Peaky Blinders (2013) [S02 : E06] Sinhala Subtitle
Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle
Peaky Blinders Season 2 Episode 6 (18+)
ආයුබෝවන්! ප්‍රමාද වෙලා නිසා හැමෝම මට බනිනවත් ඇති. ඇත්තටම මේ කොටස ගිය බදාදා තමයි දෙන්න හිටියේ. හැබැයි ඉතිං මගේ Portable Hard Disk එක අස්තානගත වීම නිසා සබ් එක ආපහු හදන්න සිද්ද වුනා. ඒකයි ටිකක් ප්‍රමාද වුනේ.
පහුගිය කොටස නම් ටොමී ඇතුලු ෂෙල්බි පවුලටම අවාසනාවන්ත කොටසක්නේ. සබීනි සහ ඇල්ෆි ආපහු එකතු වෙච්ච නිසා ටොමී එයා ලන්ඩන් වල ගොඩ නගා ගත්ත හැම දෙයක්ම ආපහු අහිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි බාර් එකක් ගිණි තියන්න උදව් වුන නිසා මයිකල් හිර බාරයට ගන්නවා. ඇල්ෆි විසින් මරා දමපු බිලී කිචන්ගේ මරණයට වැරදි කරු වෙන්නෙත් ආතර්. මයිකල්ව එලියට ගන්න පොලී ලොකු කැප කිරීමකුත් කරනවා. ඒත් මයිකල් ඒ ගැන සතුටකින් නෙමෙයි ඉන්නේ. ටොමී ග්‍රේස්ව හමු වෙනවා. ටොමී ඒ ගැන කියලා කැම්බල්ව කුපිත කරන්නත් අමතක කරන්නේ නෑ. කොච්චර ප්‍රශ්න ආවත් ටොමී තාමත් වැඩ කරන්නේ සැලසුමකට. ඒ සැලසුම් මොනවද ඒවා සාර්ථක වෙයිද කියලා අපිට අද දෙවෙනි සීසන් එකේ අන්තිම කොටසින් දැක ගන්න පුලුවන්. මේ කතා මාලාවේ 5 වෙනි කතාංගය අද ඉඳන් විකාශය වෙනවා. ඉතුරු සීසන් ටිකත් හැකි ඉක්මනින් ලබා දෙන්නම්.
මේ කොටස IMDB 9.6ක අගයක් ලබා ගෙන 2014 නොවැම්බර් මාසේ 06 වෙනිදා BBC නාලිකවේ විකාශය වුනා.
එහෙනම් ඊළඟ සීසන් එකෙන් ළඟදිම හමු වෙමු!!
Thank you for Season 1,2
Next Season tikath ඉක්මනටම දෙන්න. ස්තුතියි!
Thanx bn sub ekata ගුඩ් ලක්