Guns Akimbo (2019) Sinhala Subtitle

March 04, 2020 Expert Subtitler

ඔන්න ඉතින් ගොඩ කාලයක් ගිහින් හරි සයිට් එකේ උපසිරැසි 50 කඩයිමට එන්න ලැබුන එකට ගොඩක් සතුටුයි. ඊටත් වඩා සතුටුයි ඇඩ්මින් කවීෂටත් කලින් 50ස් වෙනි උපසිරැසි කඩයිමට යාමට හැකි වීම ගැන මොකද පොර මාත් එක්ක කලින්ම කියලා තිබ්බා මට කලින් 50හා ගහනවා කියලා. හොදයි මුලින්ම මේ හැමදේම පටන් ගත්ත විදිය ගැන කිව්වොත් මම , කවිශ , සමීර සහ තවත් කිහිප දෙනෙක් සමග එකතු වෙලා 2015දී ආසාවට උපසිරැසි කරන බ්ලොග් එකක් කළා. පස්සේ පස්සේ උපසිරැසි කරන අය වැඩිවීමත් එක්ක අපි වෙබ් එකක් කරන්න පටන් ගත්තා. පොඩි පොඩි වියදම් ටිකකුත් දරලා කරන්න පටන් ගන්න අතරේ තමයි අපිට දමිත්ව සෙට් වුනේ. දමිත්ගේ වෙබ් සයිට් ගැන ඇති දැනුමත් එක්ක අපිට ගොඩක් පහසු වුනා මේ වන තෙක් සයිට් එක කරගෙන එන්න ඒ වගේම ඉදිරියටත් කරන් යන්න. ඒ විතරක් නෙමෙයි කවිශ සමීර ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ දෙයක් කිව්වොත් බෑ නොකියා ඒ කාලේ ඉදන්ම සයිට් එකට මටත් වඩා ගොඩක් මහන්සි වුන අය. ඒ නිසා මම මුලින්ම ඒ අයව මතක් කරන්න කැමතියි. ඒ වගේම අපේ Co – admin හසිත ප්‍රසාද් සහෝදරයා. අපිට මේ තැනට එන්න ගොඩක්ම මහන්සි වුන කෙනෙක් තමයි ඔහු. අඩුකාලයකදී උපසිරැසි 340කට ආසන්නව කරපු මේ වන විට අපේ වැඩිම උපසිරැසි ලාබියා. ඒ වගේම Co – admin ලක්ෂිත වික්‍රමරත්න සහෝව මතක් කරන්නත් ඕනේ. ඔහුත් අපි එක්ක මුල් කාලේ ඉදන්ම හිටපු සහෝදරයෙක්. ඒ නිසා ඔවුන් ගැන මතක් නොකර කොහොමත්ම බැහැ. ඒ වගේම අපේ උපසිරැසි කණ්ඩායම මතක් කරන්නත් ඕනේ. නම් වශයෙන් කියන්න අමාරුයි විශාල පිරිසක් එකතු වෙලා ඉන්න නිසා ඒ අයවත් ආදරයෙන් මතක් කරනවා මොකද කිව්වොත් ඔවුන්ගෙන් අපිට ලැබෙන සහයෝගයත් ඉතාමත් විශාලයි. අන්තිම වශයෙන් කියන්න ඕනේ මගේ උපසිරැසි බාගත කරපු සහ කමෙන්ට් දාපු නොදාපු සියලු දෙනාටම ස්තුතියි. කාව හරි මතක් කරන්න අමතක වුනා නම් සමාව ඉල්ලනවා ඒ වගේම ලිපියේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවානම් ඒකටත් සමාව ඉල්ලනවා. මගේ 50ස් වෙනි උපසිරැසි කඩයිම ගැන අටුවා ටීකා මෙතැනින් නවත්තනවා. හැමෝටම ජයවේවා!

අද මම අරන් එන්නේ Guns Akimbo (2019) ෆිල්ම් එක. මේක තමයි මම සයිට් එකට කරන මගේ පළවෙනි Movie එක. මේක රිලීස් වෙලා තියෙන්නේ 2020 මාර්තු 5ස් වෙනිදා. මේක අයත් වෙන්නේ Action, Comedy ගණයට. මේ ෆිල්ම් එකේ විශේෂත්වය මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ Daniel Radcliffe නොහොත් හැරී පොටර් කිව්වොත් හැමෝම දන්නවා.. ඊට අමතරව Samara Weaving , Natasha Liu Bordizzo යන නිළියන් කතාවේ ප්‍රධානව රගපානව. මේ ෆිල්ම් එකට IMDB අගය 6.5ක් හිමි වෙලා තියෙනවා. Director: Jason Lei Howden වගේම Writer: Jason Lei Howden මයි. හොදයි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කතා කලොත්,

Skizm කියලා පාතාල තරහ තියෙන කල්ලියක් ඉන්නවා. එයාලා කරන්නේ සාමන්‍ය මිනිස්සුන්ව තෝරාගෙන එයාලාව මරණය වෙනකන් සටන් කරන්න දානවා.. අපි දන්නා විදියට ස්ටේජ් එකක් හරි මොකක් හරි උඩ අතින් පයින් ගහගන්න නෙමෙයි තියෙන්නේ.. එයාලට ඕන ආයුධයක් පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම විදියටකට නගරයේ කොහේ හරි හොයාගෙන ගිහින් මරන්න තියෙන්නේ. මේ Skizm එකේ විශේෂ කාරණය තමයි එයාලා ඒ තරග Live Stream කරනවා. ඒ වගේම ඒවා බලන්න ලෝකයේ හැම තැනම fansලා ඉන්නවා. ඔන්න ඔහොමයි එයාලා හම්බ කරන්නේ. ඉතින් ඒ අතරේ තමයි අපේ හැරී පොටර් නොහොත් මයිල්ස් ගේමට බහින්නේ. ඉතින් මයිල්ස් මොනා කරයිද මේ Skizm කියන මැර කල්ලිය නවත්තන්න? හොදයි ඒ ගැන දැනගන්න ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.!

Available Torrents
720p bluray 896.76 MB
1080p bluray 1.8 GB
720p web 897.67 MB
1080p web 1.74 GB
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (16)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 80

    ඇත්තටම සතුටුයි සහෝදරයා ඔබ ගැන. මොකද මට ඇඩ්මින් සෙට් එකෙන් අන්තිමට ඔයාව දැන හඳුනා ගන්න ලැබුනත් වැඩි පුරම කතා බහ කරන්නෙත් ඔයා එක්ක වීම නිසා. ඇත්තටම ඇඩ්මින් සෙට් එකේ අනිත් උදවියත් එක්ක ඔයාලා මේ කරගෙන යන වැඩේ නිසා ලංකාවේ ගොඩක් පිරිසකගේ තෘප්තිය වැඩි කරලා මානසික සුවයක් එයාලට ලඟා කරලා දීලා ලොකු සේවයක් ඔයාලා මේ වෙනකොට ඉෂ්ට කරලා තියනවා. ඉතින් සහෝදරයා දිගටම මේ වගේ මේ අපූරු වැඩේ කරගෙන යන්න කියලා හදවතින්ම සුබ පතනවා. ඒ වගේම 50 වෙනි උපසිරසි නිර්මාණයට සුබ පැතුම්. ඉතින් ඔතනින් නවතින්නේ නැතුව දිගටම ඉස්සරහට යන්න සහෝදරයා සුබ පතනවා.

  • Hasitha Prasad Junior Admin
    Windows 7 Firefox 73

    😎 වටිනා උපසිරැසි අර්ධ ශතකය වෙනුවෙන් හදවතින්ම උණුසුම් සුභපැතුම්, පසිඳු. 👏 👏 👏 තමන්ගේ වටිනා කාලය, ශ්‍රමය, ධනය හා දැනුමත් කැප කරමින්, එකට එක්තැන් කරමින්, අඩවියද සාර්ථකව පවත්වාගෙන යමින් ඔබ කරන්නාවූ මහත්වූ සේවයටත් හදවතින්ම ස්තූතියි. උපසිරැසි අර්ධ ශතකය සපුරන්නට ගතවූ කාලයට වඩා වටින්නේ උත්සාහයෙන් එම කඩයිමට ලඟාවීමයි. සහන් සහෝදරයා කිව්වත් වගේ මාත් පසිඳු කියල ඇඩ්මින් කෙනෙක් ඉන්නවා කියල දැනගත්තෙත් සෑහෙන කාලෙකට පස්සෙ. ඒකත් ඊ- මේල් එකකින් මම හිතන්නෙ. ඉතාම නිහඬ චරිතයක්. කඩයිම් ලැයිස්තුවට තවත් සාමාජිකයෙක් එක්වීමේ සතුට සමගින්ම නැවතත් ඔබේ ජීවිතයේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා යැයි පතමින් මම නවතින්නම්. ශතකය කරාත් මේ වගේම සාර්ථකව ගමන් කරමු.

    ( ඇත්තට කෝ මේ කවීෂ? කාලෙකින් මේල් එකක්වත් ආවෙ නෑ )

    ❤️ මාවත් මතක කරලා 🙂 බොහොම ස්තූතියි, පසිඳු.

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 80

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    download කරලා සබ් එක හොයා හොයා හිටියේ මේකට…

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Chrome 80

    සුබ පැතුම්! 50 වෙනි කඩ ඉම පසු කරන්න ලැබුනට.සබ් එකටත් ස්තුතියි.

  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 UC Browser 7

    50වෙනි කඩයිමට මුළු හදවතින්ම සුබ පතනවා පසිඳු සාරංග සහෝදරයා.
    මේ විදිහටම ඊළඟ කඩයිම් ටිකත් පහුකරන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    බුදු සරණයි!

    • Rajitha Unregistered
      Android 9 Chrome 80

      Thanks jayawewa……!

  • Hashan Priyadarshana User
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. හදවතින්ම සුබ පතනවා 50වෙනි කඩඉමට බ්‍රෝ.. 50වෙනි කඩඉමට එන්න ගියාට වඩා අඩු කාලෙකින් 100වෙනි කඩඉමටත් එමු 👊👊👊..
    ජය වේවා.!

  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Chrome 80

    අම්මෝ දැන් දැක්කේ අපේ ඇඩ්මින් පසිඳු 50 කඩයිම පහු කරලා කියලා.අනිවා කියන්න ඕන සයිට් එකෙන් නියමෙට ෆිට් වුණ ඇඩ්මින් කෙනෙක් කියලා. මොකද, හැම ප්‍රශ්නයක් ආපු ගමන්ම මුලින්ම පසිඳු අයියට තමා කියන්නේ.ඉතින් ඇත්තටම සතුටුයි අපේ ඇඩ්මින් කෙනෙක් කඩයිමක් පසු කරගත්ත එක ගැන.ආයෙත් පනස්වෙනි කඩයිම වෙනුවෙන් සුබ පතන ගමන් ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.උපසිරැසියටත් බොහොම ස්තූතියි.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 80

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  • nawarathna Unregistered
    Windows 7 Opera 67

    niyamai sahodaraya

  • nawarathna Unregistered
    Windows 7 Opera 67

    malli supiri wedaki thawa thawath wasanawa udawewaaa

  • nisala Unregistered
    Android 4.4 Samsung Browser 2

    Congratulations

  • Thameera Unregistered
    Windows 10 Chrome 80

    Ela machan ! digatama wade karan yanna. Oya me karana wade nisa api loku thrupthiyak labanawa. Oyata saha pauwle hamotma Pin.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search