Next Gen (2018) Sinhala Subtitle

/
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ සුමින්ද සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. ඒ තමයි මේ සැප්තැම්බර් 7 වනදා Netflix වෙත එකතුවුණ Next Gen (2018) චිත්‍ර‍පටය. බොහොම ස්තූතියි සුමින්ද මේ ගැන දැනුවත් කිරීම පිලිබඳව. වැන්ග් නිමා නම් කොමික් ශිල්පිනියකගේ කතාවක් ඇසුරින් නිර්මාණය වුණ මේ චිත්‍රපටයේ අන්තර්ජාල විකාශන අයිතිය වෙනුවෙන් Netflix ඩොලර් මිලියන 30ක් ගෙවා තිබෙනවා. මොමෝට හඬ දායකත්වය ලබාදෙන මයිකල් පෙන්යා හැරෙන්නට ඒතරම් සුප්‍රසිද්ධ නොවන පිරිසක් යොදාගෙන කල මෙයට ඒතරම් මුදලක් ගෙවීම ලෝකයේ කතාබහට ලක්ව තිබුණත් චිත්‍රපටය නැරඹුවාම ඔබට තේරෙයි මෙහි ආධුනික බවක් නැති බව. කොහොමත් Netflix කියන්නෙ ආවටගියාට යමක් කරන අය නොවන අය නොවන බවත් අපි දන්නවනෙ.මෙය නරඹද්දි ඔබට මතක් වෙයි චිත්‍රපට දෙකක් එකක් තමයි The Iron Giant අනෙත් එක Big hero 6. චීන කැනඩා සම නිෂ්පාදනයක්ද වන මෙහි අධ්‍යක්ෂණය කෙවින් ආර් ඇඩම්ස් සහ ජෝ ක්සැන්ඩර්ගෙන්. හඩ දායකත්වය පිළිවෙලින් ජේසන් සඩේකිස් ( ජස්ටින් පින්), මයිකල් පෙන්යා (මොමෝ), ඩේවිඩ් ක්‍රොස් (ආචාර්ය ටැනර් රයිස් සහ Q-බොට්ස්), චාලින් යී ( මෙයි), කන්ස්ටන්ස් වූ (මොලී), කියානා ලෙඩ් (ග්‍රීන්වුඩ්), ජෝන් ක්‍රැසින්ස්කි ( 7723) වගේ ශිල්පි ශිල්පිනියන් පිරිසක්. කතාව පැත්තට යමු අපි දැන්..

තාක්ෂණය ඉතාම දියුණු කාලයක ජීවත්වෙන පුංචි ගැහැණු දරුවෙක් තමයි මෙයි කියන්නෙ. ඇය කුඩා කාලයේදීම ඇගේ පියා ඇයව සහ ඇගේ මව වන මොලීව තනිකරල යන්න යනවා. ඉතින් මේ තාක්ෂණය ඉතාම දියුණු කාලයේ මෙයිගේ මව තම තනිකම දුරලා ගන්නෙ රොබෝවෙක්ගෙන්, ඇත්තටම කිව්වොත් ලෝකයේ ජීවත්වන හැමදෙනාම එහෙමයි, හැමකෙනෙකුටම තමන්ගේම කියල පොඩි රොබෝවෙක් ඉන්නවා.. දැන් ඕගොල්ලො බලයි කවුද මේ රොබෝවරු කියල.. මේ රොබෝවරු IQ රොබෝටික්ස් සමාගමේ නිර්මාණයක් වන Q-බොට්ලා. ඔවුන් වසරින් වසර නව මාදිලි වෙලඳපොලට හඳුන්වාත් දෙනවා.හැබැයි මෙයිගේ අදහස තමන්ට ලැබිය යුතු තමන්ගේ මවගේ ආදරය මේ රොබෝවා විසින් උදුරාගෙන බව. මේ නිසාම මෙයි මේ ලෝකෙ අකමැතිම දෙයක් තියනවනං ඒ තමයි රොබෝවරු. කෙටියෙන් කිව්වොත් බොහොම සැර කේන්තිකාරියක් තමයි මේ මෙයි. ඔන්න මේ අතරෙ IQ රොබෝටික්ස් සමාගම නව Q-බොට් මාදිලියක් හඳුන්වා දෙන්නට යනවා ජෙන්-6 නමින්. ඉතින් මේ  හඳුන්වා දීමේ උළෙලට මෙයිගේ අම්මත් යනවා මෙයිවත් එක්කගෙන….ආ කියන්න අමතක වුණානෙ රොබෝලට අකමැති නිසාම මෙයි හුරතලේට ඇතිකරන්නෙ මොමෝ නම් බලු සුරතලෙක්. මේ තුන් දෙනාම තමයි උළෙලට යන්නෙ. හැබැයි එතෙන්දි වෙන පොඩි පටලැවිල්ලක් නිසා මෙයිට මුණගැහෙනවා මේ IQ සමාගම ඇතුලේ රහසේ නිර්මාණය කෙරෙන රොබෝවෙක්ව.. ඔන්න එතනින් තමයි කතාව හරියටම ආරම්භ වෙන්නෙ. එහෙනම් මම මින් එහාට මුකුත් කියන්නෙ නෑ, ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටවලට කැමති අයට මෙය වෙනස්ම අත්දැකීමක් වෙයි කියල බය නැතුව කියන්න පුළුවන්. මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම.

 

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 8595
  • File Size : 32.951KB
  • Sub Update :2021-01-08
  • wmcsubhash Unregister User
    Windows 10Chrome 68

    thanks saho sub ekata,niyamai,digatama krn yanna,jaya wewa!!

    2018-09-09 at 8:52 pm
  • pasindu Unregister User
    Windows 10Chrome 68

    sub ekata thanz bro jaya wewa

    2018-09-09 at 11:43 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 68

    නියමයි…සබ් එකට තැන්ක්ස්…downlaod කරලා තිබ්බේ…සබ් එකත් එකක්ම බලන්න පුළුවන් දැන්…

    2018-09-10 at 12:06 am
  • ane saho the magicians eke last epiya dennko season 3 13 episode eka,upasirsiyata sthuthiyi,budu saranayi!!

    2018-09-10 at 12:12 am
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    fatta tnx

    2018-09-10 at 1:54 am
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 65

    බොහොම ස්තූතියි සහෝදරයා මේ ෆිල්ම් එකෙ සබ් එක දුන්නට. PSA එකෙ දාලා තියෙද්දි නිකන් ගන්න ආස හිතුනා. ඊටපස්සෙ තමා ට්‍රේලර් එක බැලුවෙ. ඊටපස්සෙ කොහොමහරි අරගෙන බලද්දි ෆිල්ම් එකට ආස හිතුනා. ඇත්තටම කිව්වොත් මටත් ඔය ෆිල්ම් එක බලද්දි Big Hero 6 මතක් වුණා. කොහොමවුනත් ෆිල්ම් එකෙ උපසිරැසිය දුන්නට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය ❤️❤️

    2018-09-10 at 5:08 am
  • losaka Unregister User
    Windows 10Chrome 68

    Thank u bro !!!👍

    2018-09-10 at 6:22 am
  • Kumara Unregister User
    Android 8UC Browser 12

    Patta.thank

    2018-09-10 at 7:08 am
  • sajith kumara User
    Windows 10Firefox 61

    thanks

    2018-09-10 at 8:05 am
  • Madusha Unregister User
    Windows 10Opera 55

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2018-09-10 at 9:03 am
  • darshana01 User
    Windows 10UC Browser 7

    thanks saho low buget natuwa hoda film danna saho thanks

    2018-09-10 at 9:58 am
  • Mithun Unregister User
    Android 8Chrome 68

    තැන්ක්ස් සබ් එකට.සතිඅන්යේ වගේ අරම් බලන්න ඔනෙ😍

    2018-09-10 at 11:09 am
  • THE NEW FOLDER Unregister User
    Windows 7Firefox 63

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි……………

    2018-09-10 at 11:32 am
  • chamika Unregister User
    Windows 7Firefox 60

    thanks thankss

    2018-09-10 at 12:00 pm
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-09-10 at 6:47 pm
  • Mithun Unregister User
    Android 8Chrome 68

    Sicario: Day of the Soldado (2018) 720p AMZN WEB-DL 999MB තවත් පට්ට ෆිල්ම් එකක් වටෙන්ම ටොරෙන්ට් අඩවි වලට ඇවිත් තියෙනවා වගෙ. ඔයගෙසැටිස් එකට සෙට් නම් විතරක් සබ් එකක් දෙන්න බලන්න.. මෙකට imdb රෙටින් එක 7.3 ක් තියෙනව… Trailer එක පොඩ්ඩක් බලන්නකො මොකටත්

    2018-09-12 at 12:38 pm
  • Himantha Unregister User
    Android 5.1Chrome 68

    Sub ekata thanx.

    2018-09-12 at 12:50 pm
  • Ajith Lasantha Kumara Mallawa Arachchi Unregister User
    Windows 7Chrome 68

    thanks bro sub ekata

    2018-09-12 at 7:45 pm
  • S.K.Ruchiranga Unregister User
    Windows 10Chrome 68

    thzz sjub ekta

    2018-09-13 at 7:38 pm
  • Chamath Unregister User
    Android 8.1UC Browser 12.8

    සබ් එකට බොහෝම ස්තූතියි 🙏

    2018-09-14 at 10:47 am
  • silent$ Unregister User
    Android 4.4Chrome 67

    Thanxxxxx

    2018-09-14 at 3:36 pm
  • Tharaka Nimesh User
    Android 8UC Browser 12.9

    Film ekata thnx bro

    2018-09-16 at 8:39 pm
  • harsha tharuka User
    Windows 8.1Firefox 62

    tank you

    2018-09-20 at 7:07 pm
  • Lasantha rathnasiri Unregister User
    Android 4.4Chrome 69

    කතාව ලස්සනයි….tnx…..Gd luck..

    2018-09-23 at 8:44 pm
  • Sachith Unregister User
    Android 5.1Chrome 55

    Patta@# film eka machi

    2018-09-27 at 6:04 pm
  • viraj Unregister User
    Windows 10Opera 55

    niyamaaai😃

    2018-10-05 at 6:16 am
  • asitha Unregister User
    Windows 8.1Chrome 70

    Ela saho thanks

    2018-11-14 at 12:42 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *