ඔන්න අද 6වෙනි කොටසේ උපසිරැසිය තමයි ඔයාලට අරගෙන ආවේ. ඔයාල ගොඩක් දවස් බලාගෙන ඉන්න ඇති නේද මොකද සබ් එක පරක්කු කියල.මුලින්ම සමාව ඉල්ලනවා ඒ ගැන. ඇත්තම කිව්වොත් අපේ තියෙන වැඩ රාජකාරි අතරේ ලැබෙන විවේක කාලයේදී තමයි මේ උපසිරැසි ඔයාලට නිර්මාණය කරලා දෙන්නේ.ඉතින් සමහර වෙලාවට නිකන් ඉන්න බැරි තරමට වැඩ වැඩිවෙනවා.ඒ වගේ වෙලාවට ඉතින් ගණන් ගන්න එපා. ටික දවසක් බලාගෙන ඉන්නකෝ.මොකද හදිස්සියි කියල ගුණාත්මකභව අඩු කරලා හදන්නත් බැහැනේ. අන්න ඒකයි මං කියන්නේ. :)
එහෙනම් අද කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො. මුල්ම කොටසේදී පෙන්නනවා හැප් කියන මනුස්සයාගේ ගෙදර එකපාරටම ගිනිගෙන විනාශ වෙනවා.ඉතින් එයාව පොලිසියට ගෙන්නලා නිකුයි ග්‍රිෆිනුයි දෙන්න ප්‍රශ්න කරනවා හේතුව මොකද්ද කියල හොයන්න. එතකොට මොන්රෝ පොලිසියට ඇවිල්ල හැප්ට උදවු කරන්න පොරොන්දු වෙනවා එයා මොකක් හරි පිළිවෙලක් කරගන්නකල්.මොකද මොන්රෝගේ පරණ යාලුවෙක් හැප් කියන්නේ. පරීක්ෂණ අතරේදී නික් හොයාගන්නවා මේ වගේම ගේ ගිනි අරගෙන හැප්ගේ අයියා කලින් මාසේ මැරිලා කියල. පස්සේ නික් හිතනවා මේක අහම්බයක් වෙන්න බැහැ. මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා කියල.ඔන්න ඔය අතරේදී හැප්ගේ නංගිත් කතාවට සම්බන්ධ වෙනවා. හැප්ගේ නංගි කියන්නේ මොන්රෝගේ කලින් හිටපු පෙම්වතිය.එයාලගේ පෙම් කතාවෙත් අලුත් පිටුවක් එයාල පෙරලනවා මේ සිද්ධි අතරේ. :Dමං ඉතින් කතාවේ මෙතනින් එහාට කියන්නේ නෑ. ඔයාලම බලන්නකෝ...





Windows 7Chrome 45
ස්තුතියි සහෝ
Windows 7Maxthon 4.4
tnx mcn epi 7 ekatat ikmanatama dendoo………….
Windows 8.1Opera 32
නියමයි….එල…සබ් එකට තැන්ක්ස්…
Windows 8Opera 32
ගොඩාක් ස්තුති ස්බ් එකට.
දිගටම සබ් එක දෙන්න.
ජය වේවා..!!
Windows 7Chrome 55
patta bn tnx
Windows 10Chrome 69
sub ekata thanks bro
Windows 7Chrome 107
thanks supiri