Peaky Blinders (2013) [S02 : E01] Sinhala Subtitle
Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle
Peaky Blinders Season 2 Episode 1 (18+)
ආයුබෝවන් සති දෙකක විතර විරාමයකට පස්සේ Peaky Blinders කතා මාලාවේ දෙවෙනි සීසන් එකත් අරන් මම ආවා. දෙවෙනි සීසන් එක විකාශය වීම ඇරඹිලා තියෙන්නේ 2014 අවුරුද්දේ ඔක්තොම්බර් 02 දා. මේ කොටස IMDB වල 8.7 ක රේට් එකක් අරන් ත්යෙනවා.
පලවෙනි සීසන් එක කෙටියෙන් මතක් කර ගනිමු.
ආතර් ෂෙල්බි වැරදීමකින් රජයට අයිති බොහෝම වටිනා තුවක්කු වගයක් හොරකම් කරනවා. ඒ තුවක්කු හොයා ගන්න බෙල්ෆාස්ට් වල ඉඳන් කැම්බල් කියලා දක්ෂ නිලධාරියෙක් බර්මින්හැම් වලට එනවා. කැම්බල් තමන්ගේ රහස් නියෝජිතයෙක් ෂෙල්බිලට අයිති බාර් එකේ සේවිකාවක් විදියට එවනවා. වැරදීමකින් ලැබුනු තුවක්කු යොදාගෙන තෝමස් තමන්ගේ ව්‍යාපාර දියුණූ කරන්න ලොකු ප්ලෑනක් ගහනවා.
මේ සැලැස්ම කොච්චර සාර්තක වුනාද කියනවා නම්, කොච්චර දක්ෂ නිලධාරියෙක් වුනත් කැම්බල්ව බෙල්ල ළඟටම හිර කරන්න තෝමස්ට පුලුවන් වෙනවා. ප්‍රදේශයේ බලවත්ම බුකී කාරයා වෙලා හිටිය බිලී කිම්බර්ව තෝමස් කපටි කමෙන් ලං කරගෙන නීත්‍යානුකූල බලපත්‍රයක් පවා ලබා ගත්තා. තෝමස්ගේ සැලැස්මේ අන්තිම හරියෙදි ග්‍රේස්ගේ ඔත්තුව නිසා කැම්බල්ට තුවක්කු හොයගෙන්න පුලුවක් වෙනවා. තෝමස්ගේ හැම සැලැස්මක්ම වරදිනවා. තෝමස්ට විරුද්දව ඔත්තුව දුන්නත් තෝමස්ට ආදරය කරපු ග්‍රේස් පොලීසියෙන් තෝමස්ව ආරක්ෂා කරනවා. මේ මෙහෙයුම ඉතාම රහසිගත එකක් වුන නිසා කැම්බල්ට තෝමස්ට එරෙහිව මුකුත් කරන්න බැරි වෙනවා. හැබැයි විසෙන් විස නසන්න හිතපු කැම්බල්, තෝමස්ගේ බිලීට එරෙහි සැලැස්ම ගැන ග්‍රේස්ගෙන් තමන්ට ලැබුනු තොරතුරු බිලී කිම්බර්ට කියනවා. ඒක අහලා කෝප වුන බිලී තමන්ගේ මිනිස්සුත් අරන් බර්මින්හැම් වලට එනවා තෝමස්ව මරන්න. හැබැයි ඉතින් තෝමස්ව මරන්න ආපු බිලීට අන්තිමට වුනේ තෝමස්ගෙන් වෙඩි කාලා පරලොව යන්න. බිලීගේ ව්‍යාපාර ටොමී අයිති කර ගන්නවා. අන්තිමට ග්‍රේස් කවුද කියලා තෝමස් දැන ගන්නවා. ඇය තෝමස්ට ඇමරිකාවට යන්න කතා කරනවා. මේ අතරේ ග්‍රේස්ව මරන්න කැම්බල් දුම්රිය ස්තානයට යනවා. ඔන්න ඔහොමයි පලවෙනි සීසන් එක ඉවර වුනේ.
මේ සීසන් එකේදි අපිට Gypsy කියන වචනය ටිකක් වැඩියෙන් ඇහෙනවා.
Gypsy කියන්නේ රොමානි කියන ජන වර්ගයට. එංගලන්තේ මෙයාලව හදුනවන්නේ Gypsy කියලා. අපි අහිගුන්ඨිකයෝ කියන අයට සමානයි. මෙයාලා ජීවත් වුනේ කැරවෑන් වල. ඉතින් ෂෙල්බිලා රොමානිලගෙන් පැවත ආපු කට්ටියක්.
එහෙනම් ඉතිං දෙවනෙි සීසන් එක පුරාවට අපිත් එක්ක රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඊළඟ කොටසෙන් හමු වෙමු.
HDTV SUB FILE.
Thanks පුතී.. 🙏❤එනකං බලන් හිටියේ..
බොහොම ස්තුතියි සහෝ සබ් එකට !
අම්මෝ උබට පින් බන් ඉක්මනින් ඉතුරු ටිකටත් දෙමු
site ekata hamadama awith baluwa dalada dalada kyla thanks machoo
නියමයි…සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු…
Thnx bn❤️
thanx bro.. enakl balan hitiye
Digatama dapan machn
Thanku bn marilat payak adarei
Digtma sub eka demu❤️
Niyma wadk bro
Thanks bro
Good luck
Paeky blinders eke anitwa tikat ikmanta dahan bn.balan innawa.thanks
Ela machooooo
Ela ela macho