• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Klaus (2019) Sinhala Subtitle

Klaus (2019) Sinhala Subtitle

2019/11/27 at 2:24 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් සබ්ස්එල්කේ හිතවතුන් හැමදෙනෙක්ටම.කාලෙකට පස්සෙ අද මේ අරගෙන එන්නෙ NETFLIX වෙතින් පසුගියදා නිකුත්වූ අපූරු සජීවීකරණ චිත්‍රපටයක උපසිරැසිය ඔබවෙත ගෙන එන්නයි. පූර්ව ප්‍රචාරක පටය තත්පර කිහිපයක් නැරඹීමෙන් පමණක් ඔබට මේ ස්පාඤ්ඤ සජීවීකරණ සිනමාපටයේ අපූර්වත්වය හොඳින්ම වටහාගන්න පුළුවන්. ස්පාඤ්ඤ ජාතික සර්ජියෝ පබ්ලෝගෙ අධ්‍යක්ෂණයෙන් ඔහුගේම SPA ස්ටුඩියෝස්හි නිර්මාණයක් ලෙස එලි දකින මේ චිත්‍රපටය තමයි Klaus (2019). මේ SPA ස්ටුඩියෝස් ආයතනය ඉතාම ජනප්‍රිය හොලිවුඩ් සජීවීකරණ නිර්මාණවලටද විවිධාකාරයෙන් දායක වී තිබෙනවා මින් පෙර. එයින් කීපයක් නම් වශයෙන් සඳහන් කලොත් : Despicable me, Smallfoot, Rio නම් සිනමා නිර්මාණ සඳහන් කරන්නට පුළුවන් වගේම මම හිතන්නෙ එතනින් එහාට කිසිවක් කතාකරන්නට අවශ්‍ය නෑ. මම මේ වසරේ හොඳම සජීවීකරණ නිර්මාණය විදියට දැක්ක Toy Story 4 (2019) අභිබවා යන්නට මෙය සමත් බවයි මගේ පෞද්ගලික හැඟීම. ඊට හේතුව රූපයෙන් පමණක් නොව කතාව පැත්තෙනුත් මෙය අපිව අවසානය තෙක් ඇදබැඳතබාගන්නට සමත් නිසා. 3D සහ සාම්ප්‍රදායික පැරණි සජීවීකරණ යන දෙවර්ගය අතරමැදක ඇති මේ නිර්මාණය අපිට ගෙන එන්නේ සුවිශේෂවූ අත්දැකීමක්. හරියටම කිව්වොත් සුන්දර සිතුවම් සහිත පැරණි සෝවියට් ලමා කතා පොතක් රස විඳිනවා වැනි හැඟීමක් තමයි දැනෙන්නෙ. කෙසේ හෝ මුදල් යෙදවීම " අවධානම්" යැයි කියමින් වසර දෙකක පමණ කාලයක් ස්ටුඩියෝවෙන් ස්ටුඩියෝවට තල්ලු වී ඇති මේ නිර්මාණයට අවසානයේදී පණ ලැබෙන්නේ 2017 වසරේදී පෙරලිකාර Netflix ආයතනය මෙහි සියලු හිමිකම් තමන් වෙත පවරාගැනීමෙන් පසුවයි. පෙර සියලු දෙනාගේ මතය වැරදි බව හොඳින්ම ඔප්පු කරන්නටත් මෙවර ඔවුන් වගබලාගෙන තිබෙනවා.

IMDB වෙතින් 8.4 අගයකුත්, Rotten Tomatos වෙතින් 91%ක අගයකුත්, ගූගල් පරිශීලක ප්‍රසාදය 98%කුත් වශයෙන් ඉහල අගයක් මේ වනවිට ලබා ඇති මේ Klaus චිත්‍රපටය සම්මානයකට නිර්දේශවන්නටද සමත්කම් දක්වා තිබෙනවා. මෙහි චරිතවලට හඬ දායකත්වය ලබාදෙන්නේ, ජේසන් ෂ්වර්ට්ස්මන් (ජෙස්පර්) , රෂීඩා ජෝන්ස් (ඇල්වා), ජෝආන් කුසැක් (ක්‍රම් මහත්මිය), ජේ.කේ. සිමන්ස් ( ක්ලවුස්), නෝම් මැක්ඩොනල්ඩ් ( මෝගන්ස්), විල් සැසෝ ( එලින්බෝ මහතා ), නෙඩා මාග්‍රත් ලබා ( මාර්ගු), ඇතුළු පිරිසක්.මෙයින් මාර්ගු නම් නෝර්වේහි සාමි (Sámi) ජනවර්ගයට අයත් දරුවාගේ චරිතයට හඬ දායකත්වය ලබාදෙන නෙඩා මාග්‍රත් ලබාගෙන් එම සේවය ලබාගැනීමට අධ්‍යක්ෂ සර්ජියෝ පබ්ලෝ ඇය වෙසෙන නෝර්වේහි ට්‍රොම්සෝ නගරයටම ගිය බව සඳහන් වෙනවා. මුලදී ඔහු එම දෙබස් ඉංග්‍රීසි බසින් නිර්මාණයට ඇතුලත් කිරීමට සිතාසිට ඇතත් පසුව ඔහු එය එම බසින්ම නිර්මාණයට ඇතුලත් කොට තිබෙනවා. ඒ නිසාම වෙන්නට ඇති මෙහි නිල Netflix ඉංග්‍රීසි භාෂා උපසිරැසියේත් එම දෙබස් පරිවර්තනය කර නැත්තේ.

සාමි ජනතාව උත්සව අවස්ථාවක් අතරතුර

එසේම චිත්‍රපටයේ සජීවීකරණ කටයුතුවලට දායකව මේ වසරේ ජූනි 2වන දින මියගිය මේරි ලෙෂර් මහත්මිය වෙනුවෙන් චිත්‍රපටය වෙන්කරන්නටත් නිර්මාණකරුවන් කටයුතු කලා. 4වන අදියරේ පිළිකාවකින් පීඩා විඳි ඇය Lion King, Beauty and the Beast, Mulan වැනි නිර්මාණවලට සජීවීකරණයෙන් දායක වූ තැනැත්තියක්. ඇය අවසන් වරට දායක වූ සිනමා නිර්මාණය මෙය නිසා තමයි නිර්මාණකරුවන් එම තීරණය ගෙන තිබෙන්නේ.

මේරි ලෙෂර්

එසේම තවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ දෙයක් තමයි මේ චිත්‍රපටයේ එන මනඃකල්පිත ස්මියරන්ස්බර්ග් නගරය ඈත කාලයක එනමින්ම යුත් ජනපදයක්. එහි තල්මස් දඩයම සරුසාරව කෙරීගෙන ගොස් තිබෙනවා 17වන ශතවර්ෂය සමයේදී. දැන් අපි චිත්‍රපටයේ කතාව පැත්තට ගියොත් මෙය නත්තල හා කිතුණු ආගම ආශ්‍රිතව අපි හැමෝම හොඳින් දන්න කතාවක වඩා යථාර්ථවාදී නව-නිර්මාණයක් කියන්න පුළුවන්.

ජැස්පර් ජොහැන්සන් කියන්නෙ තැපැල්පතිවරයෙකුගේ පුත්‍රයෙක්. සාමාන්‍යයෙන් සිදුවෙන්නාක් ලෙසම ඔහුගේ පියා තමන් සතු උපරිම බලතල පාවිච්චි කරනවා තමන්ගේ පුත්‍රයා තැපැල් සේවයේ ස්ථාවර කරන්නට. එහෙත් උපතින්ම ලැබී ඇති සැප සම්පත් විඳිමින් කෑමත් බීමත් නිදාගැනීමත් හැර වෙනත් කිසිම දෙයක් වුවමනාවකින් නොකරන මේ පුත්‍ර රත්නය පියාටත් අවසානයේ හිරිහැරයක් බවට පත්වෙනවා. මේ නිසාම ඔහුගේ "මොළේ පාදන්නට" සිතමින් තැපැල්පති පියා තීරණය කරනවා ඔහුට රාජකාරියක් බාරදෙන්නට...හැබැයි ලඟපාතක එහෙම නෙමෙයි...අහලවත් නැති ඈත දුර දූපතක.. ඒ මදිවට අභියෝගයකුත් එක්ක..මොකද හිතන්නෙ? මේ කම්මැලි ජැස්පර් අභියෝගය බාරගනීවිද? ඔහුට එහිදී හමුවෙනව අපූරු අමුත්තෙක්. කවුද ඒ? එය නරඹන ඔබට බාරයි. මගහැරගන්න එපා මේ අපූරු නිර්මාණය. ගිහින් එන්නම් හමුවෙමු Angel Has Fallen (2019) චිත්‍රපටයේ උපසිරැසි සමගින්..

ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වල ඇති පිටපත්වලට අමතරව අන්තර්ජාලයේ ඇති ඕනෑම ‍WEB-DL ,‍WEBrip හෝ HDrip පිටපතකට උපසිරැසිය ගැලපේ.

   

සිංහල උපසිරැසිය ලබා ගන්න 2606

Download Links:

පිටපත (Direct)
720P පිටපත (Torrent)
1080P පිටපත (Torrent)
1080P පිටපත (Torrent)
Klaus
  • 720p (web)
    871.43 MB
    Download Torrent
  • 1080p (web)
    1.54 GB
    Download Torrent
  • 2160p (web)
    4.4 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

    2019-11-27 at 9:13 pm
    Reply
  • පසිදු සාරංග ExPERT Subtitler
    Windows 7Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-11-28 at 9:06 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 78

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2019-11-28 at 10:07 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 65

    බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!

    2019-11-29 at 1:27 am
    Reply
  • Chanu Mikhail Unregistered User
    Android 9Opera 54

    ස්තූතියි…..

    2019-11-29 at 7:09 pm
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 78

    The Irishman
    2019 හොද ෆිල්ම් එකක් ආව ඔර්ජිනල් සහො

    2019-11-30 at 8:11 am
    Reply
  • ඉෂි ද සිල්වා ExPERT Subtitler
    Windows 8.1Edge 85

    thanx sub ekata.:heart_eyes:

    2020-09-01 at 11:37 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms