Off Campus (2026–) [S01 : E01] Sinhala Subtitle
Ella Bright, Belmont Cameli, Mika Abdalla
අද මේ අරන් එන්නේ මෑතකදී ටිකක් හිට් උනු American High School type එකේ romantic, drama TV series එකක් අරගෙනයි.
මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Elle Kennedy රචිත Off-Campus පොත් මාලාවයි.
කතාව පටන් ගන්නේ මෙහෙමයි. බ්‍රයර් කියන විශ්වවිද්‍යාලයේ හොකී ටීම් එකේ කැප්ටන් තමා ගැරට් ග්‍රැහැම් කියන්නේ. හොකී කිව්වට අයිස් හොකී. විශ්වවිද්‍යාලය තුල හිටිය උනත් ග්‍රැහැම් කියන්නේ ජාතික මට්ටමට යන්න ඉන්න ක්‍රීඩකයෙක්. දැනටමත් සමාජ ක්‍රීඩා මට්ටමින් සහභාගී වෙන කෙනෙක්. අනික ග්‍රැහැම්ගේ තාත්තා කියන්නෙත් මේ සෙල්ලමේ කලින් හිටපු චැම්පියන් කෙනෙක්. ඒ නිසාම මේ ක්‍රීඩාව තමා ග්‍රැහැම්ගේ ජිවීතයම වෙලා තියෙන්නේ. කොහොම නමුත් ග්‍රැහැම්ට මූලිකවම ගැටලුවක් වෙලා තියෙන්නේ ක්‍රීඩා කටයුතු කරගන්න නම් ෆිලෝසෆි විෂය පාස් වෙන්න වෙනවා සුදුසුකමක් විදියට.
ඒ වගේම මේකේ කතා නායිකාව වන හැනා වෙල්ස් කියන්නේ ප්‍රධාන විෂයක් විදියට සංගීතය හදාරන කෙනෙක්. හැනාගේ ක්‍රෂ් එක වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාලයෙම ඉන්න ආටිස්ට් කෙනෙක්ට. ඒ තමා ජස්ටින්ට.
ඉතින් මේ ග්‍රැහැම් සහ හැනා කියන දෙන්නම එකට හදාරණ විෂයක් තමා ෆිලෝසෆි කියන්නේ. හැනා ඒ විෂයට දක්ෂ කෙනෙක්. ඒ නිසාම මේ දෙන්නා යම් ආකාරයක එකගතාවයක් ඇති කරගන්නවා. ඉතින් මේ එකගතාවය මොකද්ද සහ ඉන්පසු මොකද වෙන්නේ කියන එක ඔයාලට අද ඉඳන් නරඹන්න පුලුවන්.