Daily Dose of Sunshine (2023) [S01 : E11] Sinhala Subtitle
Park Bo-young, Yeon Woo-jin, Jang Dong-yoon
ඩා-යූන් ආයෙත් වැඩට ආවට පස්සේ රෝහලේ ලොකු කලබලයක් ඇති වෙනවා. ඒක හරියට නිකන් කුණාටුවක් වගේ.
රෝහලේ ඉන්න රෝගීන්ගේ පවුල්වල අයට ආරංචි වෙනවා ඩා-යූන් කලින් මානසික ලෙඩකට බෙහෙත් ගත්තා කියලා. උන් රෝහල ඉස්සරහා පෙළපාලි යනවා “පිස්සු හෙදියක් අපේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවාට අපි කැමති නැහැ, මූව අයින් කරපියව්” කියලා. මේක ඩා-යූන්ට විතරක් නෙවෙයි මුළු හෙද කාර්ය මණ්ඩලයටම ලොකු පීඩනයක් වෙනවා.
මෙතනදී තමයි අපේ හෙඩ් නර්ස් (Head Nurse) නියම වැඩ්ඩියෙක් වෙන්නේ. එයා අර කෑගහන මිනිස්සු ඉස්සරහට ගිහින් පට්ට කතාවක් කියනවා. “අපි හැමෝම මොනවා හරි මානසික පීඩනයක ඉන්නේ, ඩා-යූන් කරන්නේ ඒකෙන් ගොඩ ඇවිත් තවත් කෙනෙක්ව බේරගන්න හදන එක” කියලා එයා ඩා-යූන් වෙනුවෙන් පෙනී සිටිනවා.
ඩා-යූන් දැන් පරණ වගේ හැංගෙන්නේ නැහැ. එයා කෙළින්ම අර විරුද්ධ වෙන මිනිස්සු ඉස්සරහට ගිහින් තමන්ට වුණු දේ සහ තමන් දැන් සුව වෙලා ඉන්න හැටි ගැන කතා කරනවා. ඒක දැක්කම අර කෑගහපු මිනිස්සුත් ටිකක් නිහඬ වෙනවා.
ඩා-යූන් සහ ඩොක්ටර් ගෝ-යුන් දැන් නිල වශයෙන්ම ලව් කරන්න පටන් ගන්නවා. ඩොක්ටර් මේ හැම ප්‍රශ්නයකදීම ඩා-යූන්ගේ අත අතාරින්නේ නැතුව ළඟින්ම ඉන්නවා. ඒක කෙල්ලට ලොකු හයියක්.
ඩා-යූන්ගේ යාළුවා යූ-චෑන් තමන්ගේ Panic attack එක පාලනය කරගෙන ආයෙත් රස්සාවකට යන්න ඉල්ලුම් කරනවා. එයා තේරුම් ගන්නවා තමන්ගේ දුර්වලකම එක්කම ජීවත් වෙන්න පුළුවන් කියලා.