Peaky Blinders Season 2 Episode 3 (18+)
2014 ඔක්තොම්බර් 16 විකාශය වුන මේ කොටස IMDB රේට් එකේ 8.8 ක අගයක් ලබා ගන්න සමත් වුනා.
කලින් කොටස ඉවර වුනේ ෂෙල්බිලට එච්චර හොඳ විදියට නෙමෙයිනේ. ටොමී සබීනිගෙන් පහර කාලා බොහොම බරපතල විදියට තුවාල ලබලා රෝහල් ගත කරනවා. සබීනිගේ කට්ටියක් ඇඩාව පැහැර ගෙන ගියානේ. හැබැයි ඉතිං එයාලට වැඩි දුරක් යන්න වුනේ නෑ. ඇඩාගේ ආරක්ෂාවට ටොමී යොදවලා හිටිය අය ඇඩාව බේරා ගන්නවා. බොහොම බරපතල තාවාල ලබලා හිටපු ටොමීව බලන්න කැම්බල් එනවා. ඇවිත් ටොමීට පොඩි තර්ජනයකුත් දාලා ටොමීට වැඩකුත් බාර දෙනවා. තුවාල සනීප වෙන්නත් කලින් ටොමී රෝහලෙන් ඇවිත් කැම්ඩන් වල ඉන්න සබීනිගේ හතුරා සොලමන්ස්ව හම්බ වෙන්න යනවා. සබීනිගෙන් හොඳටම බැට කාලා ඉන්න සොලමන්ස් ටොමී එක්ක එකඟතාවයකට එනවා. ටොමී ඇඩාට සහ පොලීට අලුතින් ගෙවල් අරන් දෙනවා. මේ අතරේ ටොමී නගරයට එන්න හදන බව සබීනිට ඉව වැටෙනවා. සබීනී තමන්ගේ සගයට ටොමීව මරන්න අණ දෙනවා. ටොමී තමන්ට කැම්බල්ගෙන් ලැබුනු නියෝගය ගැන චර්චිල්ට ලියුමක් ලියනවා. ආනයන අපනයන කරන්න පුලුවන් බලපත්‍රයක් ටොමී චර්චිල්ගෙන් ඉල්ලනවා. ටොමීට බාර දුන්න වැඩේ කරගන්න ඕනි නිසා චර්චිල් ඒකට කැමති වෙනවා. පස්සේ ටොමී පොලීගේ අතුරුදහන් වුන පුතා හොයා ගෙන ගෙදරකට යනවා. හැබැයි ඒ ගෙදර අය ටොමීව පිලිගන්න කැමති වුනේ නෑ. මේ අතරතුරේ ආතර් එක්ක බොක්සිං ගහන්න ගිහින් පොඩි කොල්ලෙක් මැරුම් කනවා. පොලීට තමන්ගේ දරුවා ඉන්න තැන දැන ගන්න ඕනි වෙනවා. හැබැයි ටොමී කියනවා ඔහු ඇය ළඟට එනකම් ඉවසන්න කියලා. පොලී ඒකට අකමැති වෙනවා. මේ නිසා ටොමී එක්ක පොලී විරසක වෙනවා. පුපුරවලු ගැරිසන් බාර් එක තිබුනටත් වැඩිය හොඳට හදලා විවෘත කරන්න, ටොමී සාදයක් සුදානම් කරනවා. සාදය ඉවර වෙලා ගෙදර යද්දි පොලීට අමුත්තෙක් මුණ ගැහෙනවා. ඔන්න ඔහොමයි කලින් කොටස ඉවර වුනේ.
එහෙනම් මේ කොටසත් රස විදින්න. මීළඟ කොටසෙන් හමු වෙමු! ආයුබෝවන්!





Windows 7Chrome 75
බොහොම ස්තුත්යි සහෝ!
Windows 10Chrome 75
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Android 5.1Chrome 73
Pin ban ubata.patta tv series eka.machan ithuru series walatath kohomahari deepan
Android 7Chrome 75
Waddek nam..cuban movie ekak thiyanawa ..”una noche ” kiyala ..2012 movie eka release wela thiyenne ..sammana 20 k vithara aran thiyanawa …sinhala subtitles denna…
Windows 10Chrome 76
bohoom sthuthi..dn ayya nisa lankawa me kathawa gana dnnawa.. digatama karammoo
Windows 10Firefox 68
ela kollooooooooooooooooooooooooooooooo
Android 5.1Chrome 50
Niyama wedak