න හැටි. එයා තේරුම් ගන්නවා තමන්ට උදව් අවශ්‍යයි කියලා. ඒක තමයි සුව වෙන්න තියෙන පළවෙනි පියවර.