Peaky Blinders (2013) [S04 : E06] Sinhala Subtitle
Peaky Blinders S04 E06 (18+)
ආයුබෝවන් යාලුවනේ!
හැමෝම නොයිවසිල්ලෙන් බලන් හිටිය Peaky Blinders කතා මාලාවේ 4 කතා සමයේ අවසන් කොටසයි මේ. කලින් කතා සමයෙදි අත්අඩංගුවට පත් වුන ෂෙල්බි පවුලේ සාමාජිකයන් එල්ල මරන්න නියම වෙනවා. නමුත් ටොමීගේ සැලැස්ම අවසන් මොහොතෙදි ක්‍රියාත්මක වුන නිසා එයාලගේ ජීවිත බේරෙනවා. ඒ වුනත් ඇති වුන අමනාපකම නිසා ෂෙල්බි පවුලේ සාමාජිකයන් වෙන වෙනම ජීවත් වෙනවා. මේ අතර තුරේදි තමයි ආතර් අතින් ඝාතනය වුන චැන්ග්‍රෙටාගේ වැඩිමල් පුතා ලූකා චැන්ග්‍රෙටා ඇමරිකාවේ සිට ෂෙල්බි පවුලෙන් පලි ගන්න බර්මින්හැම් වලට එන්නේ. වෙන්න යන අනතුර කල් තියා දැනගත්තත් ටොමීට ජෝන්ගේ ජීවිතය බේරගන්න බැරි වෙනවා. ජෝන්ට අනතරු අගවන්න යන මයිකල් බරපතල තුවාල ලබලා රෝහල්ගත කරනවා. ඇතිවෙලා තියෙන තත්ත්වයට පිලියමක් විදියට ටොමී තවත් රුමානි වරයෙක් වන ඇබෙරාමා ගෝල්ඩ් කියන පුද්ගලයට තමන් සමග එකතු වෙන්න ආරාධනා කරනවා. මේ අදහසට සෑම දෙනාම අකමැති වුනත් ටොමීගේ තීරණය වෙනස් වෙන්නේ නෑ. ටොමී ගෝල්ඩ්ගේ පුතා Peaky Blinder කෙනෙක් විදියට බඳවාගෙන තමන්ගේ සටන්කරුවා බවට පත් කරගන්නවා. මේ අතරේ ආතර්ව මරන්න එන ඉතාලි ජාතිකයන් දෙදෙනෙක් ආතර් විසින් මරලා දානවා. මේ අතරේ ලූකව හමු වෙන්න යන පොලී මයිකල්,ආතර් සහ ෆින්ට හානියක් නොකරනවා නම් ටොමීව ලූකට දෙන්න පොරොන්දු වෙනවා. ඇත්තටම මේක උපායක් විතරයි. වසර කිහිපයකට කලින් ආතර් අතින් මිය ගිය බොක්සින් ක්‍රීඩකයගේ මව ආතර්ට තමන්ගේ නිවසට එන ලෙස ආරාධනා කරනවා.
මේක උඟුලක් තමයි කියලා හිතපු ටොමී ඇතුලු පිරිස ඒ නිවස ආසන්නයේ සූදානම් වෙලා ඉන්නවා. ඒත් ඇත්තටම ලූකා ඇතුලු පිරිස යන්නේ මයිකල් ඉන්න රෝහලට. නමුත් පොලී සමඟ එකඟතාවක් ඇති නිසා ඔවුන් මයිකල්ව නොමරා ඔහුට අනතුරු ඇඟවීමක් කරලා එතනින් යනවා. නමුත් ආපසු යන ගමනෙදි ලූකා ඇතුලු පිරිසට ඇබෙරාමා ගෝල්ඩ් විසින් පහර දෙනවා. මේ අතරේ ටොමීගේ හා ඇල්ෆි සොලමන්ස්ගේ සටන් කරුවන් අතර සටනක් සැලසුම් කරනවා. පොලී පොරොන්දු වුන පරිදි ලූකට ටොමීව බාර දෙනවා. නමුත් එය ටොමී සහ පොලී කරපු කපටිකමක් බව ලූකට වැටහෙන්නේ තමන්ගේ පිරිසෙන් තුන් දෙනෙක්ම ටොමී විසින් මරලා දැම්මට පසුවයි. සොලමන්ස්ව හමු වෙන්න යන ලූකා තමන්ගේ මිනිස්සුන්ව සටන දවසට බර්මින්හැම් වලට ගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා…
ඔය විදියට පසුගිය කොටස් පෙළගැහිලා තිබුනා.
මේ කොටස විකාශය වුනේ 2017 දෙසැම්බර් 20 වෙනිදායි. IMDB 9.5 අගයකුත් මේ කොටසට හිමි වුනා.
තැන්ක්ස් සබ් එකට.ඊලග සීසන් එක ඉක්මනටම ගෙනවද?
උපසිරැසියට බොහොම ස්තුතියි!
thanks for sub
Thanks Machan!! Much appreciated the effort and time you put in to this ❤️
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
thanx saho
Thanks broo season 5 ekath ikmanatama denna
Sub aka niyamai .ilaga season ake sub akath onee
ගොඩක් ස්තූතියි ❤️❤️
සීසන් එකේම සබ් ටික බාගත්තා බොහොම ස්තූතියි සහෝදරයා ජයෙන් ජයම වේවා.!
elama thanks saho sub ekata